SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLVLOG කියන්නේ ප්‍රජෙක්ට් එකක් බවත්, තමා මංජු ශ්‍රී නිශ්ශංකගේ දේශපාලනයට කැමැති බවත්,

ඒ සම්බන්ධ අන‌්‍යොන්‍ය ප්‍රතිලාභයක් ලෙස තමන්ට අදාළ චැනල් පවත්වාගෙනයාමට ලස්සන ස්ටුඩියෝ එකක් ලැබී ඇතැයි ද SLVLOG හි හිමිකරු බව කියන බෲනෝ දිවාකර කියා ඇත.

කොළඹ (29) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව  කියා සිටී.

SLVLOG මාධ්‍ය ජාලයේ සම්පූර්ණ හිමිකාරයා තමා බවද ඔහු සඳහන් කළේය.

 


SLVLOG යූඇන්පීයේ මෙහෙයුමක්!

 

JR

 

බෘනෝ දිවාකරගේ මාධ්‍ය හමුවෙහි ඔහුගේ කතාවෙන් පැහැදිලිවම පෙනී යන්නේ ඔහු ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින බවත්, ඔහුගේ බලාපොරොත්තුව රනිල්ගේ නායකත්වය බවත් යැයිද,  නතාෂාගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් බෲනෝ සතුට පළකරමින් කියා සිටින්නේ දැන් මුළු රටම SLVLOG ගැන දැනගත් බවත් එය තමන් හට වාසි සහගත බවත් යැයි ස්පාර්ටකස් සාමූහිකය මේ පිළිබඳව අදහස් දක්වමින් කියා ඇත.

 

එහිදී සමාජ මාධ්‍ය පෝස්ටුවක් මගින් අදහස් දක්වන ස්පාර්ටකස් සාමුහිකයේ  මාධව රුවන්පතිරණ කියා සිටින්නේ SLVLOG වැනි සමාජ මාධ්‍ය මෙහෙයුම් කණ්ඩායම් සඳහා UNPය සහ එහි හිතවතුන් විශාල වශයෙන් වියදම් කරමින් සිටින බවයි.

 

එම පෝස්ටුවෙහි ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි.

“රනිල්ගේ උත්සාහය වන්නේ සජබ විනාශ කොට එහි සියලු දෙනාම පාහේ UNPයට එකතුකොට ගෙන පොහොට්ටුවේ බැසිල් පාර්ශවය ද එක්කොට ගනිමින් මහා මැතිවරණයකට යාමයි (ජනාධිපතිවරණයකට යාම අවාසි සහගත බැවින්). එහිදී පොහොට්ටුවේ නාමල් පාර්ශවය වෙනම තරඟ වැදී පසුව රනිල් හට ආණ්ඩුවක් පිහිටවීම සඳහා සහාය දෙනු ඇත. රනිල් විසින් ආගමික පොලීසියක් ද පිහිටවීමට උපදෙස් ලබා දීම තුලින් පෙනී යන්නේ එයයි.

SLVLOG වැනි සමාජ මාධ්‍ය මෙහයුම් කණ්ඩායම් සඳහා UNPය සහ එහි හිතවතුන් විශාල වශයෙන් වියදම් කරමින් සිටින බව පෙනෙන්නට තිබේ. තවමත් එලි බැස නොමැති විශාල එවැනි මෙහෙයුම් රැසක් ඉදිරියේදී පැමිණෙනු නොඅනුමානය.

යම් ලෙසකින් මහා මැතිවරණය ජයග්‍රහණය කොට රනිල් විසින් එසේ ආණ්ඩුවක් පිහිටවුවහොත් අනීවාර්ය ලෙසම තම මාමා අනුගමනය කරමින් පොලීසියට සතියක නිවාඩුවක් නොව මාසයක පමණ නිවාඩුවක්ම ලබා දෙනු ඇත්තේ හීන වී ගොස් ඇති ප්‍රභූ ගරුත්වය නැවත උදා කොට ගැනීම සඳහා සහ ලිබරල් ධනවාදී ප්‍රතිසංස්කරණ වලට අවශ්‍ය තත්වය සකසා ගැනීම සඳහාය".

පහත දැක්වෙන අමාත්‍ය මනූෂ නානායක්කාරගේ  කතාව තුලින් එය වැඩිදුරටත්  තහවුරු වන බවත් ඔහු පවසයි.