SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර වැල්ලව පොලිසිය හිටපු ස්ථානාධිපතිවරයා බවත් ඔහු දේශපාලනයට ගෙන ආවේ තමන් බවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරයි.

 

මාධ්‍යවේදීන් හමුවේ අදහස් පළ කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

 

ආණ්ඩුව ඔබතුමාලට සලකන්නෙ නැද්ද?

ජනාධිපතිතුමා අපට අළුතින් සලකන්න දෙයක් නැහැ. ඕවා මාධ්‍යයෙන් යන කතන්දර.

 

ජනාධිපතිවරයාගේ හමුව මොකක්ද?

ජනාධිපතිතුමා එක්ක පක්ෂ නායකයෝ රැස්වීමක් තිබිල තියනව මම දන්නේ නැහැ ඒ ගැන. පක්ෂ රැස්වීමක් තියෙනවා. එතනදි මට දැනගන්න පුලුවන් මොකද සාකච්ඡා කළේ කියලා

 

ඇයි ඔබතුමාලා සදුදා රැස්වීමට ගිය නැත්තේ?

පසුගිය සදුදා කවුරුවත් ගියේ නැහැ. පක්ෂයෙන් කියලා තියෙන්නේ පක්ෂය හරහා කරන කැඳවීම් වලට පමණක් යන්න කියලා. එක ඉතාමත් හොඳ දෙයක්. නැතිනම් විවිධ විවිධ පුද්ගලයෝ මේවා සම්බන්ධය කරන්න ගත්තොත් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා.

 

රංගේ බණ්ඩාර ඔබතුමාට අරියාදු කරනවාද?

මට නම් අරියාදු කරලා නැහැ . එතුමා වැල්ලව හිටපු oic මහත්තයා එතුමා දේශපාලනයට ගෙනාවෙත් මම.

 

බැසිල් රාජපක්ෂ කියලා තියෙනවා එක්සත් ජාතික පක්ෂ එක්ක සුහදව වැඩ කරන්න කියලා නේද?

සුහදව නේ වැඩ කරන්නේ අපි. ජනාධිපතිතුමා කියන හැම දේටම අද වෙනතුරු අපි උදව් කරලා තියෙනවා. ජනාධිපතිතුමා පත් කෙරුවේ අපි. අපි පත්කරගත්ත ජනාධිපතිවරයා එක්ක සුහදව වැඩ කරන්නේ නැතුව වෙන කොහොමද වැඩ කරන්නේ.

 

සමගි ජන බලවේගය එක්ක එකට වැඩකරන කැමතිද?

අපෝ ඉතාමත් කැමතියි. ඒක තමා අපි කිව්වේ අපට තියන ඇමති තනතුරු දීලා හරි ආණ්ඩුව ශක්තිමත් කරගන්න කියලා. වැඩේ තියෙන්නෙ කවුරුත් එන්නේ නැති ප්‍රශ්නය තියෙන්නෙ.

 

ආණ්ඩුව විසුරුවනවාද?

ඡන්දවලට අපි හරි කැමතියි. ඕන මැතිවරණයකට අපේ පක්ෂය සූදානම්. එතකොට මේ ප්‍රශ්න ඔක්කොටම පිළිතුර ලැබෙයි. Facebook එකේ ආණ්ඩු හදාගෙන ඉන්න අයට සම්පූර්ණ පිළිතුරු ලැබෙයි. අපි නම් හරිම කැමතියි මැතිවරණයක් තියෙනවාට.

 

ටෙලිකොම් එක පෞද්ගලිකරණය කිරීම ගැන අදහස මොකක්ද?

ටෙලිකොම් පෞද්ගලීකරණය කරන එක ගැන සභාවේ තීන්දුවක් තියෙනවා මමත් එතන හිටියා. හැබැයි මම ඉන්න වෙලාවේ ඒ වගේ තීන්දුවක් ගත්තේ නැහැ. ජාතික ආරක්ෂාවට විරුද්ධව කිසිම තීන්දුවක් අපේ පක්ෂය ගන්නෙ නැහැ.

 

– Repoter lankaCnews