SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඇමෙරිකාවේ ජනාධිපති සටනට එරට හිටපු උප ජනාධිපති මයික් පෙන්ස් රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකයෙක් ලෙස එක් වී සිටියි.

ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමයේදී ඇමෙරිකාවේ 48 වැනි උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ඔහු, දැන් 64 හැවිරිදිය.

මේ සඳහා ඔහු නිල වශයෙන් ලියාපදිංචි වී ඇති අතර ඉදිරි සතිය තුළදී වීඩියෝ පටයක් නිකුත් කරමින් අපේක්ෂකත්වය පිළිබඳව නිවේදනය කිරීමට නියමිතව ඇත.

ඒ අනුව රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සඳහා මේ වනවිට පුද්ගලයන් 7 දෙනෙක් එක්ව සිටිති. හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රොන් ඩි සැන්ටිස්, නිකී හේලි, විවේක් රාමාස්වාමි, ඒසා හචින්සන් සහ ටිම් ස්කොට් ද මීට ඇතුළත්ය.

ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකත්වයට ජෝ බයිඩන්, මේරි ඈන් විලියම්සන් සහ රොබර්ට් එෆ් කෙනඩි ජූනියර් තරග වැදීමට නියමිත බව වාර්තා වේ.

 

@deshaya.lk

නවතම ලිපි