SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් අමාත්‍ය ධූර ලබාදීම සඳහා නිර්දේශ කරන ලද

පොහොට්ටු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන්ට ඇමැති ධූර ලබාදිය නොහැකි බව ආණ්ඩුව නිල වශයෙන් දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

 

බැසිල් රාජපක්ෂ විසින් නිර්දේශිත එම මන්ත්‍රීවරුන්ට මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ පෞද්ගලිකවම බවද සඳහන් ය.

මෙහිදී එස්.බී. දිසානායක, රෝහිත අබේගුණවර්ධන, එස්.එම්. චන්ද්‍රසේන, සනත් නිශාන්ත, ගාමිණී ලොකුගේ ඇතුළු පොහොට්ටු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් පිරිසක් මෙම දැනුම්දීම සඳහා ආණ්ඩුවේ ඉහළ පෙළේ කාර්යාලයකට පෞද්ගලිකවම කැඳවා ඇත.

වඩා වැදගත් සදුවීම වන්නේ, අමාත්‍ය පදවි දැන්ම ලබා දිය නොහැකි වුවත් ඔවුනට ස්වකීය දේශපාලන කටයුතු කරගෙන යාමට අවශ්‍ය සෙසු පහසුකම් සලසා දිය හැකි බව ආණ්ඩුවෙන් ලැබුණු පණිවුඩයේ සඳහන් බවද එම මාධ්‍ය වාර්තාවන්හි සඳහන් වීමයි.

 

මේ අතර දැනට ගැටළු ඇතිකර තිබෙන අමාත්‍යාංශයන්හි වෙනස්කම් සිදුවනු ඇති බවටද දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරයි. එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යාංශය සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාම විවිධ අර්බූධ වාර්තා වූ අතර මෙම අමාත්‍යාංශයන්හි වෙනස්කම් සිදුවන බවට විවිධ ඉඟි පලවෙමින් ඇත. මේ නිසා වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සමීප හිතවතුන් හමුවීමට යෑමට පවා මොවුන් පෙළඹී ඇති බවද අදාළ ආරංචිමාර්ග සඳහන් කර ඇත.

නවතම ලිපි