SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිනි  රෝසි සේනානායකට  එරෙහිව

එම නගර සභාවේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් අල්ලස් හා දුෂණ කොමිසන් සභාවට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

හිටපු නගරාධිපතිනිය තවදුරටත් නගරාධිපති නිල නිවසෙහි පදිංචිව සිටින බවට ඔවුන් එම පැමිණිල්ල මගින් කියා සිටියි.

එමෙන්ම 2017 වසරේ සිට මේ දක්වා කාලය තුළ එහි විදුලියට පමණක් රුපියල් අනූ ලක්‍ෂයක වියදමක් දරා ඇති බවද එම පැමිණිල්ලේ සඳහන්ය.

මේ අතර පසුගියදා කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය සඳහන් කර සිටියේ  හිටපු නගරාධිපතිනිය රැඳී සිටින්නේ ආණ්ඩුකාර වරයාගේ අවසරය මත බවත් එම කාලය තවදුරටත් දීර්ඝ කර ගත්තේ දැයි තමන් නොදන්නා බවත්ය.

කෙසේ වෙතත් නිල නිවස නිසි පරිදි ඇය ආපසු භාර දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද කොමසාරිස්වරිය කියා සිටියාය.

මේ අතර ජනාධිපතිවරයා ගේ උපදේශිකාවක ලෙස දැනට පත්වීම් ලැබ සිටින රෝසි සේනානායක මහත්මිය නගරාධිපතිනි ලෙස කටයුතු කරද්දී භාවිතා කරන ලද නිල රථය හා එහි රියැදුරු ද තමන්ට භාවිතයට ලබා දෙන ලෙස ඉල්ලා ඇත.

ඒ අනුව නගර සභාවෙන් එම රථය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත මුදා හැර ඇති බව ද වාර්තා වෙයි.