SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය දා මහත් ආන්දෝලනයකට තුඩු දුන්, සිදුහත් උපත විවේචනය කළ නතාශා එදිරිසිංහ මෙම අවස්ථාවේ දී රක්ෂිත බන්ධනාගාරයේ සිටින බව දැන් කාටත් නොරහසක්.

එහි පරීක්ෂණ කටයුතු වලදී හෙළි වී ඇති කරුණු කිහිපයක් තිබේ. එනම් එම කතාව ඇය සිතා මතා කළ එකක් බවත් එහි රචකයා වෙනත් පුද්ගලයෙක් බවත්.

කෙසේ වෙතත් මේ වනවිට එකී සිද්ධිය සිදු වූ අවස්ථාවේ ඊට උපහාසයෙන් සිනහ වී අත්පොළසන් දුන් පිරිස සම්බන්ධයෙන් ද පරීක්ෂණ පැවැත්වෙනවා.එමෙන්ම ඒ ආකාරයෙන් සිනා වූ අයගේ පින්තූර කිහිපයක් ද සමාජ ජාල මගින් ප්‍රසිද්ධ කර තිබුණි.

එහි එක් පින්තූරයක් උපුටා දක්වමින් අමාත්‍ය සනත් නිශාන්ත විසින් තම නිල ෆේස් බුක් ගිණුමේ සටහනක් තබා තිබුණි.

එම සටහන පහතින්

බුදුන්ට අපහාස කර ආන්දෝලාත්මක ප්‍රකාශයක් සිදුකළ නතාෂා එදිරිසූරියගේ කතාවට කොක් හඩලා සිනාසුනු පිරිස අතර, අභිෂේකා ප්‍රනාන්දු ඔබත් ඉන්නවා වගේ දැක්කා..

මේ අභිෂේකා ප්‍රනාන්දු යනු මා දන්න ජූඩ් සමන්තගේ දුව වූ අභිෂේකා නම්..

මා දන්නා තරමින් ජූඩ් සමන්ත යනු කතෝලික බැතිමතෙක්.. ජූඩ් සමන්තගේ බිරිද බෞද්ධ ධර්මය අදහන අයෙක්.. මේ ගෙදර බුදුන්ට මෙන්ම ජේසුස් වහන්සේටත් පහන පත්තු කරල පූජාවන් පවත්වන බව මා පෞද්ගලිකව දන්නා කරුණක්.. කවදාවත් ඒ ගෙදර සැමියා සහ බිරිදවත් මේ පිළිම දෙකවත් ආගම නිසා රන්ඩු වෙලා නෑ..

මා වයඹ ධීවර අමාත්‍යවරයා සමයේ ඔබේ පියා මාගේ මාධ්‍ය ලේකම් ධුරය දැරුවා.. ඒ සමයේ මම ඕනෑතරම් ඔබේ ගෙදරට ඇවිත් තියෙනවා.. ඒ සෑම අවස්ථාවකම ඔබ මට කටපුරා අංකල් යනුවෙන් ආමන්ත්‍රණය කරල තියෙනව.. පිටත්ව යන සෑම අවස්ථාවක මට වැදල තියෙනව…

ඔබ උස්මහත්වෙලා SLV LOG ආයතනයට ඇතුලත්ව, වැඩසටහනක් දෙකක් සිදුකල නවකයෙකු ලෙස සිටියදී ආරච්චිකට්ටුව මාගේ නිවස සහිත කාර්යාල භූමියේ පැවැත් වූ ආණමඩුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන බලමණ්ඩල රැස්වීමේ දී ගත් දර්ශන කිහිපයක් උපයෝගි කරගෙන මේ රට ත්‍රස්ථවාදයෙන් මුදවාගෙන රට එක්සේසත් කල නායකයා වුණු අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් පෞද්ගලිකව මටත් ෆේස්බුක් හරහා අපහාස කලා

