SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නතාෂාගේ කොමඩියට හිනා නොගිය ඔක්කොටොම ඊයේ ඒ SLvlog නාලිකාවේ අයිතිකාරයෝයි, හවුල් කාරයෝ ඉඳගෙන කරපු කොමඩියට නම් හොඳට හිනා ගියා.

මොකද සති හයක් පරණ වීඩියෝ එකක් ගේමක් සෙට් කරලා එලියට දාලා වැරදි තීන්දුවක් කියලා පිළිගත්ත එකට. හැබැයි වගකීම ගන්න බැහැ ..කියලා මෝඩ තර්ක දාපු එකට.

 

සජීව විකාශයකදී නම් වගකීම ගන්න අවශ්‍ය නැහැ. හැබැයි තමන්ගේ කන්ටෙන්ට් එකකට කළා නම් ඒකෙත් වගකීම නාලිකාව ගන්න ඕන. රට හදන්න, ලස්සන ස්ටුඩියෝ එකක් තිබිලා මයික් ටිකක් තිබුණම ඇති කියපු මාධ්‍ය කණ්ඩායමේ අවම සදාචාරයවත් නැති බව ඊයේ නම් හොඳටම ලෝකෙටම පෙන්නුවා.

 

නතාෂට අටවපු උගුලක් කියලා වගේම මේ යන්නේ එක්ස් රාජපක්ෂ කෙනෙක් වෙන දිලිත් රාජපක්ෂ හා බැසිල් ප්‍රමුඛ රාජපක්ෂ පැමිළිය එක්ක සිද්ධවෙන ගැටුමක් කියලා ඊයේ මේ නාලිකාවේ අයිතිකාරයාගේ මාධ්‍ය සාකච්චාවෙන් පැහැදිළියි.නතාෂාව බිල්ලට දීලා දීලිත්ගේ පරණ වීඩියෝවක් දැම්මේ සංවිධානාත්මකව කියලත් හොඳටම පැහැදිලියි. මොකද දිලිත් හා ජනක තමයි දැන් එයාලට තියෙන අභියෝගය. දිලිත් කරත් නතාෂා කරත් වැරදියි. නතාෂා හිරේ ගියාට දිලිත් යන්නේ නැහැ. හැබැයි දිලිත් ගේ ජනාධිපති සිහිනය බාගෙට බාගයක් හෙල්ලෙන්න ගන්නවා.

 

ඒ අතරේ රනිල් වික්‍රමසිංහ එයාගේ වාසිය අනිත් හැම වෙලාවේම වගේ ගන්නවා. කුණුහරුප රාජාන්ගනේ උඩ තියපු හැම කෙනාම බුදු සමයේ හානියට දායක වුණා කියලා පසු තැවිලි වෙන්න. හැබයි රාජාන්ගනේ එලියට එන්නේ චානසාර කෙනෙක් වෙලා. එන්න ඒකට අපි ජාතියක් හැටියට බය වෙන්න ඕන. මිනිහා ඉස්සර කිව්වේ පිස්සුවෙන් හරුප විතරයි. කොහොම නමුත් නතාෂා මට කියන්න තියෙන්නේ උඹව බිල්ලට දීලා මේ කට්ටිය කඩාගත් කුට්ටිය ගැන හැඟීමක් නැතිව ඇති. විශ්වාශ කරන්න එපා.. දැන් නහයටම ගිල්වලා අවසන්. එයාගේ යාළුවෝ මේක අතට අරන් කළමනාකරණය කරන විදිය අපි බලා සිටිනවා.

 

මේ නාලිකාවේ පම්පෝරි දේශපාලනේ ගැනත් කියන්න ඕන..නතාෂට ගේම දීලා වගකීම ගන්න බැරිනම්..මේ කරන්න යන දේශපාලනයත් මේ විදියමයි. වසර 75 ක් වගකීම් ගන්න බැරි වෙච්ච කප්පරක් දේශපාලුවෝ ගොඩට, එයාලත් එකතු වෙලා ඉවරයි. ඒ මදිවට මේ රට ආපසු ආගමික අන්තවාදය වෙත හරවපු කට්ටිය හැටියට එයාලා ඉතිහාසගත වෙලා ඉවරයි..

බේරේ වැවේ සිද්ධිය මතක් වුණා.

 

@Subhashini Wipfler