SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Daily mirror පුවත්පතේ මාධ්‍යවේදිනී ඡමිලා හුසේන් Why is GR’s staff still heading a unit at President’s Office? ලෙස  පසුගියදා ලිපියක් පලකර ඇත.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තම ධුරයෙන් ඉල්ලා අස්වී රනිල් වික්‍රමසිංහට ජනාධිපති වීමේ අවස්ථාව සලසා දී දැන් වසරකට ආසන්න වෙමින් තිබේ.

මේ අතර කාලය තුළ හිටපු ජනාධිපති ගෝටාගේ පෞද්ගලික ලේකම් වු සූගීෂ්වර බණ්ඩාර තවමත් ජනාධිපති කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති ඒකකයේ ප්‍රධානියා ලෙස රජයෙන් වැටුප් ලැබීම ඇය විසින් ප්‍රශ්න  කර ඇති අතර ඉල්ලා අස්වූ ජනාධිපතිවරයෙක්ට ලබාදී ඇති වරප්‍රසාධ සම්බන්ධයෙන්ද ප්‍රශ්න කර ඇත.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ට උපදේශකවරයෙක් වූ එරන්ද ගිනිගේ “ඡමිලාගේ වෛරය” ලෙස දක්වමින් ගෝඨාභය ජනාධිපතිවරයා අරගලය සම්බන්ධව 88/89 වැනි ලේ වැගිරීමකින් තොරව ක්‍රියා කළ ආකාරය හෙළිදරව් කර ලියා ඇත.

 

GOTAA1

 

ඔහු කියන්නේ,

“ජමීලාට මතක් කර දිය යුත්තේ ඔබට සහ ඔබේ පවුලේ සාමාජිකයන්ට අද ඔය ආකාරයෙන් කොළඹට වී සුවපහසු ආරක්‍ෂිත ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා නිසා බවයි. ඔබට සහ ඔබේ ඉංග්‍රීසි කතා කරන අහංකාර සමාජයට ප්‍රශ්නයක් වී තිබෙන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශ්‍රාම වැටුප ගැන වෛරී ප්‍රකාශ කරන්නට ඔබට හැකි වී තිබෙන්නේ මෙරට තිස් වසරක් පුරා පැවති බිහිසුණු යුද්ධය අවසන් කළ නිසා බව ඔබ මතක තබා ගන්න. ඔබ වෛර කරන්නේ ඔබේ ගැලවුම්කාරයට බව ඔබ මතක තබාගන්න. එහෙව් මිනිසෙකුට ලබා දෙන වරප්‍රසාද ගැන ප්‍රශ්න කිරීමට තරම් පහත් අඩියකට වැටෙන්නට එපාය කියා මම ඔබට කියමි.”

එසේම ගිනිගේ කියා ඇත්තේ වෛරයේ ගිනි දළු නිවෙමින් පවතින මෙවන් මොහොතක දැන් නැවතත් එම ද්වේශ සහගත මාධ්‍ය ව්‍යාපෘතිය පටන් ගෙන තිබෙන බවය.

“ජමීලා හුසේන් නමැති අය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන විශ්‍රාම වැටුප ගැන මතක් කරමින් ඉතාම පහත් නින්දිත වෛරී ලිපියක් ඉංග්‍රීසියෙන් ලියා පළ කර ඇත. එයින් ඇය අපේක්ෂා කරන්නේ නැවත වාරයක් ඇයගේ කෲර සමාජය තුළ වෛරය වැපිරවීමයි. රට තුළ සාමය සහ ආරක්ෂාව තහවුරු වීම නිසා නැවතත් සංචාරකයන් පැමිණෙමින් තිබේ. අරගලය විසින් බංකොලොත් කළ රටේ ආර්ථිකය නැවත යම්තම් හිස ඔසවමින් තිබේ”

ගිනිගේ ප්‍රශ්න කරන්නේ,  ජමීලා හුසේන් වැනි අය මේ කරන්න හදන්නේ නැවතත් රට අරාජික කර අස්ථාවර කිරීමටද? යන්නයි.

කෙසේ වුවද මෙම ලිපිය පාදක වන කරුණු කෙසේ වුවද මෙම චෝදනාව ගෙන ඒම පසුපස මේ ආණ්ඩුවේම හස්තයක් ක්‍රියාත්මක වීමය. ගිනිගේලාට නොතේරුනාට එය බළලුන් ලවා කොස් ඇට බෑවීමක් වන්නේ ඒ නිසාය.

