SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාත්‍යන්තර මලල ක්‍රීඩා ප්‍රධානීහු මේ වන විට ශ්‍රී ලංකාව රන් පදක්කම් දෙකක් සමඟ පදක්කම් පහක් දිනූ ආසියානු සූරතාවලියේ ජයග්‍රහණ ගැන මෙන්ම

එම අවස්ථාවේදී ක්‍රීඩාවේ දේශපාලන බලධාරීයාව සිටින අමාත්‍යවරයා යටතේ තිබෙන අමාත්‍යංශයේ හැසිරීම සම්බන්ධයෙනුත් අවධානය යොමු කර තිබෙන බවට ආරංචි පැතිරෙනවා.

එහිදී ක්‍රීඩා අමාත්‍යංශය වෙනුවෙන් ජාතික ක්‍රීඩා සභාව මලල ක්‍රීඩා සංගමය නම් කර යවන ලද නම් දෙකක් ඉවත් කිරීමට කටයුතු කිරීම ඔවුන් දකින්නේ මලල ක්‍රීඩා සංගමයේ ස්වාධීනත්වයට හානි කර දෙයක් හැටියටයි.මේ සංචාරය සඳහා ක්‍රීඩා අමාත්‍යංශය ශත පහක වියදමක් ද දරා නැති තත්ත්වයක ඒ ආකාරයෙන් හැසිරීම දේශපාලන බලධාරියා යටතේ පවතින ක්‍රීඩා අමාත්‍යංශයෙන් එල්ල වූ බලපෑමක් වන්නේ එම තීරණය ගෙන ඇත්තේ අමාත්‍යවරයාගේ ක්‍රියාවන් පහසුවට පත් කරගෙන තිබෙන ජාතික ක්‍රීඩා සභාව විසින් වීමත් ජාත්‍යන්තරයේ අවධානය යොමු වන්නට හේතුවක් වී තිබෙනවා.

ක්‍රීඩා පණතේ අරුත් ගන්වා තිබෙනාකාරයට ජාතික ක්‍රීඩා සභාව යනු, අමාත්‍යවරයාට ශ්‍රර්‍ ලංකාවේ ක්‍රීඩාව දියුණු කිරීම,සංවර්ධනය කිරීම සහ පාලනය කිරීම යන කාරණා ඔස්සේ උපදෙස් දීමට පත් කරන කණ්ඩායමක නියෝජනයයි. ඒ අනුව මේ තත්ත්වය ජාත්‍යන්තරය දකින්නේ වැරදි අත පෙවීමක් ලෙසයි.

ක්‍රීඩා අමාත්‍යංශය මුදල් අනුග්‍රහය හෝ කිසිවක් ලබා නොදෙන්නේනම් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමය යටතේ පවතින ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ක්‍රීඩා අමාත්‍යංශය වෙත යන්නේ කුමන හේතුවක් මතදැයි මලල ක්‍රීඩා සංගමයේ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කරන තරමට ජාත්‍යන්තර වශයෙන් මේ සිදුවීම බල පා තිබෙනවා.


මෙම සංචාරයට මලල ක්‍රීඩා සංගමය නම් කරන ලද කළමණාකරු මලල ක්‍රිඩා සංගමයේ උප සභාපතිවරයෙකු මෙන්ම,වෙළද සේවා මලල ක්‍රිඩා සංගමයේ සභාපතිවරයාද වෙනවා.කණ්ඩායම වෙනුවෙන් නිල ඨීෂර්ට් එක පවා නිර්මාණය කරන්නේ ඔහුගේ මුදලින් අර්ජුන කපා දමන්නේ ඔහුයි.ක්‍රීඩා අමාත්‍යංශයෙන් කිසිඳු මුදලක් නොදෙන තත්ත්වයක අනුග්‍රහයක් දැක් වූ නිලධාරියා කපා දමනවා.

