SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා නැවතත් ජනාධිපති ඡන්දයක් 2027 පසුවන තුරු නොපවත්වන බව පසුගියදා ශ්‍රී ලංකන් ලීඩර් වෙබ් අඩවිය මගින් වාර්තා කළේය.

ඒ අනුව බොහෝ දෙනා පැවසුවේ කව්රු මොනවා කීවද ලබන වසරේ ජනාධිපතිවරණයක් පවත්වන්නට සිදුවන බව ඒකාන්තය යනුවෙනි.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යන්නේ ද නැද්ද යන්න තීරණය කිරීම සඳහා ජනතාවගේ මතය විමසිය යුතු ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන කියා සිටියි.

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ද වසර 12ක පාලනයක් සඳහා  එකම ප්‍රතිපත්තියක් යටතේ රට ගෙන ගියේ ඒ ආකාරයෙන් බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසයි.

ජේ ආර් ජයවර්ධන විසින් 1982 දෙසැම්බර් 22 දිනදී, 1982 ශ්‍රී ලාංකික ජාතික ජනමත විචාරණය පවත්වන ලද්දේ, පාර්ලිමේන්තුවෙහි ආයු කාලය වසර 6 කින් දිගු කිරීමේ විකල්පය ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ලබා දෙනු සඳහාය. එය පළමුවන මෙන්ම, මෙතෙක් ශ්‍රී ලංකාවේ පැවැත්වුණු එකම ජාතික ජනමත විචාරණය වෙයි. 

1982 ඔක්තොම්බර් මාසයේදී, සය-වසරක නව නිල කාලයකට ජනාධිපති ලෙසින් තේරී පත්වූ, ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින්, මෙම ජනමත විචාරණය කැඳවන ලදි. 1983 අගෝස්තු මාසයේදී, එවකට පැවති පාර්ලිමේන්තුව කල් ඉකුත් වීමට නියමිතව තිබියදී, ජයවර්ධන මහතා මුහුණ දුන් ගැටළුව වූයේ, සාමාන්‍ය ලෙසින් මහා මැතිවරණයන් පැවැත්වුවහොත්, ඔහුගේ පාලක එක්සත් ජාතික පක්ෂය විසින් පාර්ලිමේන්තුව තුල භූක්තිවිඳිමින් සිටි අතිමහත් සුපිරි-බහුතරය අහිමි වීමේ අවදානමයි. ඔහු එබැවින්, පාර්ලිමේන්තුවෙහි අවයවයන් නොවනස්ව තබමින්, එහි ආයු කාලය දික් කිරීම සඳහා ජනමත විචාරණයක් යෝජනා කල අතර, එමගින් එක්සත් ජාතික පක්ෂය විසින් එහි තුනෙන්-දෙකක පාර්ලිමේන්තු බහුතරය පවත්වාගෙන යෑමට ඉඩ සලස්වා ගැනීමට සිතීය.

එදා ජයවර්ධන ජනාධිපතිවරයා කියා සිටියේ තමා ඇරඹූ වැඩසටහන් නිම කිරීමට, එවිට පැවති පාර්ලිමේන්තුව දිගටම පැවතීම අවශ්‍ය බවය. එබැවින් එහි වාරය දිගුකිරීමට ජනමත විචාරණය යෝජනා කලේය. ජයවර්ධන ජනාධිපතිවරයාගේ  ඒකාධිපතිමය පියවරක් ලෙසින් මෙම ජනමත විචාරණය විග්‍රහ කල විපක්ෂ දේශපාලන පක්ෂ විසින් ජනමත විචාරණයට දැඩි ලෙසින් විරුද්ධ වෙමින් ජනමත විචාරණය හරහා පාර්ලිමේන්තුවේ යෝජිත දිගුව පරාජය කිරීමට දැඩි ප්‍රයත්නයක යෙදුනි.

මැතිවරණයෙහිදී, ඡන්දදායකයන් වෙත ඉදිරිපත් කෙරුණේ පාර්ලිමේන්තුවෙහි ආයුකාලය දිගු කර ලීම සඳහා යෝජනාවක් වන අතර, “ඔව්” ලෙසින් හෝ “නැහැ” ලෙසින් ඡන්දය ප්‍රකාශ කරන මෙන් ඉල්ලා සිටිණි. මෙහිදී 'ඔව්' යන්න දැක්වීමට කලගෙඩියක'සලකුනක් ද'නැත යන්න දැක්වීමට ලාම්පුවක සලකුනක් ද යොදාගන්නා ලදී. බොහෝ ජනයා ට අමුතු සෙල්ලමක් වූ මෙය එදා හැඳින්වූයේ ලාම්පු කළගෙඩි සෙල්ලම  කියාය.  ප්‍රකාශිත ඡන්ද අතුරින් 54%ක  ප්‍රතිශතයක් එදා ඡන්දයක් පැවැත්වීමට අකමැත්ත පලකරමින් පාර්ලිමේන්තුවෙහි ආයු කාලය දිගු කිරීමට කැමැත්ත පල කළහ. එබැවින්, පැවැති පාර්ලිමේන්තුව, 1983 අගෝස්තු මස සිට බල පවත්වන පරිදී, තව වසර හයකින් දිගු කෙරුණු අතර, 1989 මහා මැතිවරණය පැවැත්වෙන තුරු එය සක්‍රීයව පැවතිණි.

මෙම ඉතිහාසයට අනුව යමින් 2048 දී ශ්‍රී ලංකාව දියුණු රාජ්‍යයක් කරා ගෙන ගෙන යාම සඳහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑම වෙනුවෙන්  එදා විධායක ජනාධිපතිවරයා වශයෙන් සිටි ජේ ආර් ජයවර්ධන ක්‍රියාකළ සේම ජනමත විචාරණයකට යමින් ධූර කාලයද  දීර්ඝ කරගත යුතු බවයි එක්සත් ජාතික පක්‍ෂ ආසන බලමණ්ඩලයක් අමතමින් වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා කියා සිටින්නේ.

මේනිසා ශ්‍රී ලාංකික පුරවැසියන්ට නැවත වරක් 'තමනට ඡන්දයක් අවශ්‍ය නැත යනුවෙනුත්, මේ සිටින පාලකයින් ඉදිරියටත් සුදුසුයැයි යනුවෙනුත්' තීරණය කිරීමේ දෛවෝපගත අවස්ථාව යළිදු හිමිවනු ඇත.