SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දේශය පුවත්පතේ දේශපාලන වාර්තාකරු අද පලකරන ලද වාර්තාවක  "ආණ්ඩුව කඩිනම් ජනපතිවරණ අදහස අත්හරී!" යනුවෙන් සඳහන්ව ඇත.

Slleader අපි පසුගියදා ගොසිප් කොළම තුළින් පෙන්වා දුන්නේ බාලගිරි දෝසය මෙන් ජනතා ඡන්දයක් ගැන කොතෙක් කතාකලද වික්‍රමසිංහ ආණ්ඩුව 2027 තෙක් මැතිවරණයකට නොයන බවය. එසේම අපි පසුගියදා ඉදිරිපත් කලේ සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයා ඇතුළු යූඇන්පීයේ පැරණි සාමාජිකයින් නැවත රනිල් නායකතුමා වටේ සිටගන්නා බවය. ඒ සඳහා පොහොට්ටු පක්ෂයේ කොටසක්ද එක්වන බවත් අප සඳහන් කළෙමු.

දේශය දේශපාලන වාර්තාකරු ඉදිරිපත් කර ඇති වාර්තාව මෙසේය.

 

"ආණ්ඩුව කඩිනම් ජනපතිවරණ අදහස අත්හරී!"

 

කඩිනම් ජනාධිපතිවරණයක් පැවැත්වීමේ අදහස අත්හැරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර ඇතැයි ඉහළ පෙළේ ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

කඩිනම් ජනාධිපතිවරණ අදහස අත්හැරීමෙන් පසු ලබන වසරේ (2024) අගෝස්තු මාසයෙන් පසුව ජනාධිපතිවරණය කැඳවීමට සැලසුම් කර ඇතැයිද දැනගන්නට ඇත. එහෙත් ඊට පෙර ජනාධිපතිවරණ මෙහෙයුම් ආරම්භ කොට මූලික සංවිධාන කටයුතු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වය තීරණය කර ඇත.

දැනට වාර්තා වන තොරතුරු අනුව ඉදිරි ජනාධිපතිවරණයට විවිධ පක්ෂ සහ සංවිධාන යටතේ තරග කරන බවට ප්‍රචාරය වන නම් ගණනාවක් ඇත. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පොදු අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සැලසුම් කර ඇතැයිද දැනගන්නට තිබේ.

මේ හැර විපක්ෂයේ සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක ද අපේක්ෂක ලැයිස්තුවේ ඉහළින්ම සිටි ව්‍යාපාරිකයන් වන ධම්මික පෙරේරා, දිලිත් ජයවීර, ජනක රත්නායක යන අය ගැන ද විවිධ දේශපාලන පර්ෂදවල සාකච්ඡා කෙරෙමින් පවතී.

ඒ අතර පක්ෂ මාරු ගණනාවක් ගැනද අදහස් පළවෙමින් ඇති අතර සුළු පක්ෂ ගණනාවක් සජිත් ප්‍රේමදාස මහතා සමඟ ද තවත් සුළු පක්ෂ ගණනාවක් රනිල් වික්‍රමසිංහ මහතාගේ සහායටද ඉදිරිපත් වනු ඇත. කුමාර වෙල්ගම, රවුෆ් හකීම් සහ ජීවන් තොණ්ඩමන් යන පක්ෂ නායකයන් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරනු ඇතැයි සඳහන්ය. පලනි දිගම්බරන්, මනෝ ගනේෂන්, මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු පිරිසක් සජබ සමඟ එක්වී ජනාධිපතිවරණ ව්‍යාපාරයට පිවිසෙනු ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර සමගි ජන බලවේගය ගනු ලැබූ විශේෂ තීරණයකට අනුව එහි ජාතික ලැයිස්තු අපේක්ෂකයන් බහුතරයක් ඉදිරි මහ මැතිවරණයකදී තරග කර මන්ත්‍රී ධූර ලබාගත යුතු යැයි යෝජනා වී තිබේ. කෙසේ නමුත් පොහොට්ටුව නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ අදහස වන්නේ ලබන වසර මුලදී හෝ කල් දමා ඇති පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු බවටය. කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණය සම්බන්ධ තීරණය මෙතෙක් ප්‍රකාශ කර නැත.

නවතම ලිපි