SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානු කණ්ඩායම අතරේ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අද ආරම්භ වෙනවා.

මේ තරගාවලියේ සියලුම තරග පැවැත්වෙන්නේ හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාගණයේදී. තරගාවලියට සහභාගිවෙන ඇෆ්ගන් සංචිතය කලින්ම නම්කරලා තිබුණා. ඒ වගේම ක්‍රීඩකයන් 16 දෙනෙක්ගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය අන්තිම මොහොතෙදි නම්කරන්න කටයුතු කලා.

ඇෆ්ගනිස්ථානය මේ වෙද්දිත් ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබලා ඉවරයි. ඒත් ශ්‍රී ලංකාවට සුදුසුකම් ලැබීමේ වටයට ජූනි 17 වෙනිදා ඉඳන් ක්‍රීඩාකරන්න වෙනවා. ඒ කියන්නේ මේ තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වයට ඉතාම වැදගත් තරගාවලියක්. එහෙම තරගාවලියකට ඇෆ්ගනිස්ථානයෙන් එල්ලවෙන අභියෝගය සුළුවෙන් හිතන්න පුළුවන්ද?

 

අපි හිතන්නේ මේ තරගාවලිය හිතනවට වඩා අමාරු තරගාවලියක්.

ශ්‍රී ලංකා -ඇෆ්ගනිස්ථාන එක්දින තරග ඉතිහාසය බැලුවම 2014 දි ඉඳන් මේ දක්වා කණ්ඩායම දෙක එක්දින ජාත්‍යන්තර තරග 7කදි මුහුණට මුහුණ හමුවෙලා තියනවා. එයින් තරග 4ක ජය ශ්‍රී ලංකා කණ්ඩායමටත්, තරග 2ක ජය ඇෆ්ගනිස්ථානු කණ්ඩායමටත් හිමිවෙලා තියනවා. අවසන් වතාවට කණ්ඩායම් දෙක හමුවෙන්නේ පහුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වුණු එක්දින තරගාවලියෙදි. මේ තරගාවලිය තරග 1-1 ක් විදිහට සමව අවසන් වෙන්නේ ඇෆ්ගනිස්ථානය පැත්තෙන් ශ්‍රී ලංකාවට දරුණු අභියෝගයක් එල්ල කරමින්. ඒ වගේම මේ තරගාවලියේ අවසන් තරගයේදී ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇෆ්ගනිස්ථානු කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 300 ඉක්මවලා ලබාගත්තේ. ඒ වගේම පළමු තරගයේදී ලකුණු 294ක් ලබාගන්නත් සමත්වුණා.

 

