SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඊයේ අප විසින් පලකල සුපුරුදු වාම කුලප්පුව නමැති ලිපියේ අන්තර්ගත කරුණු නිවැරදි බව UNPය විසින් තහවුරු කරන නිවේදනයක් වත්මන් UNPයේ ප්‍රබලයෙකු වන,

හිටපු ජවිපෙ මධ්‍යමකාරක සභික, කලක් අප ද ඇසුරු කල, Waruna rajapaksa විසින් නිකුත් කොට ඇත (වරුණ ජනාධිපති උපදේශකයෙකි).

 

වරුණගේ සටහනේ ඇති වැදගත්ම කොටස:

"මේවෙලාවෙ ආන්ඩුවට තියන ලොකුම අභියෝගෙ ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම, ඒකට විශාලම මතවාදී සහාය ලබාදෙන්නෙ රැඩිකල් දක්ෂිණාංශිකයන් , එයාලගෙ පන්සිල් පද වගේ දේවල්

භාෂණයේ නිදහස

ජාතික ප්‍රශ්නය

Lgbt ප්‍රශ්නය ...

ඒනිසා මේ කොමඩියෙන් හදන මතවාදී දැපැත්තෙදි මේ රැඩිකල් දක්ෂිණාංශිකයන්ට පෙනී ඉන්න වෙන්නෙ ඩෑන්ලට නානසාරලට විරුද්ධව අරගලය අවසාන වෙනකොට අරගලය තුල හිටපු වාමාංශිකයන් සහ ලිබරල්වාදීන් දෙකට බෙදුනෙ රනිල්ගෙ ආර්ථික වැඩපිලිවලට ලිබරල්වාදීන් පක්ෂ නිසා, ඒ බෙදීම නැතිකරල රැඩිකල් දක්ෂිණාංශිකයන් යලි අරගලයේ සිටි වාමාංශිකයන් සහ කල්ට් එක්ක එකතු කරන්න පුලුවන් තැනක් හදන්න, අවස්තාවක් දෙන්න රනිල් වික්‍රමසිංහට නරක හීනෙකින්වත් හිතෙන්නෙ නෑ. ඒනිසා මේක රනිල්ගෙ script එකක් වෙන්නම බෑ

හැබැයි මේක script එකක්."

 

UNPයේ අභ්‍යන්තර ලිබරල් සංවාදයේ සාමාජිකයෙකු ලෙස වරුණ විසින් මේ ඉදිරිපත්කොට ඇත්තේ UNPයේ සැබෑ අවශ්‍යතාවයයි. අප මේ පිළිබඳව කොතෙකුත් ලියා ඇත (http://www.spartacus.lk/).

වරුණ මේ පවසා සිටින්නේ UNPට ඇති සැබෑ අභියෝගය පිලිබඳවය ("මේ වෙලාවෙ ආන්ඩුවට තියන ලොකුම අභියෝගෙ ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම,"). මෙම අභියෝගය ජය ගැනීමට නම්

භාෂණයේ නිදහස

ජාතික ප්‍රශ්නය

Lgbt ප්‍රශ්නය...(සැබවින්ම LGBTIQ+) වැනි දේවල් ලිබරල් මූලධර්ම ලෙස පිළිගන්නා බවත්, එසේම ඒවාට ඇති බාධක ජයගත යුතු බවත්, UNPයේ අභ්‍යන්තරය පිළිගෙන ඇති බව වරුණ විසින් තහවුරු කරයි. නමුත් මෙහිදී වරුණ අවධාරණය කිරීමට උත්සාහ දරනුයේ එවැනි ලිබරල් ස්ථාවරයක සිටිනා UNPය කිසි විටකත් එකී ලිබරල් මූලධර්ම උල්ලංඝනය නොකරන බවයි. එනම් ඊට අනුව නතාෂා අත්අඩංගුවට ගැනීම වැනි දේ ද සිදුවිය නොහැකිය. ඔව්, එය සැබෑවකි. නතාෂාට අත්අඩංගුවට පත්වීමට සිදුවන්නේ භාෂණයේ නිදහස නොමැති නිසාය. ඒ අනුව UNPයට ඒ වෙනුවෙන් පෙනී සිටිය හැකි අතර ඉදිරියේදී භාෂණයේ නිදහස සාක්ෂාත් වන සමාජයක් (සැබවින්ම ධනවාදයට අවශ්‍ය භාෂණයේ නිදහස) ගොඩනැගීමට කටයුතු කල හැකිය. අපද පවසා ඇත්තේ එම සත්‍යයයි. ඒ අනුව ඒ පිළිබඳව වැඩි පල්හෑලි අවශ්‍ය නැත.

