SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඔබට කාව වත් විශ්වාස  කරන්න බැරි තරමට ලංකාවේ මිනිස්සු අමුතුයි.

අවංක කම නම් ඉතින් කළු නික වලටත් වඩා දුෂ්කරයි.රැඩිකල් කියන්නේ ලංකාවේ ඉවක් බවක් නැති වීමක්..අරගලය තුළත් අපි දැකපු දේවල්..අරමුණකට යමු..කියලා යෝජනා වුණාම ගොඩාක් දෙනෙක් සිහින දැක්කා..ඔවු අන්තිමේ වෙච්ච දේට සාක්ෂි සමාජයේ ඕනෑතරම්.

අපිට සටන් ඉදිරියට ගෙනි යන්න පුරවැසියෝ නැහැ.ගේම් කාරයෝ විතරයි ඉන්නේ.සටන් අල වෙනවා..රැඩිකල් ආතල් එකෙන්.බුධ්දිමත් සටනක්..කරන්න පිරිස් බලය නැහැ.

 

නතාෂා එදිරිසුරිය සිදුහත්ගේ උපත විවේචනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට අරන්.කට්ටිය මයික්‍රෆෝන පලමින් සෑහෙන කාලයක් තිස්සේ මේ ආගමික උමතුව කුළු ගන්වාගෙන ආවා.කට්ටියක් හිතුවා රැඩිකල් කියන්නේ කාටහරි බනින එක විවේචනය කරන එක කියලා.මට හිතෙන්නේ නතාෂා ලණුවක් කන්න ඇති කියලා.මොකද අවුරුදු 2500 කට එහා වෙච්ච උපතක දරුවෙක් අරන් දැන් ඉන්න දරුවෝ එක්ක සංසන්දනය කිරීම අභව්‍යයි.ප්‍රාථමිකයි.මේ කුළු ගැන්වීම අපි බොහෝ තැන්වල දැක්කා.අරගලයේදීත් දැක්කා..බුදු පිළිම කළු වලින් ඇඳලා ඒක කලාව කියලා ,රැඩිකල් කලාව කියලා පිළිගන්න අපිට බලකරපු අය හිටියා. ඒ වගේ දේවල විකාශනය අපි සන්සුන්ව බලා හිටියා.ඔවු දැන් අපි 2019 ට එහා ලෝකයට ඇවිත් සතුටුයි ද දැන්?

 

කොහොම හරි ජෙරම්ට වැඩිය නතාෂා කෙරෙහි විරෝධය ඇවිත්..නතාෂා සුද්දෝදන අල්ලාගෙන රටේ සුද්දෝදනලගේ පුතාලා වන චීචිව වත් උපහාසයට ගත්තා නම්..අද කාලේට ගැලපෙනවා..ලංකාව විහිළුවක්..ලංකාවේ වෙන්නෙම විහිළු.මේක මේ වෙමින් යන සිද්ධි වලට අනුව කීයටවත් කෙනෙකුට අවධානමක් නැතිව කරන්න ගත්ත විහිළුවක් නෙවෙයි.මොකද රටේ හැටියට..කුළු ගන්වාගෙන ආපු දෙය අනුව ලංකාව ආයෙත් ඉන්නේ 2019 මුල් භාගයේ මිත්‍රවරුනි.අපිට කියන්න තියෙන්නේ..ලංකාව සල්ලි නැති රටක් හැටියට භාණ්ඩ හුවමාරු වෙන රටක් හැටියට තිබුණා නම්..මේ දේවල් වෙන්නේ නැහැ. මොකද සල්ලි සෑහෙන කාර්ය භාරයක් කරන රටක් තමයි ලංකාව.

 

රැඩිකල් කියන්නේ මිනිසුන්ගේ විශ්වාසයන්ට ගහන එක නෙවෙයි.මිනිසුන්ගේ ලිංගිකත්වයට ගහන එක නෙවෙයි.හැබැයි ඔය කියන අභිමානය දැන් රැඩිකල් හෝදාගෙන ඉවරයි.කට්ටිය ගැහැනියක් නිසා දවසින් ෆෝරම් වෙලා පහර දුන්නා..ජෙරම්ගෙන් අවධානය ගියා.ඔය සිද්ධි දෙකම මට නම් මෝඩ ආතල් දෙකක්..ඒ මෝඩ ආතල් ගන්න කැමති පිරිසකට දීපු දෙයක්..ඒවා අහන්න කැමති මිනිස්සු ගිහින් අහගෙන ඉඳලා ඇවිත්.´ පාඩුවේ හිටපු දෙන්.රටේ අනිත් මිනිස්සු ඇවිස්සීම අරමුණ නම්.. ඒ වගේ දේකට ඇවිස්සෙන පිරිසකුත් කලින්ම සුදානම් වෙනවා.

මිනිස්සු කාටහරි බනින්නේ ඇයි කියලා ඔබ හිතලා බලනවද? බණින හේතුව ගොඩාක් විට බැණුම් වලට ලක්වෙන කෙනාට ,එයාගේ ලයිෆ් පැෂන් එකට,සාර්ථකත්වයට ඇති ඊර්ෂ්‍යාව.ඒ වගේ වෙන්නට බැරිකම හා අනෙකාගේ එලිය ඉවසීමට නොහැකි කම.

අද සමජමාධ්‍ය, යු ටියුබ් මාධ්‍ය තුල තියෙන ෆෑන් බේස් එක සම්පුර්නම ඒ මාධ්‍ය වේදියෝ බණින්නේ කාටද කියන එක මත තමයි තීරණය වෙන්නේ. එම නලිකාලා ආගම්,පුද්ගලයන් ඉලක්ක කරගෙන තමයි තමන්ගේ මාධ්‍යකරණය කලේ. ආගම ඇවිස්සීමේ වරද...අපි හැමදාම මේ වරද කරගත්තා..මේ සැරෙත් කරගත්තා..රැඩිකල් කියන ගොන් ආතල් එක ගන්න කලින්..කාටද කැම්පේන් එක ඇදලා දෙන්නේ කියන එක ගැන අවබෝධයෙන් ඉන්න..මොකද තමන් රැඩිකල් වුණාට වැඩක් නැහැ තමන් කාවද උස්සන්නේ කියලා තමන්ටවත් තේරෙන්නේ නැති නම්.

 

@Subhashini Wipfler