SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙරටට වාහන ආනයනය කිරීම සඳහා ප්‍රධාන පෙළේ වාහන ආනයනකරුවන් කිහිපදෙනෙක්ම විදෙස් සමාගම් වෙත තම ඇනවුම් භාරදී ඇති බව වාර්තා වේ.

නුදුරේදීම ශ්‍රී ලංකා රජය විසින් වාහන ආනයන තහනම ඉවත් කරනු ඇතැයි විශ්වාසයෙන් ඔවුන් විසින් මෙම ඇනවුම් භාර දී තිබේ.

ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම අත්හිටුවා මේ වනවිට  වසර දෙකක පමණ කාලයක් ගතවේ.

කෙසේ වෙතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ පහසුකම් ගිවිසුමකට එක්වීමත් සමග
තරගකාරී නිදහස් වෙළඳාම සඳහා සීමා පැනවීම් සිදු නොකළ යුතු බවට එකඟතාව මත රජය විසින් ක්‍රමානුකූලව ආනයනය තහනම් ඉවත් කරන බව පෙනේ.

ඒ අනුව ලඟදීම වාහන සහ වාහන අමතර කොටස් ආනයනය සීමා ද ඉවත් කරනු ඇතැයි යන විශ්වාසයෙන් යුතු ව  වාහන ආනයනකරුවන් විසින් ඇනවුම් මෙම භාර දී ඇති බව දැනගන්නට තිබේ.

මේ අතර ලොව ප්‍රමුඛ පෙළේ ජපාන වාහන සමාගමක ශ්‍රී ලංකා ශාඛාවේ ප‍්‍රකාශකයෙක්ද කියා සිටියේ ශ්‍රී ලංකාවට නුදුරේදීම වාහන ගැන්වීමේ හැකියාව ලැබෙනු ඇති බවට තමන්ට සිය මවු සමාගම විසින් දන්වා ඇති බවයි.

පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානයේ සංචාරයක නිරත වූ අතර එහිදී ජපන් රජය විසින් ලංකාවට මූල්‍යාදාර ද ලබාදුන් බව වාර්තා විය.

ජපානයද මේ වනවිට ආර්ථික අර්බූධයක පවතින බවද පසුගියදා වාර්තා පළ කෙරුනු අතර ලංකාව වැනි රටවල් ඔවුන්ගේ ප්‍රධාන වෙළඳ පොළක් ලෙස දිගුකාලයක් පුරා ක්‍රියාත්මක වී ඇත.

 

අධි සුඛෝපභෝගී වාහන මේ රටට අවශ්‍ය නෑ – මෛත්‍රීපාල සිරිසේන

 

මේ අතර පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්, අධි සුඛෝපභෝගී වාහන ගෙන්වීම වසර 5ක කාලයක් සඳහා නතරකරන ලෙසට, රජයෙන් ඉල්ලීමක් කර තිබුනි.

 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා,

“මෝටර් වාහන සම්බන්ධයෙන් තිබෙන බද්ද පිළිබඳව කියන්න ඕන. මේකේ තියෙන්නේ සුඛෝපභෝගී වාහන සම්බන්ධයෙන් බදු වැඩිකිරීමක් සම්බන්ධයෙන්. මම යෝජනා කරන්නේ ඉල්ලා සිටින්නේ රජයෙන් අධි සුඛෝපභෝගී වාහන ගෙන්වන එක සම්පූර්ණයෙන්ම නවත්වන්න අවුරුදු 4කට 5කට. අධි සුඛෝපභෝගී වාහන මේ රටට අවශ්‍ය නෑ. මේ රටේ ආර්ථිකය අනුව මේ තියෙන වාහන හොඳටම ඇති. ඒ නිසා  අධි සුඛෝපභෝගී වාහනවලින් තොරව අවුරුදු 5ක් වත් මේ රට ගෙනියන්න.  මොකද අධි සුඛෝපභෝගී වාහනවලට යන විදෙස් විනිමය ඉතාමත්ම විශාලයි. ඒක නිසා අපේ විදේශ වත්කම් පහත වැටෙන්න ප්‍රධාන හේතුවක් තමයි  අධි සුඛෝපභෝගී වාහන”

යනුවෙන් පවසා ඇත.

නවතම ලිපි