SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොලිස්පති සී ඩී වික්‍රමසිංහ මහතාගේ සේවා කාලය එළැඹෙන 26 වෙනිදායින් අවසන්වීමට නියමිතය.

පසුගිය මාර්තු මස 26 වැනි දා විශ්‍රාම යාමට සිටි ඔහුට රජය විසින් මාස තුනක සේවා දිගුවක් ලබා දී තිබුණි.

මීළඟ පොලිස්පති ධුරය සඳහා දේශබන්දු තෙන්නකෝන්, නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, අජිත් රෝහණ, ප‍්‍රියන්ත වීරසූරිය යන නිළධාරීන්ගේ  නම් යෝජනා වී ඇති අතර මීළඟ පොලිස්පතිවරයා කවුදැයි අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව වාර්තා වේ.

පසුගිය වතාවේ මේ සඳහා දේශබබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නම මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් විසින් ජනාධිපතිවරයා වෙත යෝජනා කර තිබූවද අධිකරණයේ පවත්නා නඩු සමථයකට පත්කර ගන්නා ලෙස ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී ඇති බව වාර්තා විය.

මේ නිසා හිටපු පොලිස්පතිවරයාට මාස තුනක සේවා දිගුවක් ලබාදෙන ලද අතර මෙම මස 26 වැනිදායින් පසු එම සේවා දිගුව අවසන් වනු ඇත. ඒ අනුව ජනාධිපතිවරයා විදේශ සංචාරයක නිම කර මෙරටට පැමිණි පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යංශ ටිරාන් අලස් කියා සිටී.

පොලිස්පති ධුරයට ජනාධිපතිවරයා විසින් ගෙන එන යෝජනාවක් ව්‍යවස්ථා සභාව විසින් අනුමත කළ යුතු අතර ඉන් අනතුරුව  මීළඟ පොලිස්පතිවරයා පත්වීමට නියමිතය.