SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ ප්‍රධානතම අමාත්‍යාංශ කිහිපයක අමාත්‍යවරුන්ගේ “වැඩ බැරිකම” නිසා කැබිනට් සංශෝධනයක් කඩිනමින් සිදුකිරීමට කටයුතු යොදන බව

ආණ්ඩුවේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරනවා.

 

ඇමති සංශෝධනයක් පිළිබඳ සාකච්ඡා පසුගිය සති කිහිපය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදුජන එක්සත් පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩු පක්ෂය සමග සිදුව ඇති අතර එහිදී පොහොට්ටු පක්ෂයේ කැපී පෙනෙන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට පමණක් අමාත්‍යධූර ලබාදෙන ලෙස බැසිල් ප්‍රමුඛ පොහොට්ටු නායකයින් විසින් ඉල්ලීමක් සිදුකර ඇත.

කෙසේ වුවද ජනාධිපතිවරයා පවසා ඇත්තේ පවතින දුෂ්කරතා සහ ආර්ථීක අර්බූධ මධ්‍යයේ කටයුතු කළ හැකි මන්ත්‍රීවරුන්ට පමණක් අමාත්‍යාංශ ලබාදෙන බවය.

 

ඒ අනුව වෙනස්විය හැකි අමාත්‍යාංශ  ලෙස අභ්‍යන්තර දේශපාලන ආරංචිමාර්ග මගින් සඳහන් කර ඇත්තේ සෞඛ්‍යය, ක්‍රීඩා, ජනමාධ්‍ය සහ අධ්‍යාපනය අමාත්‍යාංශයන්හි අමාත්‍යධූරයි.

 

එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න වෙත ලබාදීම අනීවාර්යය විය හැකි බවත් ජනමාධ්‍ය අමාත්‍යධූරය මනූෂ නානායක්කාර වෙත ලබාදෙනු ඇති බවත් ය. එහෙත් මනූෂ නානායක්කාර අමාත්‍යවරයා මේ වනවිට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස විශාල මැදිහත්වීමක් කරමින්  සිටින තත්වයක් තුළ ඔහුගේ අමාත්‍යාංශය වෙනස් කරලීම ආණ්ඩුවට පාඩුවක් බවයි එම අමාත්‍යවරයාට සමීපතම ආරංචිමාර්ග දක්වා ඇත්තේ.

 

මේ අතර ජනාධිපතිවරයාට ඉතා ආසන්නතම තොරතුරු මගින් වාර්තා වන්නේ දැනට පවතින අමාත්‍යාංශ 16ක පමණ අමාත්‍යවරුන් වෙනස්විය හැකිව ඇති බවයි. මෙහිදී විපක්ෂයෙන් එක්වන මන්ත්‍රීවරුන් 05 දෙනෙකුට අමාත්‍යධූර 05ක් නම්කෙරී ඇති අතර, ඒවා අතර සෞඛ්‍යය සහ අධ්‍යාපන අමාත්‍යාංශ ඇතුලත්. විපක්ෂයේ පස් දෙනාගෙන් තිදෙනෙකු, සමගි ජන බලවේගයෙනුත් තවත් දෙදෙනක් විපක්ෂයේ සෙසු පක්ෂ වලිනුත් පත් වන බව එහි සඳහන්.

 

මෙම සංශෝධණයන් හමුවේ බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ ජනාධිපතිවරයා වෙත යළිත් අවධාරණය කර ඇත්තේ වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති මත වැඩි අමාත්‍යධූර සංඛ්‍යාවක් තම පක්ෂයට ලබාදිය නොහැකි වුවද ඉදිරියටත් තම පක්ෂයේ සහායය ඔහු වෙත ලබාදෙන බවය.

 

බැසිල් රාජපක්ෂගේ මෙම කොන්දේසි විරහිත එකඟතාව පිලිබඳව අදහස් දක්වන විචාරකයින් පෙන්වා දෙන්නේ එයට හේතුව නම් හදිසියේ මහ මැතිවරණයක් කැඳවීමේ බලය වික්‍රමසිංහ ජනාධිපතිවරයා සතු වීම නිසා ඔහු   ගන්නාවූ තීන්දු තීරණ මත පොහොට්ටුවේ පැවැත්ම තීරණය වන නිසා බවයි.

 

හදිසි මහ මැතිවරණයක් පැවැත්වුවහොත් පොදුජන එක්සත් පෙරමුණට අත්වන්නේ ශ්‍රිලනිපයට අත්වූ ඉරණමට සමාන ඉරණමක් අත්වන බවටයි බොහෝ දේශපාලන විචාරකයින් අනතුරු හඟවා ඇත්තේ.