SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් වික්‍රමසිංහගේ අරමුණ මැතිවරණ නොපවත්වා හැකිතාක් කාලයක් සිය ඉඩියොසිංක්‍රටික් ව්‍යාපෘතිය (පුද්ගලයෙකුට ආවේණික චර්යාමය ව්‍යූහය) පවත්වාගෙන යාම බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසා ඇත.

ඊට ප්‍රති පිළිතුරු සපයන ස්පාර්ටකස් සාමුහිකයේ මාධව රුවන්පතිරණ පවසා ඇත්තේ ඔය එකක්වත් ඔය විධියට සිදු නොවන බවත්  නාමල් වෙනම සිංහල බෞද්ධ කතිකාව ගෙනියන බවත් එය  රනිල් වික්‍රමසිංහගෙත් උපක්‍රමය වන බවත් ය.

 

මේ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරමින් මාධව රුවන්පතිරණ කියා සිටින්නේ,

“සිංහල බෞද්ධ කතිකාව කියන්නේ ප්‍රමෝදයට අදාළව ඒ යුගයේ කතිකාව. අද ප්‍රමෝදයට අදාළ කතිකාව සකස් වෙන්නේ ඩොලරය, ආයෝජන, ජාත්‍යන්තර වෙළඳපොල ජයගැනීම සඳහා අවශ්‍ය පසුබිම වගේ දේවල් තුලින්... ඒ නිසා අනීවාර්යෙන්ම සජබ සම්පූර්ණයෙන්ම හෝ ලොකු කොටසක් UNPය එක්ක එකතු වෙනවා. ව්‍යාපාරික ප්‍රජාව කුණුහරුපෙන් බැනල හරි ඒක කරනවා...” කියා ය.

 

නිර්මාල් දේවසිරි ඔහුගේ මුහුණු පොතේ ලියා ඇති සම්පූර්ණ සටහන පහත පරිදිය.

රනිල් වික්‍රමසිංහගේ අරමුණ මැතිවරණ නොපවත්වා හැකිතාක් කාලයක් සිය ඉඩියොසිංක්‍රටික් ව්‍යාපෘතිය පවත්වාගෙන යාමයි. එය හානිකර හා භයානක ප්‍රතිඵල ඇති කරන්නක් වුවද, කොලොන්නාවේ තෙල් ටැංකිවලට කොටි ගැසීම වනාතමුල්ලේ දුප්පත් ජනයාට ගාණක් හම්බකරගැනීමට අවස්ථාව ලබාදුන්නා මෙන් අමතර වාසි ද කීපයකින් යුක්තය. ඒවා සමහරක් මෙසේය.

1. පොහොට්ටුව රනිල්ට කඩේ යාම නිසා දීර්ඝ කාලීනව පොහොට්ටුව රනිල්ගේ උගුල තුළ සිරවීම හා එසේ වීම මගින් රාජපක්ෂ රජ පවුලේ අනුප්‍රාප්තිතවා වන නාමල් රාජපක්ෂට දේශපාලන වශයෙන් කෙළවීම.

2. පොහොට්ටුව හා සිංහල-බෞද්ධ ජාතිකවාදය අතර උපායමාර්ගික පෑහීමක් ඇතිවීම වැලකී සිංහල-බෞද්ධ ජාතිකවාදී දේශපාලන වෛරසය ක්‍රම ක්‍රමයෙන් දුර්වල වීමට ලක්වීම.

3. අජිත් පැරකුම් - සුදර්ශන ගුණවර්ධන - කීර්ති තෙන්නකෝන් වර්ගයේ දේශපාලන සත්වයින් රනිල්ගේ ව්‍යාපෘතිය විසින් එළිදරව් කරනු ලැබ දේශපාලන වශයෙන් වද කර දැමීම. එසේ වන්නේ මැතිවරණ නොපැවැත්වීම වෙනුවෙන් අඛණ්ඩව සුදුහුණු ගෑමට මේ දේශපාලන සත්වයින්ට සිදුවන නිසාය.‍්

4. සජිත් ප්‍රේමදාස ව්‍යාපෘතිය නන්නත්තාර වීම. එය සිදුවන්නේ සජිත් ලග පොල්ගෑමෙන් වැඩක් නැති බව දැනගන්නා සජබ පාක්ෂිකයින් ක්‍රමාණුකූලව රනිල් පැත්තට සේන්දු වීමට ඉඩ ඇති නිසාය.

5. මැතිවරණ වැඩක් නැතැයි කියන වාමාංශිකයින් පරීක්ෂාවට ලක්වීම. එසේ වන්නේ තමන්ගේ පිළිගැනීම නිවැරදිනම් මැතිවරණ නොමැතිව රනිල් ව්‍යාපෘතිය පරාජය කර පෙන්වීමට ඔවුන්ට සිදුවන නිසාය.

ලැයිස්තුව තවත් දිග වීමට පුළුවන. මතක වන ආකාරයට අනිත් වාසිද ලියා දක්වනු ලැබේ.

 

@nirmal devasiri fb post

නවතම ලිපි