 

"Homosexuals are talked about. Homosexuals are cared for. Homosexuals are not cured, and the most extraordinary thing, is that they are not cured, despite the fact that they are absolutely curable." Lacan

 

ඉන් පසුව වරුණ විසින් පවසා සිටිනුයේ අරගලයේ එකට සිට වෙන් වී රනිල්ට සහාය දෙන දක්ෂිනාංශිකන් සහ වාමාංශිකන් නැවත එකතු කිරීමට රනිල්ට අවශ්‍ය නොවන බවයි. එයද සැබෑවකි. අපද "ගෝල්ෆේස් අරගලය" පිළිබඳව දිගින් දිගටම ප්‍රකාශ කරන ලද්දේ එම අරගලය යනු ලාංකීය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් බවත්, ධනවාදය වඩාත් හොඳින් ඉල්ලා සිටි ප්‍රථම ලාංකීය අරගලය එය බවත්ය. වාමාංශිකයන් දක්ෂිනාංශිකයින්ට වඩා සක්‍රිය ලෙස ඊට දායක විය. වාමාංශිකයන් සහ දක්ෂිණාංශිකයන් නැවත අරගලයකට එක්කොට ගැනීමට රනිල්ට අවශ්‍ය නොවුනද ලිබරල් සංවාදය සඳහා එක්කොට ගැනීම රනිල්ගේ අරමුනයි. එය මුලින්ම ආරම්භ කරන ලද්දේ මංගල සමරවීර විසිනි. ඊට අදාළ ප්‍රධාන මෙහෙයුම දියත් කරන ලද්දේ X කණ්ඩායම විසිනි (වරුණ පවා පෙසපේ සිට UNPය කරා හෙයියන් මාරුවීමට බලපෑවේ ඔහු පෙසපේ සිටියේදී X කණ්ඩායම සමග පැවැත්වූ රහස් සම්බන්ධයි). දීප්ති ඇතුළු මංගලගේ බැලයින් දැන් සිටිනුයේ රනිල්ගේ තුරුලේය.

 

"capitalism is not perversion, but it demands perversion from its subjects. In other words, capitalism demands that subjects enjoy exploitation and thereby abandon their position as subjects." Lacan

 

අද දවසේ වාමාංශික සංවාදය ව්‍යාප්ත වන්නේ විමුක්තිකාමී දිශානතියක් කෙරෙහි නොව ධනවාදය විසින් ගොඩනගන විපරීතභාවයන් සියල්ල වෙනුවෙන් පෙනීසිටීම, තව තවත් විපරීතභාවයට පත්වීම ඉල්ලා සිටීම, සහ විපරීත ආත්මීයත්වයන්ගේ සියලු අවශ්‍යතා, ඉල්ලීම්, අයිතිවාසිකම් ලෙස සලකමින් ඒවා සඳහා අරගල කිරීම වෙනුවෙනි. ධනවාදයේ අවශ්‍යතාවය වන්නේ ද එයයි. ධනවාදයට අවශ්‍ය ප්‍රධාන කරණය වන්නේ එහි ආත්මීයත්වයන් සූරාකෑම ප්‍රමෝදයෙන් යුතුව අත්විඳිමයි. රනිල් විසින් සංවිධානය කිරීමට උත්සාහ දරනුයේ එයයි (ප්‍රමෝදමත් සමාජය). අප දිගින් දිගටම ප්‍රකාශ කරන පරිදි වාමාංශික සහාය ඊට නොමදව හිමි වේ...

 

එනම්:

සංස්කෘතික වම්මුන් ලිබරල්වාදීන් සමග අත්වැල් බැඳගන්නා ක්ෂේත්‍රය,

ජනතාවට සැප මදි බව කියන ජවිපෙ-පෙරටුගාමී මෝඩ වාමාංශය,

ජාතික ප්‍රශ්නය වැළඳගෙන ඇති ට්‍රොස්කිවාදී සම්භවයක් සහිත තකතීරු වාමාංශය,

සින්දු කියන අරගලකරුවන්-ගෝල්ෆේස් විශ්ව විද්‍යාලයේ ප්‍රමුඛයින් වැනි විදග්ධ වාමාංශය,

යන සියලු වාමාංශික කොටස් විවිධාකාරයෙන් සහාය දක්වමින් සිටිනුයේ UNPයටය. මෙය ලංකාවට පමණක් සුවිශේෂී තත්වයක් නොවන බව ද අවධාරණය කල යුතුව ඇත.

 

@Spartacus Lipi