SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගෝඨා හිටපු පරණ ගෙදර ඉඳන් ලන්සයි-ප්‍රසන්නයි ‌අලුත් දේශපාලන මෙහෙයුමක් පටන් අරගෙන බවත් රැස්වීම්වලට ‌පොහොට්ටුවට කතා කරන්නේ එතන ඉඳන් බවත් ඔින්න මීඩියාවල කතාබහට ලක්වෙලා.

මේ සිද්ධිය ගැන දැනගෙන බැසිල් රාජපක්ෂ පොහොට්ටුවේ ජාතික සංවිධායකතුමා අවුලට පත්වෙලාය කියල ආරංචියි.

 

අපි පහුගිය දවස්වල ගොසිප් කොළමේ කිව්ව මතක ඇති සජබ සහ පොහොට්ටුවෙ කොටසක් එක්ක ජනාධිපති රනිල් යූඇන්පීය බලවත් කරන බව. දැන් දැන් ඒකට අවශ්‍ය සාක්ෂි තැනින් තැන මතුවෙමින් තියෙනවා.

 

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දීල තිබුනු බුලර්ස් පාරේ රජයේ නිල නිවාසයෙ ඉඳල පොහොට්ටුවේ ප්‍රබලයො වුනු  ප්‍රසන්න රණතුංගත්, නිමල් ලන්සාත් වැඩ පටන් අරගෙන තියෙනවලු. පොහොට්ටුවෙ මැති ඇමතිලව සංවිධානය කරන්න කතා කරන්නෙ දැන් එතැන ඉඳලලු. නෙළුම් මාවතේ ඔෆීස් එක දැන් සාගර කාරියවසම්ලට බැසිල් රාජපක්ෂ නායකතුමාගෙ වර්ණනාව කරගෙන ඉන්න තැනක් විතරක් වෙයි කියලයි සමහරු නම් කියන්නෙ.

 

ඒ මොක උනත් පහුගිය දවසක හිරු නාලිකාවේ තිබුනු වැඩසටහනකට සහභාගී වෙච්ච පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් නම් බැසිල්ගෙ වර්ණනාව කළේ ජනපති රනිල් කරපු වැඩක් නෑ වගේ කෝචොක් පාරක් දාගෙන කියල අහපු බලපු අය දැන් දැන් කියනවා. ඒවැඩසටහනේදි සාගර කියනවා,

“තවම රට දුවන්නේ මුදල් අමාත්‍යවරයා විදිහට බැසිල් ඉන්දියාවෙන් ගත්ත ණයවලින්ය, රනිල් රටට අරන් ඇවිත් තියෙන්නේ IMF එකෙන් දුන්නු ඩොලර් මිලියන 300 විතරයිය, අපේ අතිබහුතරයක් රනිල්ට කැමැති නැතිය, ජනාධිපතිවරණයට අපේ අපේක්ෂකයෙක් දානවාය” කියලයි.

 

ඒ කතා මොනව උනත් මේ නව කාර්යාලයක් දාපු එකට නම් බැසිල් කළබල වෙලා ඉන්න වග විශ්වාසවන්ත ආරංචිමාර්ග හෙළි කරල තියෙනවා.

කළබල වෙලා ඉන්න බව පෙන්වන බැසිල් රාජපක්ෂගෙ ඒ කළබලයත් තවත් රඟපෑමක්ද කියලයි සමහරු නම් කියන්නෙ. ඒ මොනව උනත් 2027 පහුවෙනකල් රනිල් වික්‍රමසිංහ ජනාධිපති තනතුරේ ඉන්න බව පැහැදිලි කාරණයක් නිසා මේ සිද්ධීන් මොන ඩ්‍රාමා උනත් යුඇන්පීය බලවත් වෙන එක අනිවාර්යයි කියල ඉතිරිවෙලා ඉන්න පොහොට්ටු මන්ත්‍රීවරුත් හොඳටම දන්නවලු.

ඒ හින්ඳද කොහේදෝ පහුගිය දවසක රෑ කෙළි සෙල්ලම් ඇමතිතුමත් තමන්ගෙ ඇමති ධූරය බේරල දෙන්න කියල වජිරල, ලංසල, රවීලව හමු උනා කියලත් ආරංචියි. මේ ඔක්කොම ඉතිං ලඟදීම බලය තියෙන තැනට එකතු වෙනව කියල කාටත් වඩා හොඳට හර්ෂ ද සිල්වල දන්නව වෙන්නත් පුළුවන්ලු.

කොහොම උනත් සජිත්ලට මරික්කාර්ලට තමුන්ගෙ මහගෙදරට යන එක ඒ හැටි අමාරු දෙයක් නොවෙයි කියල දන්න කියන අය දන්නවලු.

 

@slleader gossip