SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය යටතේ පාලනය වන ලක්ෂපාන ප්‍රාදේශිය රෝහල වෛද්‍යවරුන් නොමැතිව වසා දැමිමේ අවධානමකට ලක් වි ඇති බව එම රෝහලෙන් ප්‍රතිකාර ලබාගන්නා රෝගි ජනතාව පවසයි.

ග්‍රාමසේවා වසම් හයක් පමණ ආවරණය වන ලක්ෂපාන ප්‍රාදේශිය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු වෛද්‍යවරුන් තිදෙනෙකු සේවය සදහා සිටි බවත්, මේ වන විට ඉන් වෛද්‍යවරුන් දෙදෙනෙකු ස්ථාන මාරුවිම් ලබා ගොස් ඇති බවයි ලක්ෂපාන ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

 

ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පුරා මේ වනවිට ඇතිව තිබෙන්නේ ඛේදවාචකයක් පමණකි. ඖෂධ හිඟයේ සිට රෝහල් පද්ධතිය පවත්වාගෙන යෑමේ සේවාවන්හි අඛණ්ඩ බිඳ වැටීමක් සිදුව ඇති අතර විවිධ හේතු නිසාවෙන් විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යෑම සහ රෝහල්වලට අවශ්‍ය වෛද්‍යවරු නොමැති වීම වැනි මූලික කාරණාවන්හි බරපතල අර්බූධයක් හටගෙන ඇත. වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධයක් සමාජය තුළ පැන නැගී ඇත්තේද මෙම කාරණා මුල් කොටගෙනය.

එහෙත් පවත්නා රජය යනු මෙවැනි අත්‍යවශ්‍ය සේවාවන්හි බිඳ වැටීම් පිළිබඳ වග නොවෙන බවක් පෙන්නුම් කරමින් කිසිදු අදාළත්වයක් නැති රැල්ලට නැගෙන කරුණු ප්‍රශ්න සේ ගෙන ඒවාට අනවශ්‍ය තරම් මැදිහත්වීම් සිදුකරමින් මෙවැනි අර්බූධයන් යට ගහන තත්වයක් ඇති බවයි බොහෝ දෙනාගේ මතය වී ඇත්තේ.

ලක්ෂපාන රෝහලේ තත්වය වාර්තා කර ඇත්තේ මෙලෙසිනි.

 

Untitled 1ranil kehe liya

 

ලක්ෂපාන විදුලි බලාගාර සංකිර්ණය ආසන්නයේ පිහිටි ලක්ෂපාන ප්‍රාදේශිය රෝහලේ බාහිර රෝගි අංශයෙන් සහ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනිමට මොරහේනගම , වක්ගම , පල්ලේවත්ත , හගරාපිටිය , කොත්තැල්ලෙන , කටු කිතුල , නෝටන්බ්‍රිජ් ඇතුළු ගම්මාන රැසක ජනතාව දිනපතා පැමිණෙන බවත්, දැනට එම රෝහලේ එක් වෛද්‍යවරයෙකු පමණක් දිවා රාත්‍රි දෙකේම සේවයේ යෙදි සිටින බවත්, පවත්නා තත්ත්වය මත දැනට සේවයේ යෙදි සිටින වෛද්‍යවරයාද ස්ථාන මාරුවිමක් ලබා වෙනත් රෝහලකට යාමට කටයුතු කරමින් සිටින බවයි ලක්ෂපාන ප්‍රදේශවාසින් කියා සිටින්නේ.

ලක්ෂපාන රෝහල සියළුම පහසුකම් සහිත රෝහලක් බවත්, රෝහලේ 30 දෙනෙකුට ආසන්න කාර්ය මණ්ඩලයක් සිටින බවත්, එම රෝහලට ගිලන් රථයක්ද තිබෙන බවයි ප්‍රදේශවාසින් කියා සිටියේ.

එම රෝහලේ දැනට එක් වෛද්‍යවරයෙකු පමණක් සේවය කරන නිසා (05) දින සිට රෝහල වෙත රෝගින් ඇතුල් කර නොගන්නා බවත්,සතියේ දිනවල පෙව 8 සිට පස්වරු 4 දක්වාත්, සෙනසුරාදා දිනවල උදැසන 8 සිට දහවල් 12 දක්වා බාහිර රෝගි අංහයෙන් ප්‍රතිකාර ලබාදෙන බවත්, ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල රෝහල වසා දමන බවට දැනට එම රෝහලේ සේවය කරන වෛද්‍යවරයා විසින් රෝහලේ දැන්විමක්ද පල කර ඇත.

 

health crisis 2

 

අප මේ සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නිශ්ශංක විජේවර්ධන මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ ලක්ෂපාන ප්‍රාදේශිය රෝහලේ සේවය කල වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් එක් වෛද්‍යවරයෙකු හදිසි අවශ්‍යතාවයක් සදහා එම රෝහලෙන් ස්ථාන මාරුවිම් ලබා යාමට එම රෝහලේ දැනට සේවයේ යෙදි සිටින වෛද්‍යවරයා නිර්දේශයක් ලබා දි තිබු නිසා එම වෛද්‍යවරයාට ස්ථාන මාරුවිමක් ලබා දුන් බවයි.

එම රෝහලට අලුතින් වෛද්‍යවරයෙකු පත් කරන තෙක් දැනට සේවය කරන වෛද්‍යවරයා නිවාඩු ලබා යන අවස්තාවක තාවකාලිකව එම රෝහලට වෙනත් වෛද්‍යවරයෙකු අනුයුක්ත කිරිමට කටයුතු කරන බවයි.

 

@පුවත් වාර්තාව රංජිත් රාජපක්ෂ

    lankacnews