SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආණ්ඩුව විසින් සම්මත කිරීමට බලාපොරොත්තු වන විකාශන අධිකාරි පනත නීතියක් ලෙස ක්‍රියාත්මක වුවහොත් දැනට ඇති මාධ්‍ය විකාශන ආයතන සියල්ලේම බලපත්‍ර මාස හයක් ඇතුළත   අවලංගු වනු ඇති බව වාර්තා වේ.

ලංකාවේ දැනට විකාශන ආයතන 33ක් ක්‍රියාත්මක වේ. ඒ, ගුවන්විදුලි සංස්ථා පනත හා රූපවාහිනී සංස්ථා පනත යටතේය.

දැනට යෝජිත විකාශන අධිකාරී පනත ක්‍රියාත්මක වූවොත් මාස හයක් ඇතුළත මෙම විකාශන ආයතන සියල්ලේම බලපත්‍ර අවලංගු වී ඔවුන්ට අලුතින් බලපත්‍ර අයදුම් කරන්නට සිදුවෙයි.

 

මෙහිදී වැදගත්ම කාරණය වන්නේ බලපත්‍ර නැවත දෙනවාද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරන පස්දෙනෙකුගෙන් සමන්විත කොමිසමක් විසින් වීමයි.

 

මේ පිළිබඳව සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් පාර්ලිමේන්තු පරිශ‍්‍රයේ කැඳවා තිබූ හමුවකදී පෙන්වා දුන්නේ වසරකට වරක් බලපත්‍රය අලුත් කිරීමට සිදුවීම හරහා වක්‍ර ආකාරයෙන් මාධ්‍ය නිදහස පාලනය කර ඇති බවයි.

නවතම ලිපි