SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනමාධ්‍ය මර්දනය සඳහා රජය මගින් ගෙන ඒමට නියමිත මෙම විද්‍යුත් විකාශන නියාමන පනත තවත් එක්

රාජ්‍ය නියාමන පනතක් වීමට වඩා 'සහනියාමන' පනතක් විය යුතු බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි.

රජය මගින් ගෙන ඒමට නියමිත විද්‍යුත් විකාශන නියාමන පනත පිළිබඳ එක්සත් ජනරජ පෙරමුණෙ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ අද (09) දින පවත්වන ලද පවත්වන ලද මාධ්‍ය හමුවේදී මෙම අදහස් පලවිය.

 

එහිදී අදහස් දැක්වූ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වූ  කරූ පරණවිතාන කියා සිටියේ,  

 

"යෝජිත විද්‍යුත් විකාශන නියාමන පනත් කෙටුම්පත 2022 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු පත්‍රිකාවකින්, කැබිනට් අනු කමිටුව කෙටුම්පතක් හදලා එය මාධ්‍ය ආයතන වලට යවලා. ඒ අනුව තමයි මේ කතාබහ ඇතිවෙලා තිබෙන්නේ. ජනමාධ්‍යට විශේෂ නියාමනයක් අවශ්‍ය නැහැ. තිබිය යුත්තේ ස්වයං නියාම පමණයි කියන අදහස කාලාන්තරයක් තිස්සේ මේ ජනමාධ්‍යකරුවෝ ඇතුලේ, ආයතනයක් අතරේ, විෂය ඇතුලේ කතාවෙච්ච අදහසක්. නමුත් අද මුළු ලෝකෙම ස්වයං නියාමනය සිද්ධ වෙන්නෙත් නැහැ. හැම තැනකම දියුණු රටවල, නොදියුණු රටවල, ඕනම රටක මේ ජනමාධ්‍ය ආචාරධර්ම දේශපාලන, ආර්ථික මට්ටමින් උල්ලංඝනය වෙනවා. එම නිසා,  නීතියෙන් බලගැන්වෙන නියාමනයක් තියෙන්න ඕනේ කියන අදහසට, මුළු ලෝකයම ඇවිල්ලා තියෙනවා. ඒ නීතියෙන් බලගැන්වෙන නියාමනය, අත්තනෝමතික නීතියක් යටතේ සිද්ධ වෙනවා නම් ජනමාධ්‍ය නිදහස උල්ලංඝනය වෙන්න පුළුවන්. ඉතාමත්ම හොඳ වැඩක් කිරීමේ මුවාවෙන් ඉතාම දැඩි මර්දනකාරී පනතක් ඇවිල්ලා තිබෙනවා. එම නිසා මේ පනත වහාම අකුලාගෙන ඉවර වෙලා සියලු දෙනාගේම සහභාගීත්වයෙන් යුතුව, හැමදෙනාගේම අදහස් විමසලා ලෝකයේ අද පිළිගන්නා ප්‍රජාතන්ත්‍රවාදී සහනියාමන මූලධර්ම මත හොඳ ප්‍රජාතන්ත්‍රවාදී පනතක් ඉදිරිපත් කරන්න කියලා අපි ආණ්ඩුවට යෝජනා කරනවා."

නවතම ලිපි