SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ස්වාධීන කොමිසන් සභා පිහිටුවීම 2000 වර්ෂයේ සිට යෝජනා වී තිබුනත් ඒක දේශපාලන අරමුණක් කරගත්තේ 2015 යහපාලන ආණ්ඩුවයි.

19 ව්‍යවස්ථා සංශෝධනය හරහා ස්වාධින කොමිසන් සභා පිහිටුවලා බලාපොරොත්තු උනේ විනිවිධභාවයෙන් යුතු දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොරව පවත්වාගෙන ආයතන වශයෙන් මේවා පවත්වාගෙන යෑම.

ඒත් යහපාලන ආණ්ඩුව බිඳ වැටුනට පස්සෙ  රාජපක්ෂ රෙජීමය කළේ ටිකෙන් ටික මෙම ස්වාධීන කොමිසන් සභා විහිළුවක් බවට පත්කිරීම. ඒවායේ  ස්වාධීනත්වය වචනයක් විතරක් කරමින් තමන්ගෙ අවශ්‍යතා ක්‍රියාත්මක කරවිය හැකි පුද්ගලයින් ඒවාට පත්කලා.

ජනක රත්නායක කියන්නෙත් අන්න එහෙම පත්කරපු කෙනෙක්. ඊයේ ජනක රත්නායකව එලියට දාන්නෙත් තම අවශ්‍යතා ක්‍රියාවට නොනැගීම හේතුවෙන්. ඒ පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත කරගැනීමෙන්.

පුද්ගලයා කවරෙකු පත්කලත්, ගෙදර යවන කාරණය වැදගත් වන්නේ යැයි බොහෝ විරුද්ධ පක්ෂ සහ පුද්ගලයින් කෑ මොර දෙන්නේ ඉහත දැක්වූ “ස්වාධීන” වචනය සීරියස් අරගෙනයි.

වෙළඳපොල ක්‍රමය ඇතුලෙ කිසිම දෙයක් ”ස්වාධීන” නැතිවා වගේම  ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමය තුළ කිසිවක් ‘ප්‍රජාතන්ත්‍රීය’ ද නැති බව බොහෝ අයට පිලිගන්න අමාරු ඇති. ඒ නිසා එවන් උරුමයන් ඉල්ලා හඩා වැළපෙන විරුද්ධ පක්ෂ දේශපාලනඥයන් කෙසේ වෙතත් වමේ දේශපාලකයින් ගැන නම් ඇත්තේ හාස්‍යජනක තත්වයක්.

ඉතිං ඔවුන්ට දිය හැකි උණුසුම්ම ගොසිපය මෙයයි.

විදුලිබල ක්ෂේත්‍රයේ ගනු ලබන තීන්දු තීරණ නියාමනයන් ගැනීමට මහජනතාව වෙනුවෙන් යැයි පිහිටුවා ඇති ස්වාධීන බලයලත් ආයතනය ලෙස නම් කෙරී ඇත්තේ  මහජන උපයෝගිතා කොමිසමයි. එහිදී  ආරක්ෂිත හා විශ්වසනීය උපයෝගිතා සේවාවන් සාධාරණ මිල ගණන් යටතේ සැපයීම තහවුරුකිරීමෙහි නියාමන කාර්යභාරය ශ‍්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ඉටුකරන කාර්යභාරය ලෙස දක්වලත් තියෙනවා.

අප දැනගත් ඔිපාදූපය නම්, හෙටානිද්දාට මේ කොමිසමට පත්කිරීමට යනවා යැයි අපට එහෙන් මෙහෙන් ආරංචිය එන්නේ ඩග්ලස් නානායක්කාර නැමැත්තෙකු ගැන යි.මේවයේ ඇත්ත බොරු මොනවා උනත්  වැඩේ කියන්නේ ඩග්ලස් නානායක්කාර කියන්නේ කවුද කියන එක. හැබැයි ඔහු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අතිශය සමීප හිතවතෙකු බව නම් නොකියාම බෑ.

ඉතිං “ස්වාධීන” කොමිසන් සභා වෙනුවෙන් තවදුරටත් වැළපෙන්නේ මක්කටෙයි?