SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ මොහොතේ ලංකාවේ දේශපාලනය නැවත වරක් ජාතිකවාදී කඳවුරේ න්‍යායපත්‍රයට අනුව කරකවන්නට  රාජපක්ෂවාදීන්  පියවර ගනිමින් සිටින බව නොරහසකි.

පසුගිය දිනවල ඒ වෙනුවෙන් විශාල මුදලක් යොදවමින් විශාල ආගමික කළබැගෑනියක් නිර්මාණය කිරීමට රාජපක්ෂ කඳවුර පියවර ගැනීම දේශීයව මෙන්ම විදේශීය සහයෝගයන් මත ක්‍රියාත්මක වන බවට ද කරුණු හෙළිදරව් වෙමින් පවතී.

 

අද දින පාහියන්ගල ආනන්ද සාගර හිමි ඇතුළු පිරිසක් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරමින් ඉල්ලා සිටින්නේ රාජපක්ෂවාදී  ජාතිකවාදී කඳවුර විසින් පසුගිය දිනවල ජෙරම් සිදුවීම මෙන්ම ඊයෙ දින සිදුවූ නතාශා සිදුවීමද මෙම මෙහෙයුමට අනුව ආගමික විරෝධයක් ලෙස උස්සා ගෙන යන වැඩසටහනක් බවය. මේ දෙදෙනා විසින් සිදුකළ ක්‍රියාවන්  ආගමික කළබගෑනියක් දක්වා වර්ධනය කළෝ රාජපක්ෂවාදී ජාතිකවාදී ව්‍යාපෘතිය විසින් බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ.

මේ සිදුවීම් හරහා ගොඩනැගෙන ආගම් මුවාවෙන් සිදුකෙරෙන දේශපාලන බල මෙහෙයුම පිළිබඳව සිතා බලා ආගමික සංහිඳියාව ඇතිකිරීමට පියවර ගන්නා ලෙස  ආනන්ද සංගර හිමි කළ ඉල්ලීමේ සඳහන් බවයි පැවසෙන්නේ.

 

‌මේ නාටකයේම කොටසක් ලෙස නුදුරේදීම රාජාංගනේ හිමියන් ද අත්අඩංගුවට පත්වීමට නියමිත බවත් පැවසෙන අතර මෙම සිදුවීම් පිටුපස අසල්වැසි බලවත් රටක් ද සිටින බවටත් එකී දේශපාලන ආරංචිමාර්ග  සඳහන් කරයි.

 ළි@slleader.lk