SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තම පියා වෙනුවෙන් ජනතාව ලබාදුන් 69 ලක්‍ෂයක ජනතාව වෙනුවෙන් ඒ ජනවරම ආරක්ෂා කිරීමේ අයිතියක් තමන්ට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ නිසා තමන් ඒ වෙනුවෙන් පෙනී සිටින බවද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන්ට අමාත්‍යධූර දීමේ වැරැද්දක් නැති බවත් ඒ පිළිබඳව තීරණය ජනාධිපති වරයා විසින් ගත යුතුව ඇති බවත් හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් තමන් අමාත්‍ය ධුරයක් බාර ගැනීමට කිසිදු කැමැත්තක් නැතැයිද ඒ මහතා පැවසුවේය.

මේ අතර එම 69 ලක්ෂයේ ජනතාව අරගලයක් කරන්නට පාරට බැහැපු වෙලාවේ එය මගහැර ගිය නාමල්ට 69 ලක්ෂය නැවත මතක් වී ඇත්තේ වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ස්තූති වන්නට බැව් ද දැන් යළිත් අළුගසා දමමින් කතා පවත්වන්නට හයියක් ලැබුනේ ඒ නිසා බැව්ද ජනපති රනිල්ට හිතවත් අරගල ක්‍රියාකාරීන් පවසයි.

කෙසේ වුවද හදිසි මැතිවරණයක් කැඳවුවහොත් පොදුජන එක්සත් පෙරමුණට විපක්ෂයේ කුඩා පක්ෂයක් ලෙස අසුන් ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති බවත්, එවන් හදිසි මැතිවරණයකදී ඉතිහාසයේ දරුණුතම පරාජයක් රාජපක්ෂවාදීන්ට හිමිවනු ඇති බවටත් දේශපාලන විචාරකයෝ මත පළ කරති.