SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ කැබිනට්ටුවේ ඇමතිවරුන්ගෙ ගෝරි ගොඩයි.

කෙනෙක්ට එරෙහිව තව කෙනෙක් කතා කරද්දි ගෙනෙන පනත් සී සී කඩ ගියා වගේම කැබිනට් රැස්වීමේ මූල ධර්මයන් කඩ කරමින් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තෙ බැසිල් රාජපක්ෂ වගේ අය කියලයි තතු දත් අය නම් කියන්නෙ.

 

හැබැයි ජන වරමක් නැතිව පත්කල ජනාධිපති වික්‍රමසිංහ  එක්ක නම් ඒ කෙළි බැහැ කියලයි ආරංචි වෙන්නෙ. ඒ පහුගිය සතියෙ කැබිනට් රැස්වීමේදි මේ කාලෙ දුර්වලම කෙළි සෙල්ලම් කරන අමාත්‍යාංශයක ඇමතිවරයෙක් නම් ජනාධිපතිගෙන් බැණුම් ඇහුව කියලයි ආරංචි.

විශ්වාස කටයුතු තොරතුරු අනුව නම් මේ උන්නැහේ කරල තියෙන්නෙ මෙහෙම වැඩක්.

 

හරීන් ප්‍රනාන්දු ඇමතිවරයාට ඔහුගේ අමාත්‍යාංශයේ කටයුතු ක්‍රියාත්මක කරන්න ගෙනාව යෝජනාවක් අනුව ඉඩමක් ලබාගන්න දමන ලද කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබිල තියෙනවා. ඉතිං මේ ඉඩම දීපු එක ගැන කෙළි සෙල්ලම් ඇමතිතුමා එළියෙ දි කිහිප තැනකම කැබිනට් තීරණය විවේචනය කරල තියෙනවලු.

 

ඔන්න අපේ ලොකු මහත්තයගෙ රෙඩාර් එකට මේක ඒ මොහොතෙම වාර්තා වෙලා. ඉතිං පහුගිය කැබිනට් රැස්වීමේදි ලොකු මහත්තයා මේ හොඳ දොස් මුරයක් කෙළි සෙල්ලම් ඇමතිතුමාට හැමෝම ඉස්සරහදි සිද්ධ කළාලු.

දැන් දැන් මේ ඇමතිතුමෝ තමන්ගෙ කෙළි සෙල්ලම් වැඩේ නතරවෙයිද කියල දහ අතේ කල්පනා කරනව කියලයි ආරංචි.

නවතම ලිපි