එසේම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් මලල ක්‍රීඩා ජයග්‍රහණ ගෙනා ක්‍රීඩිකාවක් මෙන්ම වර්ථමානයේ දක්ෂ පුහුණුකාරියක ද වන සුනේත්‍රා කරුණානායක ශාරීරික අභ්‍යාස ගුරුවරියක් වන අතර ඇය සාමාන්‍යයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් කාන්තා කණ්ඩායම් භාර නිලධාරිනිය ලෙස නම් කර එවා තිබුණේ පාසල් ශිෂ්‍යාවන් සහභාගි වන නිසයි.නමුත් අර්ජුන ඇයව ඉවත් කරන්නේ එසේ ගුරුවරියක් නම් නොකර යැවීම නිසා කොළොම්ඹියාවේදී ක්‍රීඩිකාවන්ට වගකීමට නිලධාරිනියක් නොසිටීමෙන් ඇති වූ අර්බුදයද නොසළකායි.එහිදී කොවිඩ් ආසාධනය වීමෙන් ගැටළුවට මුහුණ දුන් ක්‍රීඩිකාවන වන තරුෂි කරුණාරත්න මේ කණ්ඩායම සමඟ තරගාවලියට සහභාගි වෙද්දී හෝ ඒ තත්ත්වය සිහියට නොපැමිණීම ගැටළුකාරියි.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ මේ ජාතික ක්‍රිඩා සභාවේ අධ්‍යාපන අමාත්‍යංශයේ මලල ක්‍රිඩා භාර ව්‍යාපෘති නිලධාරිනය වන ශ්‍රියාණි කුලවංශ ද සිටින අතර අඩුම තරමේ අර්ජුන මේ තීරණය ගැනීමේදී ඇයගේ හෝ උපදෙස් නොපතා ඒකාධිපති ආකාරයට මේ තීරණය ගත්තේ ද යන්න ගැටළුවක්.ශ්‍රියාණිට වඩා ජ්‍යෙෂ්ඨ ඇයගේ පළාතම නියෝජනය කළ මලල ක්‍රිඩිකාවක් වන සුනේත්‍රා ගැන ශ්‍රියාණි දන්නා අතරම,ගුරුවරියකගේ සහභාගීත්වයේ වැදගත්කමද සහ ඒ සම්බන්ධ වන චක්‍රලේඛයද ඇය හොඳින් දන්නා බැවින් අර්ජුනගෙන් මෙවැනි ගැටළුකාරි තත්ත්වයක් නිර්මාණය නොවන්නට තිබුණා.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේද අවධානය යොමු වී තිබෙන බව දැන ගන්නට ඇති අතර ඔහු ඒ සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයෙන් සිටින බවත් වාර්තා වෙනවා.එසේම ඉදිරියේදී සිය අමාත්‍යංශයේ නිලධාරිනියක ද ජාතික ක්‍රිඩා සභාවේ සිටින බැවින් ඇයගෙන් මෙවැනි තත්ත්වයන් ඇති වීම සම්බන්ධයෙන් කරුණු විමසීමක් කිරීමට ද නියමිත බව දැන ගන්නට ලැබෙනවා.
අර්ජුනට මේ කාරණය නිවැරදි කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාගෙන්ද උපදෙස් ලැබී ඇතත් ඔහු තමන්ගේ මතයේම දැඩි ලෙස සිට තිබෙනවා.අධයාපන අමාත්‍යංශය නොසළකා හරිමින් ක්‍රිඩා අමාත්‍යංශය කටයුතු කිරීමක් මෙන්ම ක්‍රිඩා අමාත්‍යංශය කිසිදු වියදමක් නොදරමින් සංචාරය සඳහා වියදම් දරන පුද්ගලයෙක් ඉවත් කිරීමට කටයුතු කරමින් පුහුණුකරු ධූරය සහ කළමණාකරු ධූරය එක් අයෙකුට පැවරීමෙන් ද ක්‍රීඩා අමාත්‍යංශය කර ඇත්තේ විශාල වරදක්.

හොඳම උදාහරණය මීටර් 800 ඉසව්ව නිමා වී පැය එක හමාරකින් පමණ පැවත් වූ මිශ්‍ර මීටර් 400 තරගයේ ශ්‍රී ලංකාව දිනූ රන් පදක්කම අපට මේ තීරණය නිසා අහිමි වන්නටත් තිබුණා.මන්ද සහය දීවීමේ ඉසව්වට පැය එක හමාරකට පෙර අවසානයට තරගයට සහභාගි වන කණ්ඩායම භාර දීම කළ යුතුව තිබුණා.මීටර් 800 ඉසව්ව නිමා වී එය ජයගත් තරුෂිගේ පෞද්ගලික පුහුණුකරු වන සුසන්තට ඇය ගැන අවධානය යොමු නොකර තරගය සඳහා නාම ලේඛණය භාර දීමට යා යුතුව තිබූ අවස්ථාවේ අනෙකුත් පුහුණුකරුවන් තරුෂිගෙන් අසා ගෙන ඇයට පුරුදු සහ අවශ්‍යය අයුරින් එම කාරණය ඉටු නොකරානම් අපට රන් පදක්කම් දෙකක් ගැන සඳහන් කරන්නට නොලැබෙන්නටත් තිබුණා.

