SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සුප්‍රසිද්ධ ටෙලිනාට්‍ය නිෂ්පාදිකාවක් වූ  සුධර්මා නෙත්තිකුමාර ගේ මෙහෙකාරිය වූ රාජ් කුමාරිගේ මරණය සම්බන්ධව

විමර්ශන කටයුතු කඩිනම් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (02) නියෝග කළේය.

රාජ් කුමාරි ඉකුත් මස 11 වැනිදා පොලිස් අත්අඩංගුවේ පසුවෙද්දී මියගොස් තිබිණි. ඇගේ සැමියා විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඇයට පොලීසියේදී  පහර දී තිබු බවයි.

 

අදාළ පැමිණිල්ල අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ  මියගිය කාන්තාව අවසන් වශයෙන් රැඳී සිටි ස්ථානයේ CCTV දර්ශන හා අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයා ඉල්ලා සිටියද මෙතෙක් ලබාදී නොමැති බවය.

ඒ සඳහා උසාවි නියෝගයක් නිකුත් කරන ලෙසද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා ඇත.

එමෙන්ම මියගිය කාන්තාව අවසන් වශයෙන් රැඳී සිටි ස්ථානයේ CCTV දර්ශන හා අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයාගේ ඉල්ලීමට අනුව ජාතික රෝහලේ සටහන් ලබාගෙන විමර්ශන සිදුකරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

එහි  ප්‍රගතිය ලබන 21 වැනිදා වාර්තා කරන ලෙසත්  මහෙස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර ඇත.

 

මෙතෙක් කර ඇති මූලික  විමර්ශනයන්ට අනුව හෙළි වී ඇත්තේ සුධර්මා නෙත්තිකුමාරගේ මුද්දක් සොරකම් කළ බවට චෝදනා කර  පසුගිය මස 11 වැනිදා මෙම කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණේ පැමිණිල්ලක් සටහනක් කිරීමකින් තොරව බවය.

 

කාන්තාව මිය ගිය පසු සුධර්මා නෙත්තිකුමාර අදාල පැමිණිල්ල සටහන් කර ඇති බව විමර්ශන අංශ සඳහන් කරයි. එහිදී මෙම මෙහෙකාර කාන්තාවට පොලිස් අත්අඩංගුවේ දී දැඩි ලෙස පහර දී ඇති බවත් ඊට කාන්තා නිලධාරීන්ද එක් වී ඇති බවත් හෙළි වී ඇත.