SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය සතියේ සිදුවූ විශේෂිත සිදුවීමක් තමයි බොහෝ කලකට පසුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වියත්මගේ සාමාජිකයන් හමුවීම.

වියත්මග සංවිධානයේ ආරම්භක සාමාජිකයෙක් වූ වර්තමානයේ ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික ලියනහේවගේ විසින් රචිත Managing Mindfully කියන ඉංග්‍රීසි ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවයේදී ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට මෙම පිරිස හමු වෙලා. 

මේ උත්සවය, ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ජනාධිපති ධුරයෙන් ඉවත් වූවාට පසු දේශපාලන හේතුවකින් තොරව පරණ මිතුරන් සමග එකතු වූ විශේෂ අවස්ථාවක්ලු. හිටපු ජනාධිපතිවරයා උත්සවයෙන් පසු බොහෝ වෙලාවක් තම පැරණි හිතවතුන් සමග සතුටු සාමීචියේ යෙදිලත් තියෙනවාලු..

මේ අවස්ථාවට එක්වූ පිරිස් අතර ආචාර්ය නාලක ගොඩහේවා, අද්මිරාල් සරත් වීරසේකර, ජෙනරල් කමල් ගුණරත්න විශේෂයෙන්ම කැපී පෙනුණු අතර විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, ජයම්පති මොල්ලිගොඩ, චම්පි අමරසේකර, මනෝරි උනම්බුව වැනි ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේ හිටපු සභාපතිවරු හා හිටපු තානාපතිවරු ගණනාවක්ම ඉඳල තියෙනවා.

ඒ අතර පහුගිය දිනවල එක්ස්ප්‍රස් පර්ල් නැව සම්බන්ධව නැවත ඇතිවුනු කතාබහත් එක්ක වියත්මගේ හිටපු ප්‍රධාන සාමාජිකයෙක් වුනු නාලක ගොඩහේවාට ගැටළු රැසකට මුහුණ පාන්න සිද්ධ උනා. ගොඩහේවා හා මංජු නිශ්ශංකගේ සම්බන්ධයක් ගැනත් සමාජ මාධ්‍යයේ විවිධ කතා පැතිර ගියා. මේ පැතිර යන කතා අතර තිබුන දෙයක් තමයි අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මේ ගැන බොහෝ කරුණු කාරණා දන්නා බවක්. නමුත් ඔහු මේ ගැන ලේසියට හෙළිකරන්නෙ නැති බවකුත් දනන් අතර පැතිරුණා. ඒ කියන්නෙ නිකං ආවට ගියාට මේක අතාරින්නෙ නෑ කියලද දන්නෙ නැහැ.

 

ඒ කතා මොනව උනත් අපිට ලැබුනු ආරංචිය නම් මේ ප්‍රශ්න අතර හෙම්බත් වුනු නිසා ද කොහේද පහුගිය දවසක නාලක ගොඩහේවා මන්ත්‍රීවරයා හිටපු ජනාධිපති ගෝඨාභයව හමුවෙන්නට යෑම. එදා මන්ත්‍රීවරයා එක්ස්ප්‍රස් පර්ල් නැව් සිද්ධිය ගැන කතාව පටන්ගද්දිම වගේ එතැනට ඇමති මහින්ද අමරවීර ආපු නිසා කතාව නතර කරන්න සිද්ධ වෙලා. නමුත් ගොඩහේවා මන්ත්‍රීවරයා කලකට පස්සෙ තමාව බලන්නට පැමිණියේ ප්‍රශ්නයක එරිල ඉන්න නිසා කියල  හිටපු ජනාධිපතිවරයාට තේරුම් ගියා කියලයි අපිට ආරංචි උනේ.

 

‍අමරවීර ඇමතිතුමාත් ඉතිං උදැල්ලක් දාපු නිසා ගොඩහේවා මන්ත්‍රීවරයාගේ කතාව එතැනින්ම නතර වෙලා හිස් අතින්ම පිටවෙලා ගිහින් ලු.