SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කාර්ය සාධනය දුර්වල අමාත්‍යංශය කිහිපයකම අමාත්‍යවරුන්ගේ විෂයපථ සංශෝධනය කිරීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සූදානමින්

සිටින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර ඇත.

ඒ අනුව නුදුරේදීම අමාත්‍ය මණ්ඩලය සංශෝධනයක් සිදු කිරීමට ඔහු සූදානමින් සිටින බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

 

අමාත්‍ය මණ්ඩල සංශෝධනය දිගින් දිගටම ප්‍රමාද වීමට හේතුවක් වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් පිරිස් විසින් අමාත්‍ය ධූරයන් ඉල්ලා සිටීම සහ ඉන් සමහරෙකුට අමාත්‍ය ධූර ලබාදීමට වික්‍රමසිංහ ජනාධිපතිවරයා අකමැති නිසා බවද වාර්තා වෙයි.

 

මේ අතර පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන්ට ඇමති ධුර ලබාදෙන ලෙස බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පොදු ජන පෙරමුණ විසින් පසුගිය කාලය පුරා  ජනාධිපතිවරයාට දිගින් දිගටම ඉල්ලීම් කර තිබිණි.

 

කෙසේ වෙතත් ආර්ථික අර්බුධ මධ්‍යයේ කටයුතු කළ හැකි මන්ත්‍රීවරුන්ට පමණක් අමාත්‍ය ධුර ලබාදීම සුදුසු බව ජනාධිපතිවරයාගේ අදහස වී ඇත.

ඒ අනුව ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ ක්‍රීඩා අමාත්‍ය ධූරවල සංශෝධනයක් බොහෝ දුරට ඉදිරියේදී සිදු වීමට ඉඩ ඇති බවද තවදුරටත් එම ආරංචි මාර්ග කියා සිටී.

මේ අතර විපක්ෂයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුටද  අමාත්‍යධුර ලබා ලබාදීමට ජනාධිපතිවරයා බලාපොරොත්තුවෙන් සිටින බව ද දැනගන්නට ඇත.

 

පුවත් මූලාශ්‍රය - lankacnews