SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනපති  - පොහොට්ටු හවුල දෙදරවමින් ඊයේ (12) පැවති පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර පවත්වන්නට යෙදුනු රැස්වීමට

පොහොට්ටු දිස්ත්‍රික් නායකයින් සහභාගී නොවීම පිළිබඳව ලංකා සී නිවුස් වෙබ් අඩවිය පුවතක් වාර්තා කර ඇත.

එම වාර්තාවට අනුව කියා ඇත්තේ,

 (12) දින කැබිනට් අමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් ජනාධිපති ලේකම් කාර්‍යාලයට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට කැදවා තිබුණත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් රැසක් එම සාකච්ඡාවට සහභාගී වී නොමැති බවත් ය.

 

Ranil Basil hits 2

“ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් අද (12) දහවල් මුණ ගැසුණු අතර ජනාධිපතිවරයා සමග වූ රැස්වීම සදහා සහභාගී නොවීමට තීරණය කර ඇත.

මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂටද දිස්ත්‍රික් නායකයින් පවසා ඇත්තේ පක්ෂය වෙනුවෙන් සාකච්ඡා හා රැස්වීම් වලට සහභාගීවීමට හැකි බවත් ජනාධිපතිවරයා, නිලධාරීන් හෝ අමාත්‍යවරුන් කැදවන සාකච්ඡා සදහා සහභාගී නොවන බවත්ය.

ජනාධිපතිවරයා නොව කවුරු කැදවීමක් කලත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් දැනුවත් කර කලයුතු බව මෙහිදී ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.

විශේෂයෙන්ම දේශපාලනික කරුණු පිලිබදව සාකච්ඡා කරන රැස්වීම් සදහා මෙසේ පක්ෂය හරහා මන්ත්‍රීවරු දැනුවත් කල යුතු බව අවධාරණය කර ඇත”

 

මේ පිළිබඳව පසුගියදා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම්ද ජනාධිපතිවරයා ඉදිරිපිටදීම පවසා තිබුණේ සන්ධානයේ පක්ෂ සාමාජිකත්වයන් හමුවීමේදී තම පක්ෂ නායකයින් අදාළ කාරණාව පිළිබඳව දැනුවත් කිරීමෙන් පසු පක්ෂය විසින් එම රැස්වීම්වලට සහභාගී වීම පිළිබඳ තීරණය ගන්නා බවකි. 

lanza 750x375

එහෙත් පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ටයින් කිහිප දෙනෙක්ම මේ වනවිට තම පක්ෂ නායකත්වය අභිබවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්ව කටයුතු කරන බව මේ වනවිට පොදුජන පෙරමුණේ නායකයින්ද දැනුවත්ව සිටින අතර ඒ පිළිබඳව පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අවුලට පත්ව ඇති බවටද මාධ්‍ය වාර්තා පළවී තිබුනි.

 

rani basil hits 3

 

කෙසේ වුවද රනිල් වික්‍රමසිංහ යනු මෙවැනි පක්ෂ සම්බන්ධතා කඩා බිඳ දමා බල දේශපාලනය හසුරුවන්නට ශූරයෙකු බව ඉතිහාසය පුරාම වාර්තා ඇති බවයි බොහෝ විචාරකයින්ගේ අදහස වී ඇත්තේ. ඒ අනුව බැසිල් රාජපක්ෂගේ  සහ රාජපක්ෂවරුන්ගේ ඒ සම්බන්ධ විරෝධතාවන්ගෙන් ප්‍රතිඵලයක් නොවන බවටත් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපතිවරණ  මැතිවරණයක් නොපවත්වා 2027 අවසන් වනතුරුද බලයේ රැඳී සිටිනු ඇති බවත් බොහෝ දේශපාලන විචාරකයින්ගේ අදහස වී ඇත. මේ තත්වය දැන සිටින බොහෝ පොහොට්ටු ප්‍රබලයින් ජනපති රනිල් වටා රොක් වීම නොවැලැක්විය හැකි වනු ඇත.

FZahapfXgAANRPW 1002x680

 

එසේම මේ වනවිට සමගි ජන බලවේගයද වේගයෙන් ඔවුනට සුපුරුදු රනිල් නායකතුමා වටා එක්රොක් වෙමින් සිටින බවද පසුගියදා හර්ෂ ද සිල්වා කෝපා කමිටුවේ සභාපති ධුරයට යෝජනා කරමින් ජනපති වික්‍රමසිංහ තම සුපුරුදු තුරුම්පු භාවිතය ඇරඹූ බවද මේ ක්‍රියාවලිය තුළ රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා හරහා විශාල වැඩ කොටසක් සිදුකරගන්නා බවද සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක්ව ඇත.

 

මේ අතර පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කර තිබුණේ  තම පක්ෂ මන්ත්‍රීවරුන් සහ ජේශ්ඨයින් ගෙන්වා ගැනීමට අවශ්‍යනම් පක්ෂය දැනුවත් කරන ලෙසයි.

 

ranil basil hits 5

 

එහි ප්‍රතිඵලයක් ලෙස පොහොට්ටුවේ ප්‍රබලයින් වන ප්‍රසන්න රණතුංග නිමල් ලන්සා ජනපති රනිල් වෙනුවෙන් නව දේශපාලන කාර්යාලයක්ද බුලර්ස් මාවතේ පිහිටි රජයේ නිල නිවසක පවත්වාගෙන යන බවත් එහි සිට පො‌දුජන පෙරමුණේ දේශපාලන සාමාජිකත්වය ඒකරාශී කරන බවටත් මේ වනවිට මාධ්‍ය වාර්තා මගින් හෙළිකර ඇත.