SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊයේ අශෝක ජයතුංග ලියල තිබුනු ජනපතිeකොලමේ තිබුනෙ මේ සතියෙ ජනාධිපති රනිල් මාධ්‍ය ගොසිප් වලට කියාපු දේවල් ටිකකුයි.

“දොස්තරලයි විශේෂඥයිනුයි ලියාපදිංචි අයයි 60 න් පැංෂන් යැව්වොත් බේත් නැති එක වගෙම සෞඛ්‍ය තවත් අර්බුදයට යාවි. මේක සමබර කරන්න ජනාධිපති එකග වුණත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සහායක් නෑලු නේද" මාධ්‍යකරුවෙකු විමසීය.
"ඒ තර්කය හරි. ඒ ගැන නඩුවක් තියෙනවා. සාධාරණ තීන්දුවක් ලැබෙයි කියල හිතනවා" ජනපති කීවේ එය බැරෑරුම් ලෙස ගනිමිනි.” (ජනපතිeකොලම -අශෝක ජයතුංග)

 

අශෝකල එක්කල ජනපති රනිල් ඒ මොනව කිව්වත් වර්තමාන සෞඛ්‍ය ඇමතිවරයා ගෙනෙන කැබිනට් පත්‍රිකාවලට නම් ඇස් පියාගෙන අත්සන් කරන කැබිනට්ටුවක් ඉන්නව කියල තමයි පේන්නෙ. මතකයි නේද ලියාපදිංචි නොකළ ඖෂධ සමාගම්වලින් ඖෂධ මිළදීගන්න ගෙනාපු කැබිනට් පත්‍රිකාවටත් කට්ටියම ඇස් පියාගෙන අනුමැතිය දුන්න. රජයේ ප්‍රසම්පාදන නීති කඩමින් ඒ ගෙනාපු බේත් තොගය අධිකරණ නියෝගයකින් අත්හිටවුවාට පස්සෙත් නුවරඑළිය රෝහලෙන් ඇස්වලට ප්‍රතිකාර ගනිපු රෝගීන් ගේ ඇස් අන්ධ වුනා කියල මතකද?

 

ඊයෙ අපි අපේ ගොසිප් කොලම් එකෙන් කිව්ව සෝලා පැනල් සිස්ටම් එකක කතාවක්.

“ ලංකාවේ තියෙන ජාතික  රෝහල් වල  සෝලා පවර් පද්ධතියක් සවිකරන්නට ජපන් සමාගමක් ප්‍රොපෝසල් එකක් ඉදිරිපත් කරලලු. ඒකට අනුව 35%ක ආදායම රෝහල්වලට දෙන්නත් මාස කිහිපයකින් 50%ක් දක්වා දෙන්නත්  ඔවුන් ඉදිරිපත්වෙලා තියෙනවාලු. හැබැයි වැඩේ කියන්නේ  වර්තමාන සෞඛ්‍යයේ ලොක්කා මේ අවස්ථාව මගෑරලා දේශීය සමාගමකට අවස්ථාව ලබාදෙන්න තීරණය කරලාලු . ජපන් සමාගම මගහරින්නට හේතුව වෙලා තියෙන්නෙ සෞඛ්‍යයේ ලොක්කාගේ ඉල්ලීමක් ඉටු නොකිරීම කියල තමයි අපේ ගොසිප් එකට ආරංචි උනේ. ඒ තමයි තමන්ගෙ සහෝදරයාව ඒ ජපන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයට පත්කරගන්නැයි කියල යෝජනාවක්ලු. ජපන්නු මේක ප්‍රතික්ෂේප කරල යන්න ගියාලු. අපි මේවයෙ ඇත්ත නැත්ත නම් හරිහැටි දන්නෙ නැහැ. ඒත් ගින්නක් නැතිව දුමක් නගින්නෙත් නැහැ.අනික ඖෂධ සමාගම් එක්ක සිද්ධවෙච්ච වැඩෙත් හින්ද ඒක කටකතාවක් විතරයි කියල අයින් කරන්නත් බැහැ. කොහොම උනත් හෙට අනිද්දට මේව ඔක්කොම හෙලිවෙයි කියලනම් කියන්න පුළුවන්”

ඔන්න කිව්වත් වගේ අද වෙද්දි ගොසිප් එකට ලැබුනා තවත් තොරතුරු.

මාර්තුවල කරන්න බලාපොරොත්තුවෙන් හිටපු මේ ප්‍රධාන ජාතික රෝහල්වල සෝලා පැනල් සවිකිරීමේ වැඩේ කල්යන්න හේතුවත් ඒකෙන් පැහැදිලියි. කතාව මේකයි.

ජපන් කොම්පැනිය සෞඛ්‍යයේ ලොක්ක ප්‍රතික්ෂේප කරන්න මුල් වෙච්ච කාරණය අපි දන්නවනේ. ඒක දීල තියෙන්නෙ ලෝකල් සමාගමකටනේ. මොරටුවේ ඇඩ්‍රස් එකක්ලු. මේකට කැබිනට් පත්‍රිකාවකුත් හදල සෞඛ්‍යයේ ලොක්ක දාල තියෙනවාලු. අර ඖෂධ වැඩේට වගේම මේ වැඩේටත් අපේ කැබිනට් එකේ ගරු කටයුතු පිරිස අනුමැතිය දීලලු. (ඇස් පියාගෙනම වෙන්නත් ඇති)  වැඩේ කියන්නෙ දැන් මේක ක්‍රියාත්මක කරන්න ඔය කියන ලෝකල් ඒජන්ට ෆයිනෑන්සියල් සිටුවේශන් එකක් නැහැයිලු. ඒ කියන්නෙ ඉන්වෙස්ටර් කෙනෙක් නැතිව,  සල්ලි නැතිව වැඩේ නැවතිලා. මේක නම් මහ පුදුම රටක් කියල හිතෙන්නෙ දේශීය හරි විදේශීය හරි ටෙන්ඩර් පරිපාටියකදි අදාළ සමාගමේ මූල්‍ය තත්වය පරීක්ෂා කරල බලන එක මුලිකම කාර්යයක් නොවැ. ඒ කිසිම දෙයක් නැතිව මුදල් අමාත්‍යාංශයේ නිළධාරීන් මේවාට ඉඩ දෙන එක පුදුම වැඩක් නොවෙයිද?

අනික් කාරණය තමයි අපි අර මුලින් කියපු ජපන් කොම්පැණිය කුරුනෑගල, රත්නපුරය හා ජයවර්ධනපුර රෝහල්වල සෝලා පැනල් ඉදිකර දෙන්න ග්‍රාන්ට් එකක් දෙන්න ඉදිරිපත් වෙලාත් තියෙනවලු. ඒක නැවතිල තියෙන්නෙ මොකද දන්නවද? ඒකට ඔය කියන ලොක්කෙක් ඩොලර් මිලියන 20ක කොමිස් කුට්ටියක් ඉල්ලලා ඒක ජපන්නු ප්‍රතික්ෂේප කළ හින්ඳලු . ලු කියලයි දැනටනම් කියන්න වෙන්නෙ. අදාල කොළටික අතට ආපු ගමන් අපි ඒක තහවුරු කරලම කියන්නම්. අපිට කලින් ඔයාලට මේව ආරංචි වෙයිනේ... මේව ඉතිං ගොසිප්නෙ නේද?

හෙටත් හම්බවෙමු.