SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය 12 වැනිදා ජනාධිපති කාර්යාලයට කැඳවා තිබූ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමට පොහොට්ටුවේ බහුතරය සම්බන්ධ වූ බව වාර්තා වෙයි.

ජනාධිපති කාර්යාලයේ ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍යධූර නොලත් ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහභාගි නොවුණ ද පොහොට්ටුවේ  වැඩි පිරිසක් එම හමුව සඳහා වී ඇත.

වර්තමාන දේශපාලන වාතාවරණය හා ආර්ථික තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම හමුව කැඳවා ඇත.

මේ අතර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසන්නේ මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගත යුතු, ගත හැකි සියලු ක්‍රියාමාර්ග ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වනවිට ගෙන ඇති බවයි. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දැනට ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල අනුව මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්කරනු  ඇතැයි ජනතාව තුළ ද  දැඩි විශ්වාසයක් පවතින බවය.

ඇමති ප්‍රසන්න මේ බව කියා ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් ක්‍රියාකාරීන් පිරිසක් සමඟ උඬුගම්පොළ, රෙජී රණතුංග සමරු සම්මන්ත්‍රණ ශාලාවේදී අද (14) පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

"අපි තවමත් පෙනී සිටින්නේ 69 ලක්ෂයේ ජනතාව වෙනුවෙන්. පවතින තත්ත්වය මත ඇමතිකම් නොලැබීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨයන්ට කලකිරීම් තියෙන්න පුළුවන්. මීට වසරකට පෙර රට තිබූ තත්ත්වය හා අද තත්ත්වය ගැන සංසන්දනය කරහම අපි එදා ගත්ත තීන්දුව නිවරදියි කියල දැනෙනවා. ඒ නිසා මේ වැඩපිළිවෙල ඉදිරියට කරගෙන යන්න දෙනව මිසක එතුමගෙ කකුලෙන් අදින්න හොඳ නැහැ කියල මම පුද්ගලිකව හිතනව. ඉදිරි මැතිවරණයකදී වැඩ කරන්නෙ කොහොමද කියල පක්ෂයක් විදියට අපි එතකොට බලමු.අපි මේ මොහොතෙදි හිතන්න ඕන රට ගැනයි.

ජනාධිපතිතුමා ජනප්‍රිය තීන්දු ගන්නේ නැහැ. ජනප්‍රිය තීන්දු අරගෙන විතරක් රටක් පාලනය කරන්න බැහැ. ඔහු තීන්දු තීරණ ගන්නේ රටේ අනාගතය ගැන හිතලයි. එතුමා 2048 ආර්ථික සංවර්ධනය ගැන කතා කරන්නේ සදාකාලික බලයේ ඉන්න නෙවෙයි. ඒ වෙනකොට රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අනුගමනය කළ යුතු මාර්ගය ඔහු දැනටමත් විවර කරල තියෙනවා. ඕක නොතේරෙන දේශපාලන අනාතයින් පිරිසක් අපිට මඩ ගහනවා. සංඛ්‍යා ලේඛන මත පදනම්වෙලා ආර්ථිකය හදන්න බැහැ. අයි.එම්.එෆ් එකට ගිහිල්ල හරි මේ ප්‍රශ්නය විසඳාගන්න ඕන. දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙල අනුව ඉදිරියේ දී රටේ ආර්ථිකය හොඳ තැනකට ගෙනේවි කියල ජනතාව තුළ දැඩි විශ්වාසයක් තියෙනවා.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ රාජපක්ෂවරු නෙමෙයි කියල ජනතාව දන්නවා. මේ රාජපක්ෂ විරෝධය අවුළුවන්නේ ඉතිහාසය දන්නෙ නැති අලුත් පරම්පරාව. අපි මේ පක්ෂය හැදුවෙ බොහොම අමාරුවෙන්. රනිල් වික්‍රමසිංහ මහත්තයට උදව් කරන්න ගත්තු තීන්දුව ඉතා හොඳ තීන්දුවක් කියල ගමේ ඉන්න අපේ පාක්ෂිකයො කියනවා.

 

පසුගිය වසරේදී යම් පසුබෑමකට ලක්වෙලා සිටියත් මේ වනවිට පක්ෂය නැවත ප්‍රතිසංවිධානය වෙමින් ගම් මට්ටමින්, දිස්ත්‍රික්ක මට්ටමින් සංවිධාන කටයුතු ආරම්භ කරල තියෙනවා. ජනතාව තවමත් අපිත් එක්ක ඉන්න නිසා ජනතාව අතරට යන්න අපිට කිසිම බයක් නැහැ. ශ්‍රී ලංකා පොදුජන ඕනෑම මොහොතක, ඕනෑම මැතිවරණයකට ලෑස්තියි. ඒ නිසා සියයට තුනේ මල්ලිලා කියන ඒව ගණං ගන්නෙ නැහැ.

 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විනාශයට වගකිව යුතු අපිත් එක්කම හිටපු උගත්, බුද්ධිමත් වියත්තුටික දැන් සජිත් ප්‍රේමදාසගේ පස්සෙන් දුවනවා. ප්‍රායෝගික දේශපාලනය දන්නෙ නැති, සාමාන්‍ය මිනිහගේ ගඳ සුවඳ නොහඳුනන මහපොලවේ ජීවත්වෙන්න බැරි ඔය වියත්තු එක්ක එකතුවීමම  තමයි සජිත්ගේ විනාශයට හේතුවේවි. ඒ නිසා ඔය වියත්තුන්ගෙන් පරිස්සම් වෙන්න කියල මම විපක්ෂනායකතුමාට කියනවා”

 

මූලාශ්‍රය  - ලංකා සී නිවුස්