SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාව අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ මූල්‍ය රෙගුලාසි කඩිනමින් අනුමත කර ගැනීම සඳහා

ලබන සතියේ හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවීමට යන බව දේශය පුවත්පත සඳහන් කර ඇත.

 

දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශාල කථිකාවක් මේ වනවිට ආරම්භ වී ඇති අතර මේ හරහා රාජ්‍ය බැංකු කඩාවැටීමක් සිදුවිය හැකි බවත් සඳහන්. කෙසේ වුවත් මහ බැංකුව මෙහිදී වැඩි පීඩනයක් තමන් වෙත යොමුකර ගනිමින් බැංකු සඳහා පීඩනය අවම කිරීමට සූදානම් බවකුත් එම සමාජ සාකච්ඡාවන්හි ඉදිරිපත් වන තවත් එක් මතයක්වී ඇත. එහෙත් ගැලවිජ්ජාවට කියන කරන දේවලින් විජ්ජාවල් පෙන්වීමට නොහැකි බවත් ඉහත කතිකාව තුළ නැගෙන චෝදනාවක්වී ඇත.

 

කෙසේ වුවද මෙම පාර්ලිමේන්තු රැස්වීම ඉදිරි සතියේ සෙනසුරාදා සහ ඉරිදා දෙදිනක සැසියක් ලෙස පැවැත්වෙනු ඇතැයි පාර්ලිමේන්තු  ආරංචි මාර්ග කියයි. මෙහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ දේශීය වශයෙන් විකුණා ඇති ‌ඩොලර් බිලියන 36ක්  පමණ වටිනා භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ ණයවලින් කොටසක් ප්‍රතිව්‍යුහගත කරනු ඇති බව දැනගන්නට ඇත.

ඇතැම් රාජ්‍ය බැංකු සහ විශේෂිත අරමුදල් විසින් මිලට ගත් බැඳුම්කර හා බිල්පත්වල පොලිය අඩු කිරීම හෝ ණය කාලය දීර්ඝ කිරීමටද ඉඩ ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි. ඒ සඳහා වන රෙගුලාසි මැතිසබයෙන් අනුමත කර ගැනීම සඳහා හදිසි මැතිසබා රැස්වීම කැඳවා තිබේ.

ඊට අමතරව මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත සම්මත කර ගැනීමටද රජය අපේක්ෂා කරයි. මේ අණ පනත් සහ රෙගුලාසි ජූලි මාසයට පෙර සම්මත කරගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත.

@පුවත් මූලාශ්‍රය -deshaya.lk