SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ආන්දෝලනාත්මක ප්‍රකාශයක් තම කලා ප්‍රකාශනයක් තුළින් සිදුකිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නතාෂා එදිරිසූරිය හට ආධාර

අනුබලදීම සම්බන්ධයෙන් SLVlog යූටියුබ් නාලිකාවේ හිමිකරු බවට  ඊයේ දින මාධ්‍ය මගින් ප්‍රකාශයක් සිදුකළ බෘෘනෝ දිවාකර නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (31) පස්වරුවේ මොහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

යු ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යමින් අදාළ පුද්ගලයා ආගමික නිදහසට හානි වන ආකාරයෙන් ප්‍රකාශ ප්‍රචාරය කිරීමට ආධාර අනුබල ලබාදී ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මෙම නාලිකාව ඊයේ තම අයිතිකාරිත්වය ප්‍රකාශ කිරීමට පෙර සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ පුවත වූයේ එය දර්ශන හඳුන්ගොඩ නැමැති යූටියුබ් ප්‍රකාශකයා විසින්  මංජු නිශ්ශංක නැමැත්තා විසින් මිලට ගත් නාලිකාවක්  බවය. කෙසේ වුවත් ඊයේ පැවැති මාධ්‍ය හමුවක් මගින් මෙම නාලිකාවේ පූර්ණ අයිතිය තමා සතුවන බව බෲනෝ දිවාකර විසින් ප්‍රකාශ කරන ලදී.

පැය 8ක පමණ ප්‍රශ්න කිරීමකින් අනතුරුව මෙම  සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.