SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පොහොට්ටුව තුළ මත දෙකක් සකස් වෙමින් තිබෙන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම අනාගත 'ජාතිකත්ව නායකත්වය' යළිදු ගොඩනගමින් තිබෙන බවට මත පලවෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් තම ටිවිටර් ගිණුමේ තබා ඇති පණිවුඩයක් මූලික කොටගෙන මෙම සාකච්ඡාව නැවත ඇරඹී ඇති බව පෙනෙන්ට ඇත.

 

Is it the State-Owned Enterprises Reforms Unit or the cabinet that determines restructuring? Either way, transparency and a clear approach are vital for successful restructuring. Let's prioritise tailored formulas, accountability, and fairness. #TransparencyMatters

— Namal Rajapaksa (@RajapaksaNamal) June 13, 2023

ප්‍රතිව්‍යුහගතකිරීම තීරණය කරන්නේ රජය සතු ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය ද? නැතහොත් කැබිනට් මණ්ඩලය ද? යනුවෙන් මෙහිදී නාමල් මන්ත්‍රීවරයා ප්‍රශ්න කර ඇත. ඔහු සඳහන් කර ඇත්තේ සාර්ථක ප්‍රතිව්‍යුහගතකිරීම සඳහා විනිවිධභාවය සහ පැහැදිලි ප්‍රවේශයක් අවශ්‍ය බවය.

මේ අතර ඊයේ ජනාධිපති වික්‍රමසිංහව හමුවූ බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටු පක්ෂයේ නායකයින් ජනාධිපතිවරයා හමුවේ පොරොන්දු වී ඇත්තේ තම පක්ෂය ඉදිරියටත් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වෙනුවෙන් සම්පූර්ණ සහෙයා්ගය ලබාදෙන බවයි.

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මෙම ට්විටර් පණිවුඩය සම්බන්ධව එක්සත් ජාතික පක්ෂෙය් සභාපති වජිර අබේවර්ධනද ගාල්ලේ පැවති ජනහමුවකදී පිළිතුරු ලබාදී ඇත. ඒ මාධ්‍යෙව්දියෙකු අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ, අපට ලෝකය සමග තරඟ කරන්නට තිබෙන බවත් මුළු දකුණු ආසියාවමත්, යුරෝපයත් මේ වනවිට තරඟකාරීත්වයකට ගොස් ඇති බවත්, ඒ නිසා ලංකාවද ඒ තරඟයට ඇතුල් වියයුතු බවත් ටෙලිකොම් සමාගම විකිණීම තුළින් මහජනයාට මේ කොටස්වල අයිතිය ලැබෙන බවත් ය. ඔහු වැඩි දුරටත් කියා ඇත්තේ මහජනයාට මෙම කොටස් සියල්ල ලබාදී එමගින් මහජනයා එහි ලාභ ප්‍රයෝජන ලබාගත යුතු බව ය.

 

මේ අතර මහාචාර්ය රොහාන් සමරජීව පසුගියදා විදුලි සංදේශ නියාමනය සම්බන්ධව අදහස් පළකරමින් කියා තිබුනේ එය විකිණීම මගින් ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නොවන බවය. (https://slleader.lk/social/7969-2023-06-13-20-29-42)

ඒ පිළිබඳව තම විරෝධය පලකරමින් අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර චෝදනා කරන්නේ විදුලි සංදේශ නියාමනය ගැන පමණක් දැනුම ඇති අදාළ මහාචාර්යවරයා ජාතික ආරක්ෂාව ගැන දැනුමක් හෝ විශේෂඥතාවක් ඇති අයෙකු නොවන බවයි. ‌ඒ නිසා තමා නොදන්නා ජාතික ආරක්ෂාව ගැන කතා නොකර සිටිනවානම් වඩා හොඳ බව සරත් වීරසේකර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

 

මේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳ සමාජ මාධ්‍යයේ මත පළකරන්නන් මේ වනවිට මේවා සියල්ල සංදර්ශන පමණක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි නිසිලෙස ක්‍රියාත්මක කිරීම සිදුවෙමින් පවතින බවත් ජනතා විරෝධයන් හා මැදිහත්වීම් මෙවැනි පිටපත් හරහා මෘදුකරණයට ලක් කෙරෙන බවත් සඳහන් කර ඇත.