SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නන්දලාල්ට උවමනා වුනේ ආර්ථිකය හකුළන්නයි, මෙහෙම උද්දමනය බින්දුව කරන්න අපටත් පුළුවනි.

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාට උවමනා වූයේ ආර්ථිකය හකුළුවා ඒ හරහා මිලදී ගැනීමේ හැකියාව අඩු කිරීම බව ජාතික ජන බලවේගයෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

ඒ හරහා ජනතාව අතට මුදල් ගලා ඒම අඩු වී වූ විට වෙළෙඳ පොළෙන් බඩු මිලදී ගැනීම ද අඩුවන බවත් හෙතෙම පැවසීය.

වෙලදපලේ ඉල්ලුම අඩු වූ විට උද්ධමනය පහළ බසින බවත් එයාකාරයෙන් කිසිවකු බඩු වෙළෙඳ පොළෙන් මිලට නොගෙන සිටියහොත් උද්ධමනය බිංදුව දක්වාම පහත දැමිය හැකි බවද හෙතෙම සඳහන් කළේය.

ලෝකයේ කිසිම රටක මහ බැංකු අධිපතිවරයෙකු ආර්ථිකය හකුළුවන බව ප්‍රකාශ කරන්න නැති බවට ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

මේ වන විට ඩොලරයේ අගය පහළ බසිමින් ඇත්තේ අස්වාභාවික ලෙස බවත් මෙම සිදුවීම ආර්ථිකයෙහි ඇතිවන පරිවර්තනයක ප්‍රතිඵලයක් නොව ඉහළින් ඇති කරන ලද අස්වාභාවික ප්‍රතිඵලයක් බවත් හෙතෙම කියා සිටියි.

ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

@lankacnews

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි