SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආණ්ඩු පක්ෂයේ නවක මන්ත්‍රීවරුන් සියලුම දෙනා පාහේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකිරීමට ඉදිරිපත්ව ඇති බව දේශපාලන ආරංචිමාර්ග වාර්තා කර ඇත.

2020 මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර 145ක් දිනාගත් අතර එයින් බහුතරයක් පළමු වරට පාර්ලිමේන්තු පැමිණි අයවලුන්ය. ඒ අතර  සුළු පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වුවත් බහුතරයක් තවමත් ආණ්ඩු පක්ෂය තුළ රැඳී සිටියි.

 

එමෙන්ම දැනට උද්ගතව ඇති පොහොට්ටු- එජාප විරසකය හමුවේ ඉදිරියේදී ආණ්ඩුව පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උද්ගත වී යම් හෙයකින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් වසර පහ සම්පූර්ණ නොවීම නිසා මෙම නවක මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් අහිමි වේ. මේ අනුව ආණ්ඩු පක්ෂයේ නවක මන්ත්‍රීවරුන් සියලු දෙනාම පාහේ ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා ජනාධිපතිවරයාට සහාය දීමට ඉදිරිපත්ව ඇත.

 

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ පිළිබඳව බැසිල් සහ නාමල් රාජපක්ෂලාව දැනුවත් කර ඇති අතර, මෙම නවක මන්ත්‍රීවරුන්ගේ අභිලාෂය අනුව තමන් කටයුතු කරන බවත් අනවශ්‍ය ප්‍රශ්න ඇතිකර ගැනීම යනු තමන් සියලු දෙනාටම විනාශය ගෙන දෙන්නක් බවත් අවධාරණය කළ බවයි තතු දත් ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

එහෙයින් සියලු දෙනාම එක්ව ආණ්ඩුව පවත්වාගෙන යාමට කටයුතු කරන්නැයි පවසා ඇති බවත් දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර ඇත.