SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

? VIP පර්යන්තයෙන් යන සියලු බෑග් හා ශරීර චෙක් කරන්න - රනිල් ගෙන් තවත් වැඩක්.
? ජනපතිගේ සිංගපූ හා ජපන් චාරිකා හරහා රටට ලැබුණු යමක් වේද....?

? ලංකාවට දුන් මොනො රේල්ලුව නැවැත්වීම ගැන රනිල්ගෙන් ජපානයට කනගාටුව.
? රනිල් හා සාගල ජපානයේ සිට දියත් කල මෙහෙයුම....?
? නවීන්ට බාලගිරි.....දයා ගමගේට...?

ජනපති රනිල් දෙවන වරටත් මෙරටට විශාලම උදව් කල ජපානයට ගියේ අත්‍යවශ්‍ය කිහිප දෙනෙකු සමගය.එහි යාමට පෙර මෙරට ඛනිජ තෙල් ක්ෂ්‍රේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුල් පියවරක් ලෙස චීනයේ ප්‍රමුඛම සමාගම සමඟ ගිවිසුම ගසාය. ජපන් යන අතරේ සිංගප්පූරුවේ නැවතී ස්වදේශ ඇමති හා ප්‍රබලයන් සමග ද සාකච්ඡා කලහ.


ජපානයේදී හිටපු අගමැතිවරු හා වත්මන් අගමැති මෙන්ම විදේශ , මුදල් හා ඩිජිටල් ඇමතිලා සමග ද සාකච්ඡා කලහ.දශම පොලීයකට ඔවුන් ලංකාවට දුන් මොනෝ රේල්ලුව ගෝටාභය විසින් අවලංගු කිරීම ගැන පෑරී තිබූ ජපන් හිත් සුවපත් කරන්නට ද රනිල් වෙහෙස වූහ. "ආයෝජන හිතුමතයට අවලංගු කල නොහැකි නීති ගේනවා . ජනපතී කීය."ආසියාවේ අනාගතය" සමුළුවේ ප්‍රධාන දේශනයකට ද එක්වූ ජනපති රටට ප්‍රතිලාභ ගෙනෙන දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය. වියට්නාම නි: අගමැති හා ද්විපාර්ශවික කතාබහක් සිදුවිය. සිය ගණනක් එක්වූ ආයෝජක රැස්වීමක් ද තිබිණ.


ආණ්ඩුවට සහාය දෙන අයෙකු රත්තරන් හා පෝන් තොග සමග රේගුවට මාට්ටු වූයේ ඒ අතරය.ජනපතිට ද පණිවිඩය ගියේය.


"නීතියට ඉඩදීල වැඩ කරන්න. මේ රට බංකොලොත් වුණේ මෙහෙම වැඩ නිසයි" රනිල් කීවේ එවැන්නකි.


එහෙත් ආණ්ඩුව පැත්තෙන්ක්‍රියාත්මක වූයේ වෙනත් එකකි. මෙවැනි දූෂණයකදී අසුවූ භාණ්ඩ මෙන් තුන්ගුණයක දඩ ගසා නිදහස් කල යුතු වුවද 10% ක දඩයක් ගසා මන්ත්‍රී පසුදා පාර්ලිමේන්තුද පැමිණ ආණ්ඩුවට එරෙහිව ඡන්දය දුන්නේ සැලසුම් කල නාට්‍යයක් අනුවබව විපක්ෂයේ චෝදනාව විය. එහෙත් ජපන් ගිණියම මැද වුවද රනිල් ටයිපටිකාර හා රාජ්‍ය තාන්ත්‍රික හොරුන්ට වැට බදින ඓතිහාසික තීන්දුවක් ගත්තේය. එනම් VIP පර්යන්තයෙන් යන හා එන එවුන් රටේ කුමන තරාතිරමේ පොරවල් වුවද ඒ සියලු දෙනාගේ ගමන් මළු හා ශරීර පරීක්ෂා කිරීම අනිවාර්ය කිරීම එම තීන්දුවය.


"මෑතක ගැසූ ලොකුම දඩය රේගුව ඔහුගෙන් ගත්තා" මුදල් නි: ඇමති සියඹලාපිටිය කීවේය.
"හොර මන්ත්‍රියා ජනමාධ්‍යට කීවේ රටේ මිනිස්සු ගොන්නු යයි හිතන හතර බීරි කතාවක්" බව රටතුළ පවතින මතය වේ.


ආණ්ඩුව මේ සතියේ සබන් ගා නාපු ඊලග මෙහෙයුම උපයෝගතා සභාපති ගෙදර යැවීමේ යෝජනාව සමිමත කරගැනීමය. ඊට ඡන්ද 123 ක් ලැබීම විශේෂයකි. එම මෙහෙයුම සදහා ජනපති ජපානයේ සිටම සක්‍රිය දායකත්වයක් දැරීය. අගසවු සාගල ඉටුකල වැඩ කොටස ද සුළුපටු නොවේ.


" ජනතාවගේ පැත්ත ගන්නවා කියා ඒ සභාපති කළේ දේශපාලන ගේමක්.ආණ්ඩුවේ තීන්දු වලට අභියෝග කරමින් ආණ්ඩුවේ තනතුරු දරන්න බෑ" ආණ්ඩුවේ විග්‍රහය එය විය. දැනටත් රනිල්ගේ කරඋඩ සිටින හොදම ඇමති පුතා බවට පත්ව ඇති කාංචන මෙම මෙහෙයුමත් සමඟ රනිල්ගේ ඔළුව උඩටම නැග්ගේය. එහෙත් ඔළුව උඩම ඉන්න එකාට ඔළුව ගැලවීම වඩාත් ලේසි බව රනිල් නොදන්නවා විය නොහැක.


ආණ්ඩුකාරකම් වලදී නවීන් බාලගිරි දෝෂයේ බිල්ලක්වී තිබේ. රංගේ එම තනතුර එපා කියයි. දයා ගමගේ එම සටනින් අවුට්දැයි දන්නේ රනිල් පමණි. එහෙත් කෝටි දහස් ගණනක් බොල් ණය ලෙස කපාහැරි බවත් දයා එම ලැයිස්තුවේ සිටි බවත් සමාජ මාධ්‍යවල පළවිය.


"එවැනි කිසිදු කපාහැරීමක් කළේ නෑ" සියඹලයා කීවේ පච ටොන් ගණන් හැලෙන තැනේදීය එහෙත් ඊට පෙර දයා ගමගේ ද එම චෝදනාව පුතික්ෂේප කොට තිබිණ..

 

@ Ashoka Jayatunga