 

ක්‍රිකට් තරගයක මෙන් තරගයක් පුරා එක දිගට ගලා යන තත්ත්වයක් නැති අතර මලල ක්‍රීඩාවේදී ඉසව්වෙන් ඉසව්වට යම් යම් කාරණා වෙනස් වෙනවා.ක්‍රිකට් තරගයකදී එවැනි අවස්ථා හමුවන්නේ ඉද හිටයි.මේ නිසා මලල ක්‍රිඩාව වෙනුවෙන් තරගාවලිය කළමණාකරණය කර ගැනීමට පහසු පරිදි මලල ක්‍රීඩා සංගමය ගත් තීරණය,අමාත්‍යංශයෙන් ශත පහක වියදමක් සිදු නොකරත් කාබාසිනියා කිරීමට අර්ජුන ගත් තීරණය නිසා මේ වන විට ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවටත් ජාත්‍යන්තරයෙන් යම් රතු සංඥාවක් වැටි තිබෙනවා.

විශේෂයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ මැදිහත්වීම ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ මැදිහත්වීමටත් පෙර සිදු විය හැකියි.ඔහු මේ වන විටත් ක්‍රීඩා අමාත්‍යවරයාට සිය අමාත්‍යංශයෙ චක්‍රලේඛවලට පිටින් පාසල් ළමුන් සංචාර සඳහා යොදා ගන්නේනම් කිසිඳු ළමයෙකු එවැනි සංචාර සඳහා ලබා නොදෙන බව දන්වා ඇත.ජාත්‍යන්තර වශයෙන් එවැනි හිස් තැනක් ඇති වුවහොත් ජාත්‍යන්තර මලල ක්‍රිඩා සංගමය දැනටමත් හඳුනාගෙන තිබෙන දේශපාලන බලපෑම තහවුරු වනු ඇති අතර ඒ අනුව ක්‍රිඩා අමාත්‍යවරයා මේ වන විට සිටින්නේ ලංකාවේ වැඩිම පිරිසක් සහභාගි වන සහ ශ්‍රී ලංකාවට වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් හිමිවන මලල ක්‍රීඩාවද තහනම් විය හැකි මට්ටමකට ඇඳ ගෙන ඇවිත්ය.ඉන් පසු ඔහු ක්‍රීඩා සංගම්වලට නිලධාරීන්ට දේශද්‍රෝහී යනුවෙන් අපහාස උපහාස කරනු ඇත.ක්‍රීඩාවට ස්වාධීනව පැවතිය හැකි අභිමානයක් නැති කරන්නට සිය උපදේශක මණ්ඩල ද යොදා ගෙන ක්‍රීඩා අමාත්‍යවරයා කරගෙන යනු ලබන උද්ධච්ඡ ක්‍රියාවලිය අවසාන වන විට ඔහු ශ්‍රී ලංකාවේ තවත් ක්‍රීඩා කීයකට ජාත්‍යන්තර වශයෙන් දොර වසයි ද යන්න දන්නේ ඔහු සහ ඔහුගේ වටේ සිටින පිරිස පමණය.

නාමල් රාජපක්ෂ ක්‍රීඩා පණතේ කිසිවක් තඹයකට මායිම් නොකර ඔහුට අවශ්‍යය පරිදි ක්‍රීඩා සභාව පත් කරේ බහුතරයක් පුහුණුකරුවන් ද ඇතුළත් වන පරිදිය.දැන් ද එසේ පුහුණු කාර්යයේ නියැලෙන අය සිටිති.ඒත් ඒ අමාත්‍යවරයා දැන නොදැන ද යන්න කිව නොහැක්කේ අර්ජුනට සිටිමට නොහැකි බව අමාත්‍යවරයාට මේ මෑත දවසක ඇමතිගේ උපදේශකම පෙන්නා දුන් නිසාය.තවත් පදේශකට ද සොයා බලන්නට කාරණා ඉතුරු වි ඇත.එවිට තවත් සුදුසු නැති අය සොයා ගැනීමට හැකිය.

 

සටහන – නිශ්මං රණසිංහ

@lankanewsweb