SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊයේ ජනපති වික්‍රමසිංහ මුලසුන ගනිපු රැස්වීමෙදි ජනාධිපතිවරයා විසින්ම සමගි ජන බලවේගයේ හර්ෂ ද සිල්වා

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ (කෝපා) සභාපති තනතුරට යෝජනා කරන ලදුව පත්කලා.

 

එතැනදි ජනාධිපති වික්‍රමසිංහ කියපු කතාව කොටින්ම මෙන්න මේ වගෙයි,

“දැන් පාර්ලිමේන්තුවේ IMF  යෝජනා අනුමත වෙලා තියෙන්නෙ, විරුද්ධ පක්ෂ ඡන්දය දීමෙන් වැලකී සිටියත් ඒක අනුමත වෙලා තියෙන්නෙ. දැන් කෝපා එකේ සභාපතිකම හර්ෂට දුන්න වගේම මේ IMF යෝජනා ක්‍රියාත්මක කරන්න සහාය දක්වන්න ඔින.”

 

ඉතිං හර්ෂත් මේ යෝජනා ක්‍රියාත්මක කරන්නට සහාය පලකරනවා කියල පොරොන්දු වෙනවා.

 

දැන් මේ මොකක්ද සිද්ධ උනේ?

 

ජනාධිපති රනිල් මෙන්ම ඔහුගේ ආණ්ඩුව ( පොහොට්ටු පක්ෂයේ) පහුගිය කාලය පුරාම හර්ෂ ද සිල්වට මෙම කටිමුවේ සභාපතිකම දෙන්න කිසිම ඉඩක් ලබාදුන්නේ නැහැ. විපක්ෂ නායකවරයා දිගින් දිගටම මේ ගැන පාර්ලිමේන්තුවේ කතාකලා. අවසානයේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පවා තමාට කෝපා එකේ සභාපතිකම නොදෙන්නට හේතුව විමසා සිටියා.

දැන් හේතුව පැහැදිලියි.

මේ වෙද්දි IMF යෝජනා ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ බහුතරයෙන් අනුමත වෙලා ඉවරයි. දැන් ඒවා ක්‍රියාත්මක කරන්නට සිද්ධවෙන කාලය ඇවිත් තියෙන්නෙ.

 

බොහෝ අය විරුද්ධවන, පොහොට්ටුවේ නාමල් මන්ත්‍රීවරයා පවා ප්‍රසිද්ධියේම විරුද්ධ වන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකිරීම, පෞද්ගලීකරණය ඉදිරියට කඩිනමින් ක්‍රියාත්මක කරන්න වෙනවා.රටේ සම්පත් විකුණන්න හෝ බදු දෙන්න සිද්ධ වෙනවා. ඒකෙදි කෝපා එකට සිද්ධ වෙනව ඒවා අනුමත කරන්න. ඒ කියන්නෙ හර්ෂට ඒකට අනුමැතිය දෙන්න වෙනවා. ඒ කියන්නෙ සජිත් විපක්ෂනායකවරයාට තවදුරටත් වංගු ගහන්න බැරි වෙනවා.

 

අවසානයේ විපක්ෂයේ ආශීර්වාදයෙන් හා අනුමැතියෙන් IMF යෝජනා ක්‍රියාත්මක වෙනවා. ඒකට නාමල් ඇතුළු පිරිසක් තමාගේ 2030 ජනාධිපති සිහිනය වෙනුවෙන් හදාගන්න ප්‍රතිරූපයට බාධාවක් නැතුව වැඩේ කරගෙන යන්නත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පාර එළි පෙහෙළි කරල දෙනවා. නාමල් පිල විරුද්ධ උනත් (ඇත්තටම විරුද්ධ වීමක් නොවේ) පොහොට්ටුවේ කොටසක් මෙන්ම විරුද්ධ පක්ෂය හා එක්ව මේ කටයුත්ත කරන්න වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ඉඩකඩ ලැබෙනවා.

 

අනේ හර්ෂ! අනේ සජිත්!

කපටි නරියෙක් කියන්නෙ,

කුකුළු පැටවුන්ගෙ යාළුවෙක් ද?