SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තරුණයින් සදහා නායකත්ව පුහුණුව සමගින් දේශපාලන ඇකඩමියක් ආරම්භ කිරීමට සැළසුම් කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව පැවසේ.

තරුණයින්ව දේශපාලනය සඳහා පාවිච්චි කරන යුගය අවසන් කර ඔවුන් අලුත් මාවතකට ගෙන යාමේ ක්‍රමවේදයක් සකස් කිරීම මෙහි මූලික අභිප්‍රාය බවයි ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ට උපදේශක සුදත් චන්ද්‍රසේකර විසින් කියා ඇත්තේ.

අද මැයි (26) ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී තරුණයින්ට සුදුසු තැන දේශපාලනඥයින් ගෙන් තොරව ලබා දීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව මෙහි දී සාකච්ඡා වී ඇත.

ආරංචි මාර්ග කියාසිටින්නේ එය ජනාධිපති වික්‍රමසිංහගේ උපදෙස් මත ආරම්භ වන්නක් බවයි.

 

ලංකා ඉතිහාසයේ සෑම තරුණ නැගිටීමකින් පසු  මෙවැනි තරුණ වැඩසටහන් ක්‍රියාත්මක වූ අතර කාලය විසින් ඒවා අවස්ථාවාදී දේශපාලනයේ ගොදුරු බවට පත්වීම නොවැලැක්විය හැකි විය.

මෙවර පසු වැරදි පිළිබඳ අවදානයක් යොමු කරමින් පක්ෂ දේශපාලන නැඹුරුතාවන්ගෙන් තොරව මෙම තරුණ වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බවට උපදෙස් දී ඇති බවයි සුදත් චන්ද්‍රසේකර සමග අප කළ විමසීමකදී පවසන ලද්දේ.  

 

මෙම සාකච්ඡාවේදී පසුගිය කාල වකවානුවේ විශේෂයෙන්ම රාජපක්ෂ පාලන කාලය තුළ ජාතික තරුණ සේවා සභාව දේශපාලඥයින්ගේ වැඩ වලට යොදා ගැනීමේ අනිටු ඵල විපාක ද මෙ‌හිදී  සාකච්ඡා වී ඇත. තරුණයා දේශපාලනයෙන් මුදවාගෙන ස්වාධීනව සිතිමේ ශක්තිය ඇති පිරිසක් බවට පත් කිරීමේ වගකීම හා  ඒ සදහා සැළසුම්කර ඇති වැඩසටහන් ක්‍රියාත්මක කිරිම ජාතික තරුණ සේවා සභාවේ  මූලිකත්වයෙන් සිදු කළ යුතු බවද මෙහි දී සාකච්ඡා වී ඇත.

ඒ අනුව තරුණයින් සඳහා නායකත්ව පුහුණුව සමගින් දේශපාලන ඇකඩමියක් ආරම්භ කිරීම පිළිබදව අවධානය යොමු ව ඇති අතර, ජාත්‍යන්තරයේ සිට ගම දක්වා ම තරුණ සේවා සභාවේ සේවාවන් පුළුල් කිරීමට නව ක්‍රමවේදයන් සකස් කළ යුතු බව ද සඳහන් ය.

 

මූලික අදියරේ දී තරුණ තරුණියන් ලක්ෂ 15 ක් බඳවාගෙන ඔවුන්ගේ අනාගතය ගොඩ නැගීමේ කටයුතු කඩිනමින් සකස් කර ජාතික තරුණ සේවා සභාව හරහා ක්‍රියාත්මක කළ යුතු බව මෙම සාකච්ඡාවේ දි අනාවරණය කර ඇත.

 

මෙම සාකච්ඡාව සදහා යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ උපදේශක සුදත් චන්ද්‍රසේකර, ජනාධිපති තරුණ කටයුතු අධ්‍යක්ෂ රන්දුල අබේවීර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති පසිදු ගුණරත්න, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් විජිතා බස්නායක, අධ්‍යක්ෂ (සැළසුම්) මදුකා එස්.චන්ද්‍රමාලි, මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හා ගෘහ නිර්මාණ ශිල්පී ඩෙනිස් ප්‍රනාන්දු, රංගන ශිලපී හා ප්‍රචාරක නියෝජිත කුමාර ජයකාන්ත ඊට සහභාගී වී ඇත.

 

කෙසේ වුවත් මෙය තවත් ඡන්ද උගුලක් පමණක් වනු ඇති බවට වන අදහස තුරන් කිරීමට නම් මේ සඳහා ඡන්දය ඉලක්ක කරගත් දේශපාලන අධිකාරියේ සහභාගීත්වය ඉවත් කළ යුතුව ඇත.