SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මීළඟ මාස හය ඇතුළත ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන බවත් එහෙත් අනිවාර්යයෙන්ම  මහමැතිවරණයක් පැවැත්වීමට සිදුවන බවත්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසයි.

“ගොඩාක් අය ගොඩක් හීන දකිනවා, එහෙම ඒවා සැබෑ වෙන්නෙ නෑ නෙ. මේ රටේ ජනාධිපතිලා හිටියානෙ, මැරෙනකල් තමන් ජනාධිපති වෙලා ඉන්නවා කියලා හිතපු කට්ටිය. එහෙම වුණාද ? එහෙම වෙන්නෙ නෑ …. මම ඔබතුමන්ලාට අද කියන්නම්. ඔය කියන හදිසි ජනාධිපතිවරණයක් එන්නෙ නැත. මම අද කිව්වා කියලා ලියලා තියාගන්න ඉදිරි මාස හය ඇතුළත මහමැතිවරණයකට යන්නම වෙනවා. රාජපක්ෂ පවුල බලන්නේ – ඊළඟ ඡන්දය දිනන්න බෑ, ඒ නිසා පවුලේ ලොකු පුතා නාමල් කුමාරයාව කොහොමද විපක්ෂ නායක කරන්නේ කියලා. ඒකෙ පළවෙනි පියවර තමයි ඊයෙ තිබ්බෙ, ජනාධිපතිතුමාගෙ සාකච්ඡාවට ජ්‍යේෂ්ඨයො යන්නෙ නැතුව පළවෙනි සිග්නල් එක දුන්නෙ”

එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ (13) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.