SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊයේ රාත්තිරියේ (28) රාජාංගනයේ සද්ධාරතන හාමුදුරුවො අත්අඩංගුවට ගත්තෙ නම් සමාජ මාධ්‍ය ඔස්සෙ සිදුකරල තියෙන ප්‍රකාශවලින් ජාතීන් අතර නොසන්සුන්තාවයක් ඇතිවීමට ඉඩකඩක් තියෙනව කියලයි.

මේ ගැන (28) දවල්  සීඅයිඩීයට ගිහින් පැමිණිලි කරල තිබුනෙ පාහියන්ගල ආනන්ද සාගර හාමුදුරුවො.

මේ අතරෙ මේව‌ගේ නාටකවලින් බරටම සැප ගන්නෙ රාජපක්ෂ රෙජීමය කියල දැන්නම් සෝෂල් මීඩියාවලත් හැමෝම වගේ දන්න කාරණයක් වෙලා. පහුගිය දවස්වල ජාතිවාදී, ජාතිකවාදී ලයින් අස්සන්න විමලෙගෙන් වෙච්ච අඩුව වහගන්න අළුත් සෙට් එකක් මාධ්‍යයට බස්සලා කියලත් ඒකට ලොකු මුදලක් යොදවලා කියලත් මාධ්‍ය ලෝකේ කතා උනා. ඒකට අසල්වැසි රටකුත් ෆුල් සපෝට් කියලත් කියැවුනා.

කොහොමත් වල් ඌරො කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් කියනවනේ.

 

අද අධිකරණයට ඉදිරිපත් කරපු රාජාංගනයෙ හාමුදුරුවන්ව ජුනි මාසෙ 07 වෙනිද වෙනකල් රිමාන්ඩ් භාරයට පත්කරලලු. හාමුදුරුවො පාර්ශ්වයෙන් ඉදිරිපත්වෙලා තිබුණෙ අරගලයෙ නීතීඥ මහත්තයා මනෝජ්ලු.

 

ඔන්න වැඩේ ඒකත් නෙවෙයි, රාජාංගනයෙ හාමුදුරුවන්ගෙ ගිණුමට කෝටි 8ක් ආපු හැටි ගැන දැනටම හෙළිදරව්වකුත් වෙලා කියලයි අපිට ආරංචිය. හාමුදුරුවො ඒකටනම් අරගලයෙදි, අරගලකාරී ඉදිරිපත් කිරීම් කරපු  යූටියුබර් කෙනෙක්වත් සම්බන්ධ කරලලු. හෙට අනිද්දට මේ යූටියුබර්වත් අත් අඩාංගුවට ගනීවි කියලයි කසු කුසුව. මේ විදිහට එකිනෙකා පාවාදී ගන්නා අරගලයේ ගිනි සිළු ගැන මේ සොයාගැනීම් ජනාධිපති රනිල්ගෙ  තවත් උප්පරවැට්ටියක් වෙන්නත් පුළුවන්ලු.

 

ජනාධිපති රනිල් මහජන ආරක්ෂක ඇමති ටිරාන්ට කියල තියෙනවයි කියන්නේ රට තුළ ජාතිවාදී හා ආගම්වාදී ගැටුම් ඇතිකරන්න කුමන්ත්‍රණය කරන හැමෝටම නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න කියලලු. ඒත් එහෙම කරන්න යද්දි වෙනද වගේ නෙවෙයිලු, හෙළිදරව් වෙන්නෙ අරගලය වකවානුවෙ ඒ අරගල ඇත්තොන්ගෙ ගිණුම්වලට සල්ලි ආපු හැටිලු.

 

එහෙමනම් ඉතිං ඉස්සරහට අරගල කෙසේ වෙතත් මුදල් ගනුදෙනු නාටක ටිකක් බලාගන්න පුළුවන් වෙයි වගේ. ඒ කියන්නෙ සුළු  ධනේෂ්වර පන්නයේ මධ්‍යම පන්තික අරගලයකට තවත් නම් ඉඩක් ලැබෙන එකක්ම නෑ වගේ.

 

මේ වෙලාවට සමහරු නම් කියන්නෙ ජේආර් මොනවද කරේ? මෙන්න සුපිරි කපටි නරියා කියලයි.

 

@SLleader Gossip