SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පහුගිය 17 වැනිදා බ්‍රිතාන්‍යට සහ ප්‍රංශයට සංචාරයක් සඳහා ගිහින්.

ප්‍රංශයේ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් පහුගියදා වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන නව ගෝලීය මුල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවේ කතාවක් කරන්න කියල ආරාධනා කරලලු.

 

ඔන්න මේ අතරේ සංචාරය පිටත්වෙන්න කලින් පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් ජනාධිපති රනිල්ව හමුවෙලා. ආයෙම නම් ඇමතිකම් ඉල්ලා ජනාධිපතිට බැගෑපත් වෙන්නෙ නැහැ කියපු කස්ටිය මෙන්න ආයෙත් හය දෙනෙක්ගෙ නම් යෝජනා කරලලු කොහොම හරි ඇමතිකම් දෙන්න කියල. ඒත් රනිල් ජනාධිපතිනම් කියල තියෙන්නෙ රටේ ආර්ථික ප්‍රශ්න විසඳගන්නකල් කාටවත් ඇමතිකම් දෙන්න බෑ කියල. ඒ උනාට මේ බැසිල්ගෙන් බේරෙන්න බැරි නිසා සංචාරය නිමා කරලා ආවට පස්සෙ ඒ වැඩේ කරල දාන්නම් කියලලු.

මෙන්න මේ ගැන ඊයේ එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික නම් ගම්පහ පැවති ජනහමුවකදී  කියල තිබුණේ,  පොහොට්ටුවේ  පිරිස් ආයෙමත් ඇමතිකම් ඉල්ලමින් ඉන්නවාය ඔවුන්ට ඇමතිකම් ලබා නොදුන්නා කියා කිසි විටෙක ආණ්ඩුව පෙරළිමටවත්, ආණ්ඩුව හැරදා යාමටවත් ඔවුන් කටයුතු නොකරනවාය කියලත්ය.

ඒකට හේතුව නම් හොඳටම පැහැදිලිය. අපි ඒ ගැන මීට කලින් ගොසිප් වලිනුත් ලිව්වේය.

පාඨලී ඒ ගැන කිව්වේ  ඔවුන් එවැනි දෙයක් සිදුකර ආණ්ඩුවෙන් ඉවත්වීමට කටයුතු නොකරන්නේ මැතිවරණයක් පැවැත්වුවහොත් ඔවුන් දේශපාලනයෙන් අතුගෑවී යන නිසාය කියලාය.

ඇත්තටම ජනාධිපති රනිල් මේක හොඳටම දන්නව. අපි මීට කලිනුත් කිව්වනේ දැන් තුරුම්පුව තියෙන්නෙ රනිල් අතේය කියල. ඒ උනත් රනිල් උත්සාහ කරන්නේ තමා ලිබරල් එතික්ස් රකින බව එලියට පෙන්වන්නටයි. හැබැයි ඔය කියන ඇමතිකම් දෙන එක පත්වීම් ලිපි අතට දෙනකල් ෂුවර් එකක් නැතිය. එහෙම දෙනවනම් මේ වෙද්දි සෞඛ්‍යය පිස්සු නටන හැටියට රාජිත සේනාරත්න ලොක්කට සෞඛ්‍ය අමාත්‍යාංශය බාරදීල තියෙන්නත් එපායැ නේද?

 

ඒ උනත් ඇමති පත්වීම් නොදුන්නට ආණ්ඩුකාර පත්වීම් ටිකනම් පහුගිය දවස්වල දුන්න කියල අපි දන්නව. ඒත් අපි බලාගෙන හිටියෙ එජාපයේ රංගෙ බණ්ඩාරට ආණ්ඩුකාර පත්වීමක් නොලැබුනෙ ඇයි කියලයි. මොකද රංගෙට ආණ්ඩුකාර ධුරය එනකල් මග බලාගෙන ඉන්න තවත් කෙනෙක් ඉන්නව. ඒ තමයි හිටපු මුදල් ඇමතිවරයෙක් වෙච්චි රවී. රවී කරුණානායක. රංගෙගෙන් හිස්වෙන යූඇන්පී මහලේකම් පුටුව රවීට ලැබෙන විදියටයි මේ සැළසුම සකස්කරල තිබුණෙ.

 

මොනවා උනත් මධ්‍යම පළාතට දාන්න හිටපු රංගෙට ආණ්ඩුකාරකම නැති උනේ ඇයි?

මේකට හේතුව slleader ගොසිප් එකට දැනගන්න ලැබුනෙ මෙහෙමයි. ඇත්තටම මහනායක හිමිවරුන් තමයිලු මේ පත්කිරීමට විරුද්ධ වෙලා තියෙන්නෙ. ඒ ඇයිද කියල සොයාගෙන යද්දි අදටත් අපේ රටේ දේශපාලනය පවා තීරණය වන පාරම්පරික සමාජ සාධකයක් ලු හේතුව. ඉතිං මහනුවර වංසයට ඉහළින් තියාගන්න බැරි  කිසිදු  කුල ගෝත්‍රයකට ඒ පළාතේ කිසිම අවස්තාවක් නැතිලු.

ගොසිප් එකකදි උනත් අපි මේ ඇත්තත් කියන්න ඔින. බුදු දහම බෞද්ධ දර්ශනයක් මත පදනම් උනු ආගමක් ය. ඒ දර්ශනයෙ කොයිම තැනකවත් කෙනෙක් තවත් කෙනෙක්ට වඩා උත්පත්තියෙන් උසස් හෝ  පහත් කියා සඳහන් නොකරන්නේය. කෙනෙක්  වසලයෙකු හෝ ශ්‍රේෂ්ටයෙකු වෙන්නෙ ඔහු කරනු ලබන  ක්‍රියාව මත බවයි බුදුන් වදාළ ධර්මය වෙන්නෙ. අපි පුංචි සන්දියේ ඔය අර්ථය ගෙනදුන් ගාථාව කටපාඩමින් කියන්නේය. ඒත් ඒ ධර්මය අදටත් ඔළුවෙන් හිටුවා වැඩකරන බව පෙනෙනවාය. ඉතිං උසස් යැයි සම්මත ප්‍රභූන්ගෙ පැටිකිරිය අනුව  ඒ ඇත්තන්ව කොහේ තියන්න පුළුවන්ද කියල අපේ මහනායක හිමිවරුන්ගෙන් අහන්නත් හිතෙනවා.  

ඇත්ත බොරු මොනව උනත් රංගෙට ඒ ඉරණම තමයි ලැබුනෙ කියලයි අපිට නම් ආරංචි උනේ. ඒත් ළඟදිම වෙනත් පළාතක් උන්නැහේටත් ලැබේවිලු.

මේ අතරෙ අගෝස්තු මාසෙදි යුඇන්පීයෙ පක්ෂ සම්මේලනය තියන්නත් හීන්සැරේම සැරසෙනව කියලත් ආරංචියි. ඒකෙදි නව පක්ෂ ව්‍යවස්ථාවක් අනුමත කරගන්නත් ප්ලෑනක් තියෙනවලු. ඔන්න ඉතිං සජබෙට ගියපු කට්ටියට ආයෙමත් තමන්ගෙ මහගෙදරට යන්න පුළුවන් අවස්ථාවක් එනවලු.

බලන් ඉමු නේ? ඔය අතරෙ තව රැළිම කීයක් නගින්න බහින්න පුළුවන්ද නේද?

 

#slleadergossip