SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පහුගිය සති අන්තෙදි අශෝක ජයතුංග ලියපු ජනපති e කොළමේ කියල තිබුන මහිංයංගන විහාර උත්සවයට ගියපු ජනාධිපති වික්‍රමසිංහගෙයි  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙයි හමුවීමක් ගැන.

ඒක අශෝක ලියල තිබුණෙ මෙහෙම.

 

“විදෙස් සංචාරය නිමකොට පැමිණි ජනපතිට වැඩ අඩුවක් නොතිබිණ. IMF සාකච්ඡා මෙරට ණය ප්‍රතිව්‍යුහකරණය ආර්ථිකය බඩුමිල පාලනය ආදී දැවැන්ත වැඩ කරමත ය.

මයියංගන විහාර උත්සවයට ගියේ අතරතුරය. ඊට සජිත් ද ආරාධනා ලැබ තිබිණ. දෙදෙනා ආගමික කටයුතු කළේ එකටය. උත්සව සභාව ඇරඹිණ. ජනපති අසල වාඩිවී සිටියේ සාගල ය.

"සජිත්ට මෙතනට එන්න කියන්න" ජනපති සාගල ට කීය.

 

එම ආරාධනාවට මුලදී අදිමදි කල ද සජිත් ජනපති ළඟ අසුනට ආවේය. ආ ගිය තොරතුරු අව්ව වැස්ස ඉරහඳ ගැන මිසක වෙනත් දෙයක් කතාබහ වූයේ නැත.”

 

අශෝක ජයතුංගගේ ඒ ජනපති කොළමෙ අන්තිම වාක්‍යය  නම් ගානට ප්ලාන්ට් කරපු එකක්. මොකද ජනපති රනිල් සහ  විපක්ෂ නායක සජිත් අතර හුවමාරු වුනු අව්ව වැස්ස ඉර හඳ යට දේශපාලන කතාබහක් තිබුන කියල ඒකෙදි හංගන්න ඔින කමක් තියෙන්නත් ඇති.

මොනව උනත් පහුගිය දවස් ටිකේදි සිද්ධ වෙච්ච සිදුවීම් ටික පෙළගස්වන කෙනෙක්ට මේක අවබෝධ කරගන්න පුළුවන්. ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පොහොට්ටුවට ගෙනාපු යෝජනාවත් ඒකට පොහොට්ටු ලේකම් සාගර කාරියවසම්ගෙ උත්තරෙත් එක්ක ඉස්සරහට ඒ දීගයේ දිග පළල හිතාගන්න පුළුවන් කියලයි රට්ටු නම් කියන්නෙ. ඒ මොක උනත් පොහොට්ටුව ජනපති රනිල්ට සහාය දෙන එක නවතින්නෙත් නැහැ.  

ඒ මොන දේ උනත් කපටි නරියෙක්ට කුකුල් කොටුවක් ඇතුලට පැනගන්න වගේම ඒකේ කුකුල්ලු ටික බාගන්නත් තියෙන්නෙ එකම එක ප්ලෑනක් කියල හිතන්න පුළුවන්ද?

ගොඩක්  රජ වුනු අය බලන්නෙ වැඩි වැඩියෙන් බලය රැස් කරගන්න. තමංගෙ වැඩ පිළිවෙල නිදහසේ කරන්න තරම් බලය රැස්කරගන්න. ඉතිං ඊයේ ආචාර්ය හර්ෂද සිල්වාව මුදල් කාරක සභාවෙ සභාපති විදිහට පත් කරන යෝජනාව ආපු හැටියි, ඒ යෝජනාවෙදි  ජනාධිපතිවරයාගෙ පෙනෙන නොපෙනෙන හිනාවයි  මහියංගන විහාර උත්සවයේ කතාබහයි විතරක් නෙවෙයි ඉස්සරහදි සජබෙන් ලොකු සෙට් එකක් එක්ක රාජිත සේනාරත්න එන හැටියි වගේම අවසානයේදී  සජිත් විපක්ෂනායකවරයාට වඩා හොඳ අගමැති පුටුවද කියල හිතන්නත් අවස්ථාවක් එයිද මන්දා...

බලන් ඉමු නේහ්?