SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

බාලගිරි දෝසය අද නෙවෙයි හෙට කිව්වැහේ දවසින් දවස අවුරුද්දකට ආසන්න වෙනකල් ම කල්ගියපු කැබිනට් සංශෝධනයක් ගැන ඔන්න ආයෙත් කසු කුසුවක් ඇවිත්.

මේ ආරංචිය අපිට දුන්නෙ නම් තවත් වෙනස්කිරීමකට ලක්කරන්නට නියමිත කෙලි සෙල්ලම් අමාත්‍යාංශයක් පැත්තෙන්. ඒත් ඒ ආරංචියෙන් වැඩුපුර කියැඋනේ සෞඛ්‍ය අමාත්‍ය ධූරය ගැන.

ඒ කියන විදිහට ඔන්න සෞඛ්‍ය ඇමති ධුරය රාජිත සේනාරත්න ලොක්කටත්, ක්‍රීඩා ඇමතිධුරය රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරටත් දෙන්නලු හදන්නෙ. මේ දෙන්න ඒ ක්ෂේත්‍ර දෙකේ ප්‍රවීනයෝ නිසා ඒක ගැලපෙනව කියලත් ආරංචියෙන් කියැඋනා.

 

Cabinet

 

අපිට ලැබුනු ආරංචිය නම් 06 වෙනිදාට අමාත්‍ය ධූර 03ක වෙනස්කම් සිදුකරන්නට යන බවයි.

ලංකාවේ සෞඛ්‍ය කියන්නේ දැන් දැන් විශ්වාසයක් ඇතිව පැරසිටමෝල් පෙත්තක්වත් ගන්න බය හිතෙන ක්ෂේත්‍රයක් වෙලා. ඇස්වලට දෙන බෙහෙතෙන් ලෙඩාව අන්ධ වෙන, නිර්වින්ධන බෙහෙත් වලින් නිර්වින්දනය නොවෙන, අමුතු ආකාරයේ තැනක්.

ඒ කතාව නෙවෙයි අද SLleader ගොසිප් එකෙන් කියන්න යන කතාව.

ලංකාවේ පාරිභොගිකයන්ගේ සංගමය පැත්තෙනුයි අපිට මේ ආරංචිය ආවේ.

ලංකාවේ තියෙන ජාතික  රෝහල් වල  සෝලා පවර් පද්ධතියක් සවිකරන්නට ජපන් සමාගමක් ප්‍රොපෝසල් එකක් ඉදිරිපත් කරලලු. ඒකට අනුව 35%ක ආදායම රෝහල්වලට දෙන්නත් මාස කිහිපයකින් 50%ක් දක්වා දෙන්නත්  ඔවුන් ඉදිරිපත්වෙලා තියෙනවාලු. හැබැයි වැඩේ කියන්නේ  වර්තමාන සෞඛ්‍යයේ ලොක්කා මේ අවස්ථාව මගෑරලා දේශීය සමාගමකට අවස්ථාව ලබාදෙන්න තීරණය කරලාලු . ජපන් සමාගම මගහරින්නට හේතුව වෙලා තියෙන්නෙ සෞඛ්‍යයේ ලොක්කාගේ ඉල්ලීමක් ඉටු නොකිරීම කියල තමයි අපේ ගොසිප් එකට ආරංචි උනේ. ඒ තමයි තමන්ගෙ සහෝදරයාව ඒ ජපන් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයට පත්කරගන්නැයි කියල යෝජනාවක්ලු. ජපන්නු මේක ප්‍රතික්ෂේප කරල යන්න ගියාලු. අපි මේවයෙ ඇත්ත නැත්ත නම් හරිහැටි දන්නෙ නැහැ. ඒත් ගින්නක් නැතිව දුමක් නගින්නෙත් නැහැ.අනික ඖෂධ සමාගම් එක්ක සිද්ධවෙච්ච වැඩෙත් හින්ද ඒක කටකතාවක් විතරයි කියල අයින් කරන්නත් බැහැ. කොහොම උනත් හෙට අනිද්දට මේව ඔක්කොම හෙලිවෙයි කියලනම් කියන්න පුළුවන්.

 

ඒ මොනව උනත් මේ 06 වෙනිදාවත් අළුතින් සෞඛ්‍ය ඇමතිවරයෙක් පත්වේවිද? තහනම් පැනවෙන ක්‍රීඩාවන් රැකගන්න පුළුවන් ක්‍රීඩා ඇමතිවරයෙක් පත්වෙයිද? සෞඛ්‍යය ගැන කතාකරන එකත් සෞඛ්‍යයට හිතකර නොවේවිද?  වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගේන්න හදන සංඝායනාවට මේව අදාළ නැති වෙයිද?

මේවනෙ අප්පා දැවෙන ප්‍රශ්න.