ඒ විදිහට බලද්දි ඇෆ්ගන් පිතිකරුවෝ ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉදිරියේ ඉස්සර තරම් පීඩනයකින් පන්දුවට පහරදෙන බවක් පෙනෙන්න නෑ. දෙරට අතරේ එක්දින තරගවලදි පිත්තෙන් වැඩිම ලකුණු ලබාගෙන තියෙන්නේ ඇෆ්ගනිස්ථානු පිතිකරු ඊබ්‍රහිම් සාද්රාන්. ඔහු තරග 3කදි ලකුණු 278ක් ලබාගෙන තියෙවා. ගිය අවුරුද්දේ ශ්‍රී ලංකාවත් එක්ක අවසන් තරගයේදී සාද්රාන් ලබාගත්ත ලකුණු 162 මෑතකදී ශ්‍රී ලංකාවේ පන්දු යවන්නන්ට එරෙහිව ලංකාවේදී එල්ලවුණු දරුණුම ප්‍රහාරය කිව්වට වරදක් නෑ.සාද්රාන් ඒ තරගාවලියේ ලංකාවට එරෙහිව ශතක දෙකක්ම ලබාගත්ත නිසා ලංකාවේ පන්දුයවන්නන්ට තියන ලොකුම තර්ජනය ඊබ්‍රහිම් සාද්රාන් කියලා සැකයක් නෑ. ඒ වගේම පිතිකරුවන්ගේ සටහනේ රහමත් ෂා, නජිබුල්ලා සාද්රාන්, මොහොමඩ් නබී වගේ ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ පිතිකරුවන්ට වඩා ඉදිරියෙන් ඉන්නවා. ඇෆ්ගනිස්ථානයට එරෙහිව වැඩිම ලකුණු ලබාගත්ත ශ්‍රී ලාංකීය පිතිකරුවා වෙන්නේ කුසල් ජනිත් පෙරේරා. ඔහු තරග 3කදි ලකුණු 128ක් ලබාගෙන තියනවා. නමුත් අවාසනාවකට ආබාධයක් නිසා කුසල් මෙවර තරගාවලියට නම්කරපු සංචිතයේ ඇතුලත්වෙන්නේ නෑ. ඒ ඇරනම ඇෆ්ගනිස්ථානයට එරෙහිව සාර්ථකවුණු පිතිකරුවෝ විදිහට මේපාර සංචිතයේ ඉන්නේ පැතුම් නිස්සංක, ඇන්ජෙලෝ මැතිව්ස්, චරිත් අසලංක විතරයි. හැබැයි මේ කිසිම පිතිකරුවෙක්ට ඇෆ්ගනිස්ථානයට එරෙහිව ශතකයක් ලබාගන්න පුළුවන්වෙලා නෑ. ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතරේ එක්දින තරගවලදි වැඩිම කඩුලු ලබාගත්ත පන්දු යවන්නන් විදිහට මේ සංචිතය නියෝජනය කරන්නේ තරග 5කදි කඩුලු 9ක් ලබාගෙන ඉන්න රෂීඩ් ඛාන්. නමුත් ආබාධයක් නිසා රෂීඩ් මේ තරගාවලියට සහභාගී නොවෙන එක ශ්‍රී ලංකා පිතිකරුවන්ට විශාල සහනයක්. ඒත් මොහොමඩ් නබී, මුජීබ් උර් රහමන් වගේම යොවුන් ක්‍රීඩක නූර් අහමඩ් ශ්‍රී ලංකාවේ පිතිකරුවන්ට විශාල අභියෝගයක් වේවි කියලා අනුමාන කරන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තම කසුන් රාජිත තරග 3කදි කඩුලු 7ක් ලබාගෙන ඇෆ්ගන් පිතිකරුවන්ට විශාල තර්ජනයක් එල්ලකරනවා. ඒ හැරෙන්න ඇෆ්ගන් පිතිකරුවන්ට අභියෝගයක් දෙන්න පුළුවන් පන්දු යවන්නෙක් විදිහට දක්ෂතා දක්වලා තියෙන්නේ වනිඳු හසරංග විතරයි. ඒත් මහීෂ් තීක්ෂණ, ළහිරු කුමාර වගේ ක්‍රීඩකයින් සංචිතය ඇතුලේ ඉන්න නිසා පන්දු යැවීම පැත්තෙන් ශ්‍රී ලංකාව ශක්තිමත් කියලා කියන්න පුළුවන්. ඇෆ්ගනිස්ථානු කණ්ඩායම පහුගිය අවුරුදු කීපය ඇතුලේ අවස්ථා ගණනාවකදිම අයර්ලන්තය, සිම්බාබ්වේ කණ්ඩායම එක්දින තරගාවලදි පරාජය කිරීම වගේම, පහුගියදා පාකිස්ථානය එක්ක පැවැත්වුණු විස්ස විස්ස තරගාවලිය වගේම පහුගිය කාලේ බංගලාදේශය, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වගේ කණ්ඩායම් පරාජයට පත්කරලා ඉතාම හොඳ මානසිකත්වයක ඉන්නවා කියන එක පැහැදිලියි. ශ්‍රී ලංකාවට පසුගිය ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලියේ තරගාවලියේ ජයගන්න පුළුවන් වුනේ තරග 21කින් 7ක් විතරයි.

ඒ නිසා ශ්‍රී ලංකාව ඉන්නේ දැඩි පීඩනයකින්.

මේ පීඩනයට මුහුණ දෙන්නෙ කොහොමද කියල බලන්න පහත වීඩියෝවෙන් Sports with Himashi සමග..