SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යටතේ ඇති සියළු ප්‍රාදේශීය සහ ප්‍රජා ගුවන් විදුලි සේවාවන් හි මෙහෙයුම් කටයුතු මැයි මස 31න් පසු අවසන් කිරීමට තීරණය කර ඇත.

එම සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මේ බව සියළු නාලිකා වෙත ඊයේ (23) ලිඛිතව දැනුම් දී ඇති බවයි. පවතින මුල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස මෙන්ම ගුවන් විදුලි සංස්ථාවේ වියදම් තවදුරටත් පාලනය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබෙනවා.

මෙලෙස මෙහෙයුම් කටයුතු නවතා දැමීමට සුදානම්ව ඇති ගුවන් විදුලි නාලිකා වන්නේ,

1.රජරට සේවය (කරගහතැන්න 107.3 MHz/90.1 MHz අනුරාධපුර )

2.රුහුණු සේවය (දෙනියාය 107.3 MHz/හපුතලේ 107.5 MHz)

3.කඳුරට සේවය (හන්තාන 90.1 MHz/හුන්නස්ගිරිය 107.5 MHz/රදැල්ල 107.5 MHz/හපුතලේ 107.3 MHz)

4.Yaal FM (90.1/102.1 MHz යාපනය )

5.Pirai FM (102.1 MHz හපුතලේ)

6.වයඹ රේඩියෝ (90.1 MHz යටියන්තොට)

7.දඹාන රේඩියෝ (95.4 MHz දඹාන)

 

මෙම තීරණය සම්බන්ධව රජරට සේවය සහ කඳුරට සේවයේ සිය විරෝධය පළකර තිබෙනවා. අදාල නාලීකා වසා දැමිමෙන් පසු නිත්‍ය සේවකයන් කොළඹට කැදවීමටත් කැමැත්ත මත වන්දි ලබාගෙන ඉවත්වීමටත් ක්‍රමවේදයක් සකස් කර ඇති බව ද වාර්තා වනවා.

 

එහිදී වසර 10කට වැඩි ස්ථිර සේවා කාලයක් හිමි සේවකයින්හට රුපියල් ලක්ෂ 18ක මුදලක වන්දි මුදලක් ලබාදීමට කටයුතු කර ඇත. කෙසේ හෝ වේවා ගුවන් විදුලිය පාඩු මතින් මෙම ගමන යන්නට වූයේ ගුවන්විදුලි බලපත්‍ර අහෝසි කිරීමත් මෙන්ම වත්තීමය සන්නිවේදකයින් බඳවා නොගනිමින් පත්වන සෑම ආණ්ඩුවක් විසින්ම දේශපාලන පත්කිරීම් වලින් ආයතනය පිරවීමත් මූලික කොට ගෙන බව විචාරක අදහසය.

 

පත්කිරීම් සහ උසස් කිරීම් සඳහා ඊට සුදුසු සේවක සංයුතියක් හෝ බඳවා ගැනීමේ පරිපාටියක් නොතිබුනු අතර එය සකස් වූයේ යහපාලන ආණ්ඩුව පැවති කාලයේ අවසන් අධියරේ බවත් ඒ නිසාම ඉන් පසු බලයට පත් රජයට තවදුරටත් අනවශ්‍ය පත්කිරීම් සිදු කරගැනීමට නොහැකි වූ බවත් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේම ආසියානු කලාපයේ ගුවන් විදුලි  සේවයක් සතු විශාල සම්පත් ප්‍රමාණයක් සමන්විත ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විනාශ මුඛයට කැඳවාගෙන යෑමට එම ආයතනයේ ක්‍රියාත්මක වෘත්තීය සමිති 11කට  ආසන්න සංඛ්‍යාවද විශාල කාර්යභාරයක් සිදු කර ඇති බව සඳහන්.

 

මුල් පුවත - nowshowing.lk