SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ මහාචාර්ය සමීර ආර් සමරකෝන් මහතා ඇතුළු පර්යේෂණ කණ්ඩායමක්

මිනිස් සිරුරේ ඇතිවිය හැකි පිළිකා පියවි සෛල විනාශ කළ හැකි පෝෂක ඖෂධයක් පසුගියදා හඳුන්වා දුන්නේය.

 

වසර 12 කට අධික කාලයක් තිස්සේ සිදු කළ විද්‍යාත්මක පර්යේෂණ සාර්ථක කරගනිමින් මෙම පෝෂක ඖෂධය පෞද්ගලික ආයතනයක් සමග එක්ව නිෂ්පාදනය කිරීමට හැකිවූ බව මහාචාර්යවරයා පැවැසීය.

 

මෙම පෝෂක ඖෂධය පිළිකා රෝගීන්ට මෙන්ම පිළිකා සුව වෙමින් පවතින රෝගීන්ට ද  ලබාගත  ගත හැකි බව ඒ මහතා පැවසීය.


මෙය ස්වභාවික පෝෂක ඖෂධයක් බවත් පියයුරු පිළිකා,පෙනහලු පිළිකා, ගුද මාර්ගය ආශ්රිෝත  ඇති වන පිළිකා,ඇතුළු පිළිකා වර්ග 15 පමණ පිළිකා සෛල විනාශ කළ හැකි බව මහාචාර්යවරයා පැවැසීය.

ශ්‍රී ලංකාව පත්ව තිබෙන ආර්ථික අවපාතයට විසඳුමක් ලෙස මෙරට සිටින විවිධ ක්ෂේත්‍රවල විද්‍යාඥයන්ගේ මෙන්ම විශේෂඥවරුන්ගේ සහාය ලබාගෙන රට සංවර්ධනය කරා රැගෙන යාමට කටයුතු කිරීම වැදගත් බවත් මහාචාර්යවරයා පැවැසීය.

 

@ගයාන් සූරියආරච්චි

lankadeepa.lk

නවතම ලිපි