 

හිටපු ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ට උපදේශක එරන්ද ගිනිගේ ගේ ලිපිය පහත පළ‌කෙරේ.

 

GOTAA2

 

ජමීලාගේ වෛරය - එරන්ද ගිනිගේ

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉලක්ක කර ඉතාම පිළිකුල් සහගත ලෙස වෛරය වැපිරවීම සිදු කළේ මෙරට ජනමාධ්‍ය යැයි කියාගන්නා ව්‍යාපාර සහ ඒවායේ කුලී ලියන්නන් සහ කියවන්නන් විසිනි. අසත්‍ය කරුණු මත පදනම්ව වගකීම් විරහිත ලෙස නොනවත්වා සිදු කරන එවැනි ද්වේශ සහගත ප්‍රකාශයන් නිසා සමාජය තුළ දැඩි වෛරයක් ගොඩ නැගේ. ම්ලේච්ඡ අරගලයට අවශ්‍ය කළ වෛරය නිර්මාණය කළේ එහෙමය.

අරගලයට පණ පෙවූ දෙස් විදෙස් බලවේගයන්ට අවශ්‍ය වූයේ මහින්ද සහ ගෝඨාභය ගෙදර යැවීම නොවේ. ඔවුන්ට අවශ්‍ය වූයේ මහින්ද සහ ගෝඨාභය නම් වන සිංහල බෞද්ධ නායකයන් ම්ලේච්ඡ අරගලකරුවන් අතින් සාහසික ලෙස ඝාතනය කරනු දැකීමටය. මැයි 9 වැනිදා මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට අවිගත් මාරක අරගලකරුවන් අගමැති නිල නිවස වට කර පහර දුන් හැටි අපට මතකය. එමෙන්ම ජූලි 9 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට එම සාහසික අරගලකරුවන් ජනපති නිල නිවසට කඩා වැදී වියරුවෙන් හැසිරුණු හැටිද අපට මතකය. ඒවා ලක් ඉතිහාසයේ මැකිය නොහැකි කළු පැල්ලම්ය.

 

GOTAA3

 

88-89 වැනි තවත් මානව ඛේදවාචකයක් ඇති කිරීම අරගලයේ සැලසුම්කරුවන්ගේ #අරමුණ වූ බව අපට පැහැදිලිය. රට පුරා ගෙවල් දොරවල් ව්‍යාපාර ස්ථාන යාන වාහන ගිනි තබමින් පොහොට්ටුවේ සාමාජිකයන් සොය සොයා මර්දනය කළ ආකාරය අපට මතකය. ඊළඟට එන්නට තිබුණේ ටයර් සෑයවල් සහ ගංගා දිගේ පාවෙන මළමිනීය. නමුත් එවැනි මහා විනාශයක් ඇති වීම වළක්වා ගැනීමට ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ ජන නායකයන් සමත් විය. ඒ ඔවුන්ගේ කරුණාව, ඉවසීම සහ දුරදක්නා නුවණ නිසාය.

වෛරයේ ගිනි දළු නිවෙමින් පවතින මෙවන් මොහොතක දැන් නැවතත් එම ද්වේශ සහගත මාධ්‍ය ව්‍යාපෘතිය පටන් ගෙන තිබෙන බව පෙනේ. ජමීලා හුසේන් නමැති අය විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන විශ්‍රාම වැටුප ගැන මතක් කරමින් ඉතාම පහත් නින්දිත වෛරී ලිපියක් ඉංග්‍රීසියෙන් ලියා පළ කර ඇත. එයින් ඇය අපේක්ෂා කරන්නේ නැවත වාරයක් ඇයගේ කෲර සමාජය තුළ වෛරය වැපිරවීමයි. රට තුළ සාමය සහ ආරක්ෂාව තහවුරු වීම නිසා නැවතත් සංචාරකයන් පැමිණෙමින් තිබේ. අරගලය විසින් බංකොලොත් කළ රටේ ආර්ථිකය නැවත යම්තම් හිස ඔසවමින් තිබේ. ජමීලා හුසේන් වැනි අය මේ කරන්න හදන්නේ නැවතත් රට අරාජික කර අස්ථාවර කිරීමටද?

