SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන්  රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ශ්වයෙන් දිගින් දිගටම ජේෂ්ඨයන් කිහිප දෙනෙකුට අමාත්‍ය ධුර ලබා දෙන ලෙස එල්ලවන බලපෑම් හමුවේ ආණ්ඩුව පවත්වාගෙන යාමට බාධාකාරී තත්ත්වයන් ඇති වුවහොත් මෙම පියවර ගැනීමට සුදානම් බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් ඉකුත්දා කැඳවන ලද පොදුජන පෙරමුණේ හමුව සඳහා ද  මෙම අදාල ජේෂ්ඨයන් පිරිස සහභාගී වී නොමැත.

 

තුරුම්පුව දමා ගැසීම

මේ මොහොතේ මහ මැතිවරණයක් කරා ගියහොත් පොහොට්ටු පාර්ශ්වයට ලබාගත හැකි මන්ත්‍රී ආසන ප්‍රමාණය අවම වන බවත් ඒ අනුව දැනට විපක්ෂයේ පක්ෂවලට බහුතර මන්ත්‍රී ආසන ගණනක් ලබාගැනීමට අවස්ථාවක් උදාවේ. ඒ පිළිබඳ හොඳින්ම දන්නා බැසිල් පාර්ශ්වයේ බාධාකාරීත්වයන් නතර කිරීමට මෙම මැතිවරණ තුරුම්පුව දමා ගැසීමට ජනාධිපතිවරයා තීරණය කරන්නට ඇති බවයි විචාරක අදහස වී ඇත්තේ.

 

ජනපති රනිල් සමග ආණ්ඩුවකට සජිත් පිළ එකඟ වෙයි...

මේ අතර සමගි ජන බලවේගය පාර්ශ්වයෙන් ජනාධිපතිවරයාට දැනුම්දී ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයකින් පිහිටුවන තම ආණ්ඩුවක් වත්මන් ජනාධිපතිවරයා සමග කටයුතු කිරීමට සූදානම් බවයි.

නව ආණ්ඩුවක් යටතේ  තම පැරණි නායකයා වන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග ඉදිරි කාලය රට මෙහෙයවීමට සූදානම් යැයිද සමගි ජන බලවේගය  දැනුම් දී ඇත.

සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ජනහමුවක් අමතමින් කියා ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු පිහිටුවන නව ආණ්ඩුවක් යටතේ ජනාධිපතිවරයා සමග කටයුතු කිරීමට ඔවුන් සූදානම් බවයි.

මේ බව ජනාධිපතිවරයාට කිහිප වතාවක්ම දැනුම් දී ඇති බවත් ව්‍යවස්ථාව යටතේ වැඩ කිරීමට තම පක්ෂය සුදානම් බවත්  අත්තනායක මන්ත්‍රීවරයා පවසා ඇත..