SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරයේ පවතින අග්‍රාමාත්‍ය නිල නිවස යන සියල්ල ජයවර්ධන පුර කෝට්ටේට කඩිනමින් ගෙන යන ලෙස

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.

 

ඒ, නිව් කොලොම්බෝ හෙරිටේජ් සිටි ප්ලෑන් සැලැස්ම යටතෙයි.

මේ අනුව ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අරලියගහ මන්දිරය යන ස්ථාන සංචාරක ආකර්ෂණය වෙනුවෙන් ආරක්ෂා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

නාගරික සංවර්ධන අධිකාරියේ (UDA) අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා කියා සිටින්නේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රදේශයේ පරිපාලන සංකීර්ණය එකම ස්ථානයක තැබීමට මේ වන විට විකල්ප ඉඩමක් සොයමින් සිටින බවයි.

ස්ථානය හඳුනාගැනීමෙන් පසුව එම ගොඩනැගිලි අදියරෙන් අදියර මාරු කිරීම සඳහා සැලසුම් සකස් කිරීම සඳහා ජනාධිපතිවරයා වෙත වාර්තා කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

@ජාලිය යටගම

news19.lk

නවතම ලිපි