‘‘මහින්ද ඇවිදින්නේ මෙහෙමයි“

‘‘සනත් නිශාන්ත කෙල හලන්නේ මෙහෙමයි“

වගේ කතා කියල.. ඔබ ඒ වෙලාවේ කතා කලේ අරගලයට ගොස් මනස විකෘති වු අනෙකුත් තරුණ තරුණියන් සේ මහත් ආවේගශීලීවයි. ඒ වගේම එම වැඩසටහන අතරතුර දි ඔබේ මුවින් ‘‘අපේ අරගලයේ දී සිදු වූයේ මෙහෙමයි“ යනුවෙන් පිට වූ වදන් මගින් ඔබත් අරගලයේ ක්‍රියාකාරිණියක ලෙස සිට ඔබේ මනස විකෘති කරගත්තියක බව මනාව සහතික උනා

මම ‍එම අවස්ථාවේ ෆේස් බුක් මාර්ගයෙන්ම ඔබට අවවාද කලා “දුවේ ඔබ ජූඩ් සමන්තගේ දරුවෙක්.. තාත්ත කවදාවත් මේ විදියට හැසිරිලා නෑ.. ඔබ පියාගේ අඩි පාරේ ඉදිරියට යන්න.. පියාව ආදර්ශයට ගන්න“ කියන උපදේශයත් සමග.

මේ අවවාදය දැකල ජූඩ් සමන්ත අය්යා මා පෞද්ගලිකව අමතල පැවසුවේ.. ‘‘මගේ දුව දැන් බැදල වෙනම පවුලක් ලෙසයි ජීවත් වෙන්නේ.. ඇය කියන කරන දේවල් වල වගකීම දැන් මට ගන්න බෑ“ කියල.

ඒ කතාව තුළින් මම දැක්කේ ගුරුවරයෙක් වරදකට තම දරුවාට දඩුවම් කරනකොට, එයට විරුද්ධවන පියෙකුගේ සහ ඔබේ පියාගේ වෙනසක් නොමැති බවයි.

ඔබ මුලින් ඔබේ මිතුරන් සහ හිතවතුන් සමාජ මාධ්‍ය සහ විවිධ ක්‍රම ඔස්සේ සමච්චලයට ලක්කරමින් ට්‍රෙන්ඩ් එකක් හදා ගන්න උත්සහ කලා.. ඊ ලගට බෞද්ධ ස්වාමීන් වහන්සේලා ඒ සදහා යොදා ගත්තා.. දැන් ආගමික සාස්තෘවරුන් යොදාගෙන ඒ දේම කරමින් සිටිනවා..

ඔබේ පියා මුල් අවස්ථාවේදීම ඔබගේ ක්‍රියා කලාපය පිළිබදව අවවාධ කර, ඔබ යහමගට ගත්තේ නම් ඔබත් ඔබේ පියා වැනිම මාධ්‍යයට සේවාවක් සිදුකරන්නියක වන්නට තිබුනා.. නමුත් දැන් ඔබේ මාර්ගය බොහෝ සේ වෙනස්ව ඇති බව පෙනී යනවා..

දුවේ… මම ඔබට දෙවැනි අවවාදය ලබා දීමට මෙය අවස්ථාවක් කර ගන්නවා..

ජූඩ් අයියේ.. මම ඔබට එදත්, අදත්, හෙටත් ආමත්‍රණය කරන්නේ ‘‘අයියා“ යනුවෙනුයි.. ඒ ඔබ මගේ සහෝදරයෙකු හා සමාන නිසයි. ඔබ ඔබේ දියණිය දැන්වත් යහමගට ගෙන හදා ගන්න උත්සහ කරන්න.. නැත්තනම් මෙම ක්‍රමයේ යම් උච්චතම අවස්ථාවක, සමාජය මගින් ඇයට ගල් ගසන මොහොත ඉතා ඉක්මනින් පැමිණිය හැකියි. ඔබේ උපදෙස් හා මග පෙන්වීම මත ඇයට ඉතාමත් සාර්ථක ගමනක් යාමට හැකියාව පවතින බවත් ඔබටම පෙන්වා දීමට මෙය අවස්ථාවක්ද කරගමි.

මේ සිටින්නේ ජූඩ් සමන්තගේ දුව අභිෂේකා ප්‍රනාන්දු නොවේ නම්.. මෙය ඔබට අදාල කර නොගන්නා ලෙස ද කාරුණිකව සදහන් කරමි.

 

උපුටාගැනීම -  Sathiya.lk