SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මහින්ද රාජපක්ෂගේ එකම හිනය තමා ජීවතුන් අතර සිටින කාලය තුළම තම පුතු නාමල් මේ රටේ ජනාධිපතිවරයා කිරීම.

කොයි අප්පච්චිටද ඔය වගේ හීන නැත්තේ? ඔික ඉතිං මේ රටේ විධායක ජනාධිපති වුනු පියෙක්ගේ හීනය නොවැ.

ඒක වෙනුවෙන් තමයි ඔහු සහ ඔහුගේ හිතවතුන් දැන් කාලෙක පටන් සියළු සැලසුම් කරන්නෙ. රනිල් වික්‍රමසිංහට ජනාධිපති පුටුව මේ කාලය තුළ ලබා දෙන්නට කළ සැලසුමත් ඒකෙම කොටසක්.

 

අරගලය නිසා නාමල්ගේ ඉලක්කගත කාලය ටිකක් කල් ගියා. ‌ඒ හින්ඳ පොරොන්දු වූ දේශය පිලිසකර කරල නාමල් කුමාරයාට බාරදෙන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තව කාලයක් තියෙනවා. ඒ හින්ඳම 2024 ජනාධිපතිවරණ ඡන්දයක් අවශ්‍යම නැති වෙලා. කොහොමටත් ජයවර්ධන උන්නැහේගේ බෑණාවන්ටත් ඔය ඡන්ද වැඩ අරහං. ඒව සිද්ධවෙන සැම්පලේ දන්න හින්ඳ උන්දැටම ඒව ගැන හිනා යනවත් වෙන්ටැති. ඒ හින්ඳ ඒකට ඔය මොනව හරි ජිල්මාට් එකක් දමාවි.

 

මේ කොහොම උනත් දේශපාලන ලෝකයයි ආර්ථික ලෝකයයි පෑහෙන්නෙ නැති තරමට ඉස්සරහටත් මේ අර්බූධය දරුණු වෙනව කියල නාමල් පුතාට වටේ ඉන්න පඩිවරු ටික ටෝක් කරල. ඒක හින්ඳ මේ වෙලාවෙ හොඳම වැඩේ තමන්ට හිතවත් කට්ටියක් අරගෙන විපක්ෂයෙ වාඩිවෙලා විපක්ෂනායකකම අරගෙන ප්‍රැක්ටිස් කරන එක කියලලු තාත්ත අම්මගෙනුත් ලැබිච්ච උපදේසෙ. මොකද වෙලාවකට කොයිතරම් උපදෙස් දීගෙන උදව් කරනව වගේ පෙන්නුවත් රනිල් ලොක්කත් තඹේකට විශ්වාස කොරන්න බැහැයි කියලයි නාමල්ගෙ හිතවත්තු එයාට කියනවයි කියන්නෙ.

 

ඒ හින්ඳද කොහෙද නාමල් රාජපක්ෂ පහුගිය දවසක ආසන බලමණ්ඩල රැස්වීමකදි පොහොට්ටු පාක්ෂියන්ට මේ ගැන කියල තියෙනවා.

ඒත් තවමත් පක්ෂය කරන්නෙ කියන්නෙ මොකක්ද කියල තීරණය කොරන්නේ බැසිල් ලොක්ක නොවැ. බැසිල්ට නම් තවම වික්‍රමසිංහ හොද්දෙ බාගන්න තරම්  මාළු ඉන්නව කියල තමයි ආරංචිය. ඒ හින්ඳ දැම්මම නම් යන්න අදහසක් නෑලු.

ඒක හින්ඳ පහුගිය දාක  බැසිල් ලොක්ක  ජනාධිපති වික්‍රමසිංහව හම්බ වෙලා  කියල තිබුන රට ගොඩනගන්න  ජනාධිපති ගෙනියන වැඩපිළිවෙලට දිගටම සහාය දෙනව කියල.

මේව ඔක්කොම දිය යටින් ගින්දර අරගෙන යන තාලෙ දේශපාලන මගඩි හින්ඳ මේ මොකුත් නොවෙන්නත් පුළුවන් වෙන්නත් පුළුවන් කියලයි ඔන්න රටේ ලෝකෙ ඉන්න පොඩි පොඩි උන් කතා වෙන්නෙ.

#Gossip