ජමීලාට මතක් කර දිය යුත්තේ ඔබට සහ ඔබේ පවුලේ සාමාජිකයන්ට අද ඔය ආකාරයෙන් කොළඹට වී සුවපහසු ආරක්‍ෂිත ජීවිතයක් ගත කිරීමට හැකියාව ලැබී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා නිසා බවයි. ඔබට සහ ඔබේ ඉංග්‍රීසි කතා කරන අහංකාර සමාජයට ප්‍රශ්නයක් වී තිබෙන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශ්‍රාම වැටුප ගැන වෛරී ප්‍රකාශ කරන්නට ඔබට හැකි වී තිබෙන්නේ මෙරට තිස් වසරක් පුරා පැවති බිහිසුණු යුද්ධය අවසන් කළ නිසා බව ඔබ මතක තබා ගන්න. ඔබ වෛර කරන්නේ ඔබේ ගැලවුම්කාරයට බව ඔබ මතක තබාගන්න. එහෙව් මිනිසෙකුට ලබා දෙන වරප්‍රසාද ගැන ප්‍රශ්න කිරීමට තරම් පහත් අඩියකට වැටෙන්නට එපාය කියා මම ඔබට කියමි.

වෙනත් කිසිවෙකුගේ විශ්‍රාම වැටුප ගැන ප්‍රශ්න නොකර, ගෝඨාභය රාජපක්ෂ මහතාවම පමණක් ඉලක්ක කර සදාචාර විරෝධී ලෙස ජමීලා හුසේන් සිය සුපුරුදු බාල බසින් ලිපියක් ලියන්නේ ගෝඨාභය මහතාගේ ජීවිතයට නැවතත් මරණ තර්ජනයක් කිරීමටද යන්න අප විසින් ඇසිය යුතුය. ගෝඨාභය මහතාට සැබැවින්ම තවත් ආරක්ෂාව සැපයිය යුත්තේ ජමිලා වැන්නවුන් සිදුකරන මෙවැනි තර්ජනකාරී වෛරය වැපිරවීම් නිසාය. 

 

GOTAA4

 

ජමීලා කරන්නේ සාධාරණ සදාචාරාත්මක මාධ්‍යකරණයක් නොවේ. ඇය කරන්නේ ඇයගේ සිංහල-බෞද්ධ විරෝධී පාඨක සමාජයට අවශ්‍ය ද්වේශ සහගත කුණු රසය සැපයීමක් පමණී. එක පැත්තකින් ජෙරොම් විසින් බෞද්ධයන් කුපිත කරවා ආගමික ගැටුමක් ඇති කිරීමට උත්සාහ කරයි. එම උත්සාහය රාජපක්ෂලා පිට පැටවීමට අරගලකරුවන් වහාම උත්සාහ දරයි. එවිටම ජමිලා අපගේ සිංහල බෞද්ධ නායකයා ඉලක්ක කර වෛරය වපුරවයි. මේවා අහඹු සිදුවීම්ද? ජමීලා හුසේන්ගෙන් මේ එළිදරව් වෙන්නේ ආගමික අන්තවාදීන්ගේ ව්‍යාපෘතියක්ද? මෙවැනි ආගම්වාදී ජාතිවාදී වාර්තාකරුවන්ගේ වෛරී සහගත කුපිත කිරීම්වලින් මහජනතාව ප්‍රවේශම් විය යුතුය.

ජමීලා හුසේන්ගේ මාධ්‍ය ඉතිහාසය දෙස බැලීමේදී අපට පැහැදිලිව පෙනෙන දෙයක් වන්නේ ඇයට ගෝඨාභය රාජපක්ෂ මහතා සමග බද්ධ වෛරයක් තිබෙන බවයි. ඔහුවම ඉලක්ක කර අසත්‍ය සහ වෛරී ප්‍රකාශ ඇය විසින් දිගින් දිගටම සිදු කර ඇත. ඇයගේ මාධ්‍ය භාවිතයේ කිසිදු සමබර හෝ ගවේෂණාත්මක හෝ කරුණුමය හෝ තාර්කික හෝ වාර්තාකරණයක් දැකගත නොහැකිය. ජනමාධ්‍යකරුවෙක් ලෙස ඔබට පැවරී ඇති සදාචාරාත්මක සමාජ වගකීම මැනැවින් අවබෝධ කරගෙන සමාජයේ යහපත වෙනුවෙන් මාධ්‍යකරණය කරන්නට කියා කරුණාවෙන් උපදෙස් දෙමි. ධර්මය ඔබට මග වේවා!

 

@එරන්ද ගිනිගේ

2023